-
ප්‍රශ්නය අසිරිමත් බුදු සිරිත පිළිබඳ කවියකු දක්වන අදහසකි මේ.
“බුදුරජාණන් වහන්සේ අපේ මානව වෘක්‍ෂයේ පිපුණු මලයි. මල පිපෙන්නේ අසීමිත
ලක්‍ෂ සංඛ්‍යාත වසර ගණනකට පසුව ය. එයින් වහනය වන ප්‍රඥා සුගන්ධයෙනුත්,
ඇද හැලෙන දයාව නමැති මකරන්දයෙනුත් ලෝකය පිරී යයි.” මේ ප්‍රසිද්ධ කවියා
ගේ නම කුමක්ද? ඉහත සඳහන් පාඨය ඇතුළත් ග්‍රන්ථය කුමක්ද?
(බුදුසරණ 2008.08.08)
-
ප්‍රශ්නය - ‘මේ ධම්මපද ග්‍රන්ථයෙහි එන 20
වර්ගයේ දෙවන ගාථාව ය. සරල සිංහල අර්ථය පැහැදිලි කර ‘සබ්බේ
සංඛාරා අනිච්ඡාති’ යන්නට පරිකථා විවරණය කරන්න.
(බුදුසරණ 2008.07.31)
-
ප්‍රශ්නය - ‘මහණෙනි’ මනෝ සංචේනාව අවබෝධ කර ගත්තෝ ත්‍රිවිධ තණ්හාව අවබෝධ
කර ගත්තෝ වෙති. ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත් පසු තව දුරටත් කළ යුතු
කාර්යයක් නැතැයි කියමි. ත්‍රිවිධ තණ්හාව තේරුම් ගැනීමෙන් විමුක්ති
ප්‍රතිලාභය සිදුවේ. එය බෞද්ධ විමුක්ති මාර්ගයෙහි අවසන් අරමුණයි. එනිසා
ඉන් එහා කළ යුත්තක් නැත. මෙම දේශනා පාඨද උපයෝගී කර ගනිමින් දුක්ඛ සමුදය
සත්‍යය විස්තර කරන්න.
(බුදුසරණ 2008.07.25)
-
සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා වූ ශ්‍රීමත් අනගාරික
ධර්මපාලතුමා සමඟ මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා විදේශීය නාමය අතහැර ආර්ය
සිංහල නාමයක් භාවිතා කරමින්, බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා ගමින් ගමට
සංචාරය කළේ ය. එක්තරා නගරයක් මෙතුමාට උපහාර පිණිස ඒ නමින් ව්‍යවහාරයට
පත් කොට ඇත. මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද?
(බුදුසරණ 2008.07.10)
-
“දිට්ඨ ධම්ම හිතාය” ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි
එන ධර්ම පාඨයකි. මේ පිළිබඳ ධර්ම විවරණයක් කරන්න
(බුදුසරණ 2008.07.02)
-
පැවිදි වතට ධනය සම්පතක් නොව දුඞඛ දොමනස්සයක් වුවත්
අගාරික ගිහිවතට බාධකයක් නොව සාර්ථක දිවි පෙවෙතකට සාධකයක් බව බුදුරජාණන්
වහන්සේ වදාළහ. ඒ බව චිත්ත ගහපතිතුමාට. උන්වහන්සේ සැහැදැති, සිල්වත්, ධන
ධාන්‍යාදි ලෞකික ධනයෙන් හා ශ්‍රද්ධා සීලාදි ආර්ය ධනයෙන්ද යුත් තැනැත්තා
වසන පෙදෙස ද පූජනීය බව දේශනා කිරීමෙන් අර්ථවත් කළහ.. ඒ අනුව දෙවි
මිනිසුන්ට (දේවමනුස්සානං නචිරස් සේව) ඉතා කඩිනමින් භෝග සම්පත් බහුල
කරගත හැකි හේතු හතරක් (මහන්තං වේපුල්ලත්තං පාපුණන්ති භොගෙසු) බුදු
දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
(බුදුසරණ 2008.06.26)
-
අසූ මහා ශ්‍රාවක චරිත අතර අග සව් තනතුරු හෙබ වූයේ
සැරියුත් හා මුගලන් මහ තෙරවරුන් ය. මීළඟට බුද්ධ ශාසන වංශ කථාවේ උසස් ම
තනතුර හෙබවූ අග්‍ර ශ්‍රාවයාණන් වහන්සේ කවුද?
(බුදුසරණ 2008.06.10)
-
බුදුරජාණන් වහන්සේ ගොඩ නැගූ
ප්‍රජාතන්ත්‍රවාදී සමාජය සංඝ සංවිධානයයි. බෞද්ධ ආරාමික සංස්ථා
සියල්ලක් ම මේ ලක්‍ෂණ මත පදනම් වී ඇති බව විනය පිටකය විමර්ශනය
කිරීමෙන් පැහැදිලි වෙයි. සංඝ සංවිධානයෙහි ආරම්භය සහ අරමුණු
පැහැදිලි කරමින් පැරැණි දඹදිව පැවැති අනෙකුත් ආගමික සංවිධාන
වලින් එහි විශේෂයෙන් හඳුනාගත හැකි ලක්‍ෂණ පැහැදිලි කරන්න.
(බුදුසරණ 2008.06.03)
-
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පහත සඳහන්
පාඨය කියවන්න. “මනො පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනො මයා” හැම
ක්‍රියාවකටම සිත පෙර ගමන් කරුවෙයි. සිත ප්‍රධාන කොට ඇති ඒ
සියලු ක්‍රියාවන් සිතින් නිර්මාණය කරන ලද්දේ ය. මෙම උත්කෘෂ්ට
දේශනය අනුව, කෙනෙකුගේ දෙව්ලොව හෝ අපාය නිර්මාණය කරන්නේ සිත
විසිනි. පැහැදිලි කරන්න.
(බුදුසරණ 2008.05.28)
-
ව්‍යග්ඝපජ්ජ සූත්‍රා ගත පෙළ දහමට අනුව දිනක් දීඝාජානු කෝලිය පුත්‍රයා
බුදුහිමියන් හමු වී මෙසේ ඉල්ලීමක් කරයි. “ස්වාමීනි! කාමභෝගී ගිහියන් වන
අපි අඹුදරුවන් ගේ සම්බාධ සහිතව ගෙහි වසමු. කසී සළු සුවඳ සඳුන් පරිභෝග
කරමු. මල්ගඳ, විලවුන් රන්රිදී ඉවසමු. ඒ අපට මෙලොව හිත පිණිස සැප පිණිස
යෝග්‍ය දහමක් දෙසනු මැනවි” යන්නයි. මෙම පාඨයෙහි හිත පිණිස, සැප පිණිස
යෝග්‍ය දහමක් යන්නට යොදා ඇති සූත්‍රාගත වදන් වර්තමාන ශ්‍රාවකයනට
බෙහෙවින් වැදගත් වනු ඇත. භගවා තථා ධම්මං දෙසෙත යෙ අම්භාකං අස්සු ධම්මා
, දිට්ඨ ධම්ම සුඛාය සම්පරාය හිතාය, සම්පරාය සුඛාය” හිත, සුව මෙලොව හා
පරලොව සඳහා දහම් දෙසන ලෙස කරන ලද ආරාධනාව බුදුරජාණන් වහන්සේ එය, කළ
නොහැක්කක් ලෙස ප්රතික්ෂේප කළේ නැත. සිටුපුත්‍රයා ගේ ඉල්ලීම පරිදි
බුදුහිමියන් දෙසා වදාළ ධර්ම කරුණු පිළිබඳ ව පැහැදිලි කරන්න.
(බුදුසරණ 2008.05.12)
-
සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වන විට මේ නගරය පාලනය
කළේ සේනිය බිම්බිසාර මහරජතුමා ය. ඔහුගේ පුත් අජාසත්, පිය මහ රජු මරණයට
පත් කර රජ බවට පත් වූයේ ද මෙනුවර ය. බුදුරජාණන් වහන්සේට බිම්බිසාර මහ
රජතුමා විසින් පුදකළ ආරාමය ද මෙම නගරයේ පිහිටි අතර උන්වහන්සේ ට මහෝපාසක
අනේපිඬු සිටුතුමා මුණ ගැසුණේ මෙනුවර පිහිටි වේළුවනාරාමයෙහිදී ය. එම
ඓතිහාසික පුරවරය පිළිබඳ ව විවරණයක් කරන්න.
(බුදුසරණ 2008.05.05)
-
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය; එයින්ද උන් වහන්සේගේ භාවනා
ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත් සාමයත්, ශාන්තියත් ලබාදීම අරමුණු කර
ඇත්තේ ය. එසේ වුවද භාවනාව තරම් බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනෙකු වැරදි ලෙස
තේරුම් ගත් වෙන අංගයක් බුද්ධ ධර්මයේ නැතැයි සිතිය හැකි තරම් ය. භාවනාව
යන වචනය කියනු ලබත් ම අපි කල්පනා කරන්නේ ජීවිතයේ දවසේ පොදු වැඩවලින්
ඉවත්ව සමාජයෙන් වෙන් ව ඇතැම් ගුහාවල හෝ විහාරවල හෝ දක්නට ලැබෙන
ප්‍රතිමාවල වැනි ඉරියව්වකින් කිසියම් ගුඩ කල්පනාවක නොහොත් ධ්‍යානයක
යෙදෙන බවකි. සැබෑ බෞද්ධ භාවනාව නම් කිසි ලෙසකිනුදු ජීවිතයෙන් එවැනි
පලායාමක් නොවේ. මේ පිළිබඳව බුද්ධ මතය කොතරම් දුර වරදවා තේරුම් ගන්නා
ලද්දේ ද, නැතහොත් කොතරම් අඩුවෙන් තේරුම් ගන්නා ලද්දේ ද යත් පසු කාලවලදී
මේ භාවනා ක්‍රමය පිරිහී ගොස් ශිල්පයක මෙන් කළයුතු වැඩපිළිවෙළක් ඇති
චාරිත්‍ර විශේෂයක් බවට පැමිණියේ ය.
- වල්පොල රාහුල හිමි බුදුන් වදාළ ධර්මය 98 පිටුව
මෙම ප්‍රස්තුතය ද සැලකිල්ලට ගනිමින් බෞද්ධ භාවනාව පිළිබඳව හැඳින්වීමක්
කරන්න.
(බුදුසරණ 2008.04.28)
-
ප්‍රාණ ඝාතයෙන් වෙන්වීමේ ගුණය කියයි. මෙසේ ඔහු ගේ මේ කාය සංවරය තුන්
කෙළවර පිරිසුදු වූයේ වෙයි.
ප්‍රාණඝාතයෙහි වරද මෙහි දී බුදුරදුන් විවරණය කොට ඇත්තේ කරුණු දෙකක්
කෙරෙහි විශේෂ සැලකිල්ල දක්වමිනි. එනම් ඇරයුම්ශීලි අංශය හා සිද්ධි වාචක
අංශය යන සදාචාර ප්‍රස්තුත විෂය මූලික කොට ගෙන ය. තමා උපමාවට වශයෙන් ගෙන
අනුන්ට හිංසා නොකළ යුතු ය යන්න මෙහි දී ඇගැයුම් ශීලි අංශය වෙයි. එවන්
තීරණයක් ගත යුත්තේ සියලු සතුන් දඬුවමට බියය. ජීවත් වීමට කැමතිය. මරණයට
අකමැතිය. සැප කැමතිය. දුකට අකමැතිය යන සිද්ධි වාචක අංශය පදනම් කොට ගෙන
ය.
(බුදුසරණ 2008.04.19)
-
මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන්
සාමාජිකත්වය තහවුරු කරගනී. එම සමාජය ස්ව ශක්තිය (සක්කෝ) මෙන් ම
හැකියාව අනුව මිනිසාට තම ඉහළම ස්ථරය වූ රහත්ඵලය හා බුද්ධත්වය
දක්වා ම ගමන් කළ හැකි බව බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත විස්තර
කථාවලින් බුදු දහමේ ගමන් මඟ හුදු කල්පිතයක් නොවන බව පැහැදිලි
වේ. දුරාචාරය ද මිනිසා වෙතින් ආරම්භ කොට අදාන්ත වූ අසාන්තු අධම
සමාජය බිහි කරන්නේ ද මිනිසා විසින් මය. එය වූ කලි දුශ්චරිත
සමාජයකි. බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම, හා
දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.
(බුදුසරණ 2008.04.12)
-
ව්‍යග්ඝපජ්ජ සූත්‍රගත පෙළ දහමට අනුව දිනක් දීඝජානු කෝලීය
පුත්‍රයා බුදුරදුන් හමු වී මෙසේ ඉල්ලීමක් කරයි. “ ස්වාමීනි! කාමභෝගී
ගිහියන් වන අපි අඹුදරුවන් ගේ සම්බාධ සහිතව ගෙහි වසමු. කසී සළු සුවඳ
සඳුන් පරිභෝග කරමු. මල්ගඳ - විලවුන් රන්රිදී ඉවසමු . ඒ අපට මෙලොව හිත
පිණිස සැප පිණිස යෝග්‍ය දහමක් දෙසනු මැනවි” යන්නයි. මෙම පාඨයෙහි හිත
පිණිස - සැප පිණිස යෝග්‍ය දහමක් යන්නට යොදා ඇති සූත්‍රාගත වදන් වර්තමාන
ශ්‍රාවකයන්ට බෙහෙවින් වැදගත් වනු ඇත. භගවා තථා ධම්මං දෙසෙත යෙ අම්හාකං
අස්සු ධම්මා “ දිට්ඨ ධම්ම සුඛාය සම්පරාය හිතාය සම්පරාය සුඛාය “ මෙලොව
හා පරලොව හිත - සුව සඳහා දහම් දෙසන ලෙස කරන ලද ආරාධනාව බුදුරජාණන්
වහන්සේ කළ නොහැක්කක් ලෙස ප්රතික්ෂේප කළේ නැත. සිටුපුත්‍රයා ගේ ඉල්ලීම
පරිදි බුදුරදුන් දෙසා වදාළ ධර්ම කරුණු පිළිබඳ ව පැහැදිලි කරන්න .
(බුදුසරණ 2008.04.05)
-
මේ ධම්මපද ග්‍රන්ථයෙහි එන 20 වර්ගයේ දෙවන ගාථාව ය. සරල සිංහල
අර්ථය පැහැදිලි කර “සබ්බේ සංඛාරා අනිච්චාති” යන්නට පරිකථා
විවරණය කරන්න.
(බුදුසරණ 2008.03.29)
-
අනුරාධපුර ශිෂ්ටාචාරයේ සිට අද දක්වා පැතිරී ඇති කාල පරාසය තුළ
සිංහල භික්ෂූ සමාජයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්න.
(බුදුසරණ 2008.03.14)
-
මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන් සාමාජිකත්වය තහවුරු කරගනී. එම
සමාජය ස්ව ශක්තිය (සක්කෝ) මෙන් ම හැකියාව අනුව මිනිසාට තම ඉහළම ස්ථරය
වූ රහත්ඵලය හා බුද්ධත්වය දක්වා ම ගමන්කළ හැකි බව බුද්ධ චරිතය හා
ශ්‍රාවක චරිත විස්තර කථාවලින් පැහැදිලි වෙයි. දුරාචාරය ද මිනිසා වෙතින්
ආරම්භ කොට අදාන්ත වූ අසාන්ත අධම සමාජය බිහි කරන්නේ ද මිනිසා විසින්ම ය.
එය දුශ්චරිත සමාජයකි. බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම,
හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.
(බුදුසරණ 2008.03.07)
-
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කළ තරුණ යුවලක් විඩාපත් ව, කුඹුරු
ගොවිතැනින් හා විවාහ ජීවිතයෙන් ද සමුගෙන බුදු රදුන් වෙතින්
පැවිදි බව ලැබූහ. පසු කලෙක රහත් ඵලයට පත්ව ධෘතවාදී
ශ්‍රාවකවරුන් අතර අග තනතුරු ලත් ශ්‍රාවකයාණෝ කවරෙක් ද?
(බුදුසරණ 2008.02.29)
-
සංයුත්ත නිකාය ජම්බුඛාදක සංයුත්ත යේ නිබ්බාන සූත්‍රයෙන් උපුටාගත් පාඨ
කීපයකි මේ.
නිබ්බාණං නිබ්බාණන්ති ආවුසො සාරිපුත්ත වුච්චති – කතමන්නු ඛො ආවුසො
නිබ්බාණංති.
ජම්බුඛාදක පිරිවැජියා සැරියුත් තෙරුන් වහන්සේට මෙසේ කීය. ඇවැත්
සාරිපුත්‍රයෙනි! නිවන නිවනයි කියනු ලැබේ. ඇවැත් සාරිපුත්‍රයෙනි! නිවන
කවරේද? මෙම සූත්‍රයෙහිම
අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස නිබ්බානස්ස සච්චජි කිරියායති.
ඇවැත්නි මේ නිවන පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතක් ඇත.
ජම්ඛුඛාද පරිබ්‍රාජක, සැරියුත් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ගැටලුව වැනි
ධර්ම කාරණා බෞද්ධ ශ්‍රාවක පිරිස නිරතුරුව පසක් කරගත යුතු ය. මෙම ‘සදහම්
දැනුම’ තීරුවෙන් ධර්මාවබෝධය සඳහා එය පැහැදිලි කරන්න.
(බුදුසරණ 2008.02.14)
-
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පහත සඳහන්
පාඨය කියවන්න. “මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනොමයා” හැම
ක්‍රියාවකටම සිත පෙර ගමන් කරුවෙයි. සිත ප්‍රධානකොට ඇති ඒ සියලු
ක්‍රියා සිතින් නිර්මාණය කරන ලද්දෝ ය. මෙම උත්කෘෂ්ට දේශනය
අනුව, කෙනෙකුගේ දෙව්ලොව හෝ අපාය නිර්මාණය කරන්නේ සිත විසිනි,
විමසීමක් කරන්න.
(බුදුසරණ 2008.02.06)
-
බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව හා මහා
ප්‍රඥාව පිළිබඳ ව කෙටි හැඳින්වීමක් කරන්න
(බුදුසරණ 2008.01.30)
-
බෞද්ධ ස්ථූපය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ උත්කෘෂ්ටභාවය
ලොවට ප්‍රකාශ කරන විශිෂ්ට වාස්තු විද්‍යාත්මක නිර්මාණයකි.
බෞද්ධ ස්ථූප ආකෘතිය පිළිබඳ ව විශේෂ අවධානය යොමු කොට මෙම
නිර්මාණය පිළිබඳ විවරණයක් කරන්න
(බුදුසරණ 2008.01.15)
-
මේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවවාද වලින් උපුටාගත්
කොටසකි. මෙහි අදහස ඔබේ වචනවලින් සිංහලයට නගන්න. පරිපක්කො වයොමයිහං
පරිත්තං මම ජීවිතං පහාය වො ගමිස්සාමි කතං මෙ සරණ මත්තණො අප්පමත්තා සතී
මන්තො සුසිලා හොථ භික්‍ඛවො සුස මාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛථ යො
ඉමස්මිං ධම්ම විනයෙ අප්පමත්තො විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං
කරිස්සති.
(බුදුසරණ 2008.01.07)