-
ප්‍රශ්නය - රාහුල සාමණේරයන් පැවිදි වූ අලුත ම දේශනා කළ සූත්‍රයකි “
අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය” එහි කියවෙන්නේ සත්‍ය ගරුක ජීවිතයේ
වටිනාකම ගැනයි. මෙම සූත්‍රයෙහි අන්තර්ගතය ( ඇතුළත ) පිළිබඳ ව යමක්
පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.12.24)
-
ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව හා මහා ප්‍රඥාව පිළිබඳ ව
කෙටි හැඳින්වීමක් කරන්න.
(බුදුසරණ 2011.12.02)
-
ප්‍රශ්නය - ලංකා ශාසන ඉතිහාසයෙහි ඉතා සුවිශේෂි පුවතක් වංශකතාවල මෙසේ
සඳහන් වෙයි. මේ ප්‍රකාශය ඇතුළත් එම පුවත ගැන විස්තරයක් සපයන්න.
(බුදුසරණ 2011.11.24)
-
ප්‍රශ්නය -
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන ‘සම්මා දිට්ඨි’ මාර්ග අංගය පිළිබඳ
ධර්මානුකූලව පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.11.02)
-
ප්‍රශ්නය -
“තණ්හක්ඛයා සබ්බ දුක්ඛං ජිනාති” තෘෂ්ණාව නැතිකළේ නම් ඒ සියලු දුකින්
මිදී ජයග්‍රහණය ලැබුවා වේ. මෙහි සඳහන් ‘තණ්හක්ඛයා’ යන්න පැහැදිලි
කරන්න.
(බුදුසරණ 2011.10.26)
-
ප්‍රශ්නය - සසර සැරිසරන්නෙකුට අපූර්වතම දේශනාවක්
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ
සොචති පුත්තේහි පුත්තිමා
ගොමිකො ගොහි තථෙව සොචති
උපධීහි නරස්ස සොචනා
නහි සො සොචති යො නිරූධති
පුතුන් ඇති හේ තම පුතුන් (දරුවන්) හේතුකොට ගෙන ශෝක කෙරෙයි. ගව හිමියා
ගවයන් හේතුකොටගෙන ම එසේම ශෝක කෙරෙයි. මිනිසාට උපධීහුම ශෝකය සඳහාම හේතු
වන්නේය. යමෙක් උපධි (කෙළෙස්) රහිත වූයේද හේ ශෝක නො කෙරෙයි.
මෙම දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් කවුරුන් උදෙසා දේශනා කරන ලද්දක්ද?
(බුදුසරණ 2011.10.20)
-
ප්‍රශ්නය -
බුද්ධ චරිතයේ එක් අවස්ථාවක සුවිශේෂිත පුද්ගලයෙකු හා සමග කළ
සාකච්ඡාවකින් උපුටාගත් කොටසක් පහත දැක්වේ. සුනක්ඛත්ත, එන්න මා උදෙසා
වාසය කරන්න. කියා මම ඔබට කියෙම්ද? නැත, ස්වාමීනි! සුනඛත්ත, මම ඔබ
වහන්සේ උදෙසා වාසය කරන්නෙමියි කියා ඔබ මට කීයෙහිද?, නැත, ස්වාමීනි!
සුනක්ඛත්ත, මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය, එසේනම් දැන් මම
භාග්‍යවතුන් වහන්සේ අතහැර යමියි කීම කෙතරම් අඥාන සාවද්‍ය, කියමනක් ද?
මෙම පුවත අදාළ අවස්ථාව කුමක්ද?
(බුදුසරණ 2011.10.04)
-
ප්‍රශ්නය -
බුදුරජාණන් වහන්සේ සත්‍ය ධර්මයේ පණිවිඩය වැඩි පිරිසකට කඩිනමින් ලබාදීම
සඳහා එක් සැටනමක් වූ රහතන් වහන්සේලා ප්‍රථම ඇමතීම කුමක් ද?
(බුදුසරණ 2011.09.27)
-
ප්‍රශ්නය -
බුදු දහමට අනුව පුද්ගලයා චරිතයෙන් සුචරිතවත් විය යුතුවේ. පැහැදිලි
කරන්න.
(බුදුසරණ 2011.09.20)
-
ප්‍රශ්නය :-
“දිට්ඨ ධම්ම හිතාය” ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි.
විවරණයක් කරන්න.
(බුදුසරණ 2011.09.04)
-
ප්‍රශ්නය :-
මෙම පාඨය කියවන්න.
එවං පියො පුථු අත්තාපරෙසං
තස්මා න හිංසෙ පරමත්ත තාමොති
එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තේ අනෙකෙකු නො පෙළන්නේය. – ඛු. නි.
රාජසූත්‍ර.
බුදුරජාණන්වහන්සේ බෙහෙවින්ම සමීපතම යුවළකට දේශනා කළ උදානයකි. මෙම දායක
දායිකා දෙපළ කවුද? මෙයින් බුදු දහමෙහි දැක්වෙත සර්වකාලීන සද්ගුණය
කුමක්ද?
(බුදුසරණ 2011.08.28)
-
ප්‍රශ්නය :-
මෙම පාඨය කියවන්න.
එවං පියො පුථු අත්තාපරෙසං
තස්මා න හිංසෙ පරමත්ත තාමොති
එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තේ අනෙකෙකු නො පෙළන්නේය. – ඛු. නි.
රාජසූත්‍ර.
බුදුරජාණන්වහන්සේ බෙහෙවින්ම සමීපතම යුවළකට දේශනා කළ උදානයකි. මෙම දායක
දායිකා දෙපළ කවුද? මෙයින් බුදු දහමෙහි දැක්වෙත සර්වකාලීන සද්ගුණය
කුමක්ද?
(බුදුසරණ 2011.08.28)
-
ප්‍රශ්නය :-
බුදු දහමට අනුව එක් එක් පුද්ගල යහපත් වීමේ එකතුව සමස්ත ජන සමාජයේම
යහපත්වීමේ එකතුවයි. එසේම එක් පුද්ගලයෙකුගේ පරාභවය බොහෝ දෙනාගේ පරාභවයට
ද හේතුවන්නට පුළුවන. සූත්‍රාගත දේශනා ඇසුරු කොට ගෙන ඉහත සඳහන් නිගමනයන්
සනාථ කරන්න.
(බුදුසරණ 2011.08.21)
-
ප්‍රශ්නය :- බ්‍රාහ්මණ ධර්මයට අනුව පුද්ගල ජීවිතය අවස්ථා හතරකට බෙදා
දක්වන ලදී. මේවා චතුරාශ්‍රම ධර්ම යන නමින් ද එකල ව්‍යවහාර විය. මේ
චතුරාශ්‍රම ධර්ම යනු මොනවාද?
(බුදුසරණ 2011.08.06)
-
ප්‍රශ්නය -“මජ්ඣිමා පටිපදා” නමින් හඳුන්වන මධ්‍යම ප්‍රතිපදාව එය මධ්‍යම මාර්ගයක්
වන්නේ අන්ත දෙකක් බැහැරලා අන්තයන් ඉක්මවා සිටින බැවිනි. පැහැදිලි
කරන්න.
(බුදුසරණ 2011.07.30)
-
ප්‍රශ්නය -
(සං.නි.04 සගය්හ සූත්‍ර 256 පිට බුද්ධ ජයන්ති මුද්‍රණය)
දෙවියන් සහිත ලෝකයා සැපය ලෙස සම්මත කරගනුයේ යම්තාක් ඇතැයි සිතන පි‍්‍රය
කැමැති මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ධර්මයෝ ය. මේ කාමගුණ යම්
තැනෙක නැතිද එය ඔවුනට දුක්ඛ සම්මතයකි. මෙම ජන සම්මතය පටිසොතගාමී (වෙනස්
මඟකට යොමුකරලීම බුදුන් වහන්සේගේ කාර්ය විය. පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.07.23)
-
ප්‍රශ්නය -
මජ්ඣිම නිකායේ ‘කෝසම්බි ‘ සූත්‍ර දේශනාවට අනුව සපයාගත් දෙය කෙතරම්
දැහැමි වුවද සමාජ යහපැවැත්ම සඳහා සහජීවනය අරමුණු කොටගෙන ධනය බෙදා හදා
ගත යුතුවේ.අවම වශයෙන් තම පාත්‍රයට ලැබුණු සුළු දෙය වුවද බෙදා හදා නොගෙන
නොවැළඳිය යුතු බව දැඩි ලෙස ම අවධාරණය කොට ඇත. පෙළ දහමට අනුව “චාග”
සම්පත්ති සිව් සඟරාවතින් (චතුස්ස ගහ වත්ථු)දානය පළමුවැන්නෙන් අවධාරණය
කළේ ඒ නිසයි. සමාජ සාධරණී කරනය සඳහාද බුදුදහම දානය අවශ්‍යම අංගයක්
වශයෙන් සලකා තමා වෙතින් අනෙක් අයට හෙවත් “එකා සැමටත් සැම දෙනාටත්” යන
තේමාව ඔස්සේ (පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය අංගයක් විය යුතු බව
පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.07.08)
-
ප්‍රශ්නය - අනුරාධපුර නටබුන් අතර ‘වෙස්සගිරිය’ නමින් පුදබිමක් සටහන් වී
තිබේ. එම පුදබිම පිළිබඳ පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.06.30)
-
ප්‍රශ්නය -
සාධු සමාජයක ගති ලක්‍ෂණය වන්නේ එක් අයෙකුගේ යහපත් බව සමස්ත සාධු
සමාජයේම යහපත් බවේ ඓක්‍යයයි. පෙළ දහමට අනුව එය පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.06.23)
-
ප්‍රශ්නය - බුද්ධ චරිතයේ එන එක් අවස්ථාවකි මේ. බුද්ධත්වයට පත්වීමෙන්
ප්‍රථම කොට භාග්‍යවතුන් වහන්සේ එකම ඉරියව්වක වැඩහිඳිමින්, සත් දවසක්
විමුක්ති සුවය ප්‍රතිසංවේදනය කරමින් එනම් නැවත නැවත වින්දනය කරමින්
ගතකොට එදවස් හත ඇවෑමෙන් එම සමාධියෙන් නැගී සිට රාත්‍රියේ ප්‍රථම යාමය
තුළ ‘පට්ටිච්ච සමුප්පාදය’ අනුලෝම වශයෙන් මනාව මෙනෙහි කළ සේක. පැහැදිලි
කරන්න.
(බුදුසරණ 2011.06.09)
-
ප්‍රශ්නය -
පුද්ගලයා සමාජගත වීමෙහිදී එකිනෙකා හමුව ‘සුහද’ හමුවීමක් විය යුතුය.
දෙදෙනකු අතර ප්‍රසන්නශීලි හමුවක් වීම සඳහා මාහැඟි ගුණ හයක් බුදු
සිරිතෙහි දක්නට ලැබෙයි. මෙම සද් බුදු ගුණයන් මොනවාදැයි පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.06.01)
-
ප්‍රශ්නය -මෙම පුවතින් කියවෙන බුද්ධකාලීන සම්මානනීය තැනැත්තා කවුද?
එවිට බිම්සර මහරජු ඔහුට ‘රාජ වෛද්‍ය’ යන සම්මානය පිරිනමා බුදුපාමොක් මහ
සහනට ද තමාටද උවටැන් කරන සේ නියම කොට අවුරුද්දකට ලක්ෂයක් ආදායම ලැබෙන
ගම්වරක් ද රමණීය අඹ උයන ද මාළිගයක්ද තුටු පඬුරු කොට පිරිනැමීය.
(බුදුසරණ 2011.05.24)
-
ප්‍රශ්නය -
සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ උපත සහ බුදුරජාණන් වහන්සේගේ
පරිනිර්වාණය සිදුවූ දින වකවානු පිළිබඳව දේශනා පාලියෙහි එන පරිදි
ඵෙතිහාසික බුදු සිරිතෙන් සකස් කරන්න.
(බුදුසරණ 2011.05.10)
-
ප්‍රශ්නය -
බුදුන් වහන්සේ කුරුරට ‘කම්මාසදම්ම’ නම් නියම් ගමෙහිදී ශ්‍රාවක පිරිස
අමතා “ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කරමින් ආර්ය අෂ්ඨාංගික
මාර්ගය මෙසේ විස්තර කළහ.
“ මහණෙනි! දුක් නැති කිරීමේ පිළිවෙත නම් වූ ආර්ය සත්‍යය කුමක්ද? එය නම්
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප , සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ,
සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි නම් වූ ආර්ය අෂ්ඨාංගික
මාර්ගයයි. මෙම මාර්ගයෙහි පළමු අංගය වූ “සම්මා දිට්ඨි” හෙවත් නිවැරැදි
දැකීම පිළිබඳව ධර්ම විවරණයක් කරන්න.
(බුදුසරණ 2011.05.02)
-
ප්‍රශ්නය -
බුද්ධ දේශනාවට අනුව ජීව ලෝකයෙහි මෙය මෙසේ සිදුවේ යැයි නියමයන් කළ
නොහැකි (කල් ඇතිව දැන ගත නොහැකි සිදුවීම්) පංච අනිමිත්තා නමින් සඳහන්ව
ඇත. ඒ මොනවාද?
(බුදුසරණ 2011.04.25)
-
ප්‍රශ්නය -
බුදු දහමට අනුව ‘ශ්‍රද්ධාව‘ ශ්‍රේෂ්ඨ ධර්මයක් බව සඳහන් වෙයි. ඒ බව බුදු
රජාණන් වහන්සේ එක් දේවතාවකු වෙත දෙසූ ගාථා පාඨයක් වූ ‘කිංසුධ විත්තං
පුරිසස්ස සෙට්ඨං’ යනුවෙන් පුරුෂයෙකුට ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද? යන්න ඇසූ
විට උන් වහන්සේ සද්ධීද චිත්තං පුරිසස්ස සෙට්ඨං” යනුවෙන් ශ්‍රද්ධාව
පුරුෂයාට ශ්‍රේෂ්ඨ වන බව දේශනා කළ සේක. බෞද්ධ ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වන මෙම
ශ්‍රද්ධාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
(බුදුසරණ 2011.04.11)
-
ප්‍රශ්නය -
බුද්ධ චරිතයේ එන එක් අවස්ථාවකි මේ. “බුද්ධත්වයට පත්වීමෙන් ප්‍රථම කොට
භාග්‍යවතුන් වහන්සේ එකම ඉරියව්වක වැඩහිඳිමින්, සත් දවසක් විමුක්ති සුවය
ප්‍රතිසංවේදනය කරමින් එනම් නැවත නැවත වින්දනය කරමින් ගතකොට එදවස් හත
ඇවෑමෙන් එම සමාධියෙන් නැගී සිට රාත්‍රියේ ප්‍රථම යාමය තුළ ‘පටිච්ච
සමුප්පාදය’ අනුලෝම වශයෙන් මනාව මෙනෙහි කළ සේක. පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.04.02)
-
ප්‍රශ්නය -තථාගතයන් වහන්සේගේ මහා කරුණා නෙතට යොමු වූ ඇය සිටු දියණියකි. තම
දෙමව්පියන් සහ ස්වාමිපුරුෂයාත් එකම සහෝදරයාත් එකමදා මිය යෑමෙන්
සෙනෙහෙබර ලෝකය අහිමි වූ අසරණ කාන්තාවක් බුදුපිහිට ලබා සුවපත් වූවාය. මේ
විපතට පත් කාන්තාව කවුද? බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක් මෙයින් මතුවී
පෙනුණි ද?
(බුදුසරණ 2011.03.26)
-
ප්‍රශ්නය -බෞද්ධ ශ්‍රාවක සෑම කෙනෙකුම (සිව්වණක් පිරිස) නිතර මෙනෙහි කළයුතු ධර්ම
කරුණු පහක් බුද්ධ දේශනාවන්හිදී සඳහන් කොට ඇත. වර්තමානයෙහි වූවද මෙබඳු
සිහිගැන්වීම කායික හා මානසික සුවය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙම
නිතර සිහිගන්වා ගත යුතු ධර්ම මොනවාද?
(බුදුසරණ 2011.03.12)
-
ප්‍රශ්නය - ගෞතම බෝසතාණන් වහන්සේ සසර බොහෝ දීර්ඝ කාලයක් සම්බුද්ධත්වය පතා දුෂ්කර
චර්යාවන්හි යෙදෙමින් ලත් බිහිසුණු අත්දැකීම් රාශියක් සැරියුත් මහරහතන්
වහන්සේ සමග පවසා තිබේ. සසුනෙන් බැහැරව ගිය ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත
මුල්කොටගෙන ඇති වූ සාකච්ඡාවෙහිදී සීහනාද සූත්‍රය දේශනාකොට ඇති බව එහි
නිදාන කතාවෙන් පැහැදිලි වේ. එහිදී බුදුරජාණන් වහන්සේ සසර දිගු කලක්
අත්හදා බැලීමෙන් පර්යේෂණයෙන් ප්‍රායෝගිකව ඤාණ දර්ශනය ලබාගත් බවත් කටුක
අත්තකිලමථානුයෝගී ප්‍රතිපදාවලින් එය නොලැබිය හැකි නිසා ඒවා
ප්‍රතික්‍ෂේප කළ බවත් සැරියුත් මහ රහතන් වහන්සේට පැහැදිලි කළහ. මෙහිදී
බෝධි සත්වයන් වහන්සේ ප්‍රායෝගිකව සිදුකළ අත්තකිලමතානු යෝගය
(දුෂ්කරක්‍රියාව) පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.03.04)
-
ප්‍රශ්නය - ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආර්ය අෂ්ටාංගික මාර්ගය ‘මජ්ඣිම
පටිපදා’ නමින් හඳුන්වයි. එය මධ්‍යම මාර්ගයක් වන්නේ අන්ත දෙකක් බැහැරලා
අන්තයන් ඉක්මවා සිටින බැවිනි. පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.02.24)
-
ප්‍රශ්නය -මෙම පාඨය කියවන්න
“එවං පියො පුථු අත්තා පරෙසං
තස්මා න හිංසෙ පරමත්ත කාමොති”
“එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තේ අනෙකෙකු නොපෙළන්නේය”
ඛු.නි. රාජ සූත්‍රය.
බුදු රජාණන් වහන්සේ බෙහෙවින්ම සමීපතම යුවළකට දේශනා කළ උදානයකි.
මෙම දායක දායිකා දෙපළ කවුද? මෙයින් බුදු දහමෙහි දැක්වෙන සව¢කාලීන
සද්ගුණය කුමක්ද?
(බුදුසරණ 2011.02.11)
-
ප්‍රශ්නය - සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරන ලද බුදුරජාණන්
වහන්සේගේ අකුධාතුන් වහන්සේ නිදන් කොට අනුරාධපුර යුගයේ කරවන ලද ස්ථූපය
කුමක්ද?
(බුදුසරණ 2011.02.02)
-
ප්‍රශ්නය -
මෙහි පහත පාලි පාඨයෙහි කාලීන වශයෙන් ඉතාමත් වැදගත් තොරතුරක් අනාවරණය
වෙයි. “කො පන භන්තෙ හේතු - කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො
චිරට්ඨිතිකො හොතීති” (අ.නි.4/ 98 පිට)(කම්බිල සූත්‍ර)
ස්වාමීනි! යම්හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසන සද්ධර්මය
චිරස්ථායි වේ නම් ඒ හේතු ප්‍රත්‍ය කවරේද? වර්තමානික බුදුදහමෙහි
චිරස්ථිතිය (පැවත්ම) සඳහා පෙළ දහමෙහි එන මෙබඳු තොරතුරු හා දේශනා
බොදුනුවන් ධර්ම සාකච්ඡාවලදී භාවිත කළ යුතු ය. පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.01.26)
-
ප්‍රශ්නය - පෙලදහමට අනුව දන්දීම බෝසත් ගුණයකි. මෙම සද්ගුණයෙහිදී
සුවිශේෂ වූ දානයක් වශයෙන් සුදුසු කල සුදුසු පුද්ගලයන් වෙතම පරිත්‍යාග
කිරීම දානානිශංස මහත්ඵල මහානිශංස ගෙනදීමට හේතුවෙයි. මේ අනුව සුදුසු
කාලය පිළිබඳව බුද්ධ දේශනාව කුමක්ද? යන්න පැහැදිලි කරන්න.
(බුදුසරණ 2011.01.12)
-
ප්‍රශ්නය -
සකල සත්වයා කෙරෙහි හිතානුකම්පාව දැක්වීම බෞද්ධ ඉගැන්වීම බව “සබ්බේ
සත්තා සංකල්පයෙන්” අවධාරණය කෙරේ. සූත්‍ර දේශනා ඇසුරෙන් මෙය පැහැදිලි
කරන්න.
(බුදුසරණ 2011.01.03)