සදහම් දැනුම

  • සදහම් දැනුම

    අශෝක අධිරාජයා බුද්ධ ධර්මයෙහි අභිවෘද්ධිය තකා වෙහෙසෙමින් මහත් උද්‍යෝගයක් හා දැඩි භක්තියක් දැක් වූ නමුත් අනෙකුත් ආගම්වලට නින්දා අපහාස කළ කෙනකු නොවේ. සැබවින්ම ඔහු ආගම්වලට ගරු කොට ලෞකික සැප සම්පතින් ද ඔවුනට සංග්‍රහ කළේය. මේ අශෝක පිළිවෙත සමකාලීන යුගයේ ජාතික පිළිවෙතක් වූ අතර එම යුගයේදී එය ජාත්‍යන්තර ආගමික සහනශීලි පිළිවෙතක් කරා ගිය බව දක්නට ලැබෙයි. මේ පිළිබඳ ව සාධක සහිත ව පැහැදිලි කරන්න.

    (බුදුසරණ 2007.12.31)

     

  • සදහම් දැනුම

    “එක්තරා පරිබ්‍රාජකයෙක්; එසේ නම් ගෘහපතිය, බුදුරදුන් කථා කරන්නේ කා සමඟ ද? සාකච්ඡා කරන්නේ කා සමඟ ද? විසඳන්නේ් කාගේ ප්‍රශ්න ද? බුදුරදුන් ගේ නුවණ පාලු ගෙවල්වලට ම විනාශ වී යනවා නේ ද? පිරිස්වල නොහැසිරෙන ශ්‍රමණ ගෞතමයන් සල්ලාපයට ගැළපෙන්නේ කොහොම ද? අපේ පිරිසට ආවොත් නම් එක එක ප්‍රශ්නයකින්ම එතුමන් හිස් කළයක් බව පෙන්නා දෙමු යි” උපහාසයට ලක් කළේය.

    මෙම ප්‍රකාශය කවුරුන් විසින් කාහට කුමන අවස්ථාවක කියන ලද්දක් ද? මෙයින් මතුවන බුද්ධ චරිතයේ විශිෂ්ට ලක්ෂණ වර්තමාන ඇතැම් සමයාන්තර ගැටලුවලට තීරණාත්මක විසඳුමක් බව ද පැහැදිලි කරන්න.

    (බුදුසරණ 2007.12.17)
     

  • සදහම් දැනුම

    ක්‍රි.පූ. තුන්වැනි සියවසට අයත් සාංචි හා භාරුත් කැටයම්වල සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේ නිරූපණය කර ඇත්තේ සංකේත භාවිතා කරමිනි. බුද්ධ පරිනිර්වාණය නිරූපණය කිරීම සඳහා කලාකරුවා යොදාගත් සංකේතය කුමක්දැයි පැහැදිලි කරන්න.

    (බුදුසරණ 2007.12.09)

  • සදහම් දැනුම

    මහලු කාලය හා මරණය අසිරිමත් එකක් වනු දැක්ම සඳහා අවශ්‍ය කරුණු දශයක් ‘ජනසන්ධ’ ජාතක දේශනා වෙහිදී බෝසත්හු වදාළහ. ඒ මොනවාද?

    (බුදුසරණ 2007.12.01)

     

  • සදහම් දැනුම

    අංගුත්තර නිකායේ පත්ත කම්ම සුත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනේපිඬු සිටුවරයා වෙතය. මේ සූත්‍රයෙහි දැක්වෙන පරිදි ලෝකයෙහි දුර්ලභ කරුණු සතරෙකි. ඒ මොනවාද?

    (බුදුසරණ 2007.11.17)

     

  • සදහම් දැනුම

    හීන, ග්‍රාම්‍ය, පෘථග්ජන, අනාර්ය, අනර්ථ සංහිත නිසා කාමසුඛල්ලිකානු යෝගයත්, දුක්ඛ, අනාර්ය, අනර්ථ සංහිත නිසා අත්තකිලමථානුයෝගයත් නොසෙවිය යුතු අන්ත දෙකක් ලෙසින් බැහැරකර “ධම්ම චක්කප්පවත්තන සූත්‍රය” සෙවිය යුතු නිවැරැදි මඟ ලෙස “මජ්ඣිම පටිපදා” නමින් හඳුන්වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කරයි. මේ ප්‍රතික්ෂිප්ත අන්තද්වයෙහි ම පොදු ලක්‍ෂණ දෙකක් වූ අනාර්ය බවත් අනර්ථ සංහිත බවත් ඉක්මවා සිටීම එම අන්තවාදයන්ගෙන් මජ්ඣිමා පටිපදා නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය විශේෂයෙන් වෙන් කොට දක්වන හේතුව වන නිසා ආර්ය හා අර්ථ සංහිත බව එහි විශිෂ්ට ලක්‍ෂණ දෙක වන්නේ ය. පැහැදිලි කරන්න.

    (බුදුසරණ 2007.11.09)

     

  • සදහම් දැනුම

    බුදු රජාණන් වහන්සේ විසින් ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි දී බෞද්ධ ජීවන මාර්ගයට සුදුසු වෘත්තීන් කිහිපයක් ඉදිරිපත් කළහ. ඒ මොනවාද?

    (බුදුසරණ 2007.11.01)

  • සදහම් දැනුම

    මේ ධම්මපද ග්‍රන්ථයෙහි එන 20 වර්ගයේ දෙවන ගාථාවය. සරල සිංහල අර්ථය පැහැදිලි කර “සබ්බේ සංඛාරා අනිච්චාති” යන්නට පරිකථා විවරණය කරන්න.

    (බුදුසරණ 2007.10.19)

     

  • සදහම් දැනුම

    ත්‍රිපිටකය යන වචනයේ සරල තේරුම “මඤ්ජුසා තුන” යන්නයි. (පාලියෙන් ත්‍රිපිටක) මෙයින් සූත්‍ර පිටකය පිළිබඳ ව කෙටි සටහනක් ලියන්න.

    (බුදුසරණ 2007.10.10)

     

  • සදහම් දැනුම

    තමන් නිසා බුදුරජාණන් වහන්සේට සිදු වූ අනාදරය දැක “එකතුව විසීමෙන් මෙබන්දක් වී යයි සලකා අද පටන් දිවි ඇති තෙක් මාගේ ශාසතෘන් වහන්සේ පිඬු සිඟා වඩිනා නුවරක මම පිඬු සිඟා නො හැසිරෙමි යි අවසර ගෙන එදවස්හි ම හිමාල වනයට ගොස් පර්වත ගුහාවෙක වසන සේක්. යම් දිනක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක් වී නම් මා එහි යන තුරු චිතකයෙහි ගිනි නොදැල්වේවා. මාගේ ලෙන දොර ඇති මේ වෘක්‍ෂයෙහි සියලු මල් පරවී යේවා” යි අධිෂ්ඨාන කොට එහිම වැඩ හුන්හ. මේ ශ්‍රාවකයාණන් වහන්සේ කවුද? උන් වහන්සේගේ ශාසනික මෙහෙවර හා ලැබූ තනතුරු පිළිබඳව විමසන්න.

    (බුදුසරණ 2007.10.03)

     

  • සදහම් දැනුම

    මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වූ දරුවකු දැක අනුකම්පාව උපදවා ආලෝකයක් පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී, “දරුව මෙහි එව, තථාගතයන් දෙස බලව. රාහුගෙන් සඳ මිදුණාක් මෙන් මම නුඹ මුදා ගන්නෙමි” යි වදාළ සේක. මේ විපතට පත් දරුවා කවුද? බුදුරජාණන් වහන්සේ මොහු මුදා ගත් ආකාරය පැහැදිලි කරන්න.

    (බුදුසරණ 2007.09.19)

     

  • සදහම් දැනුම

    “දේවතාවෙක් දේවතාවියක සමඟ ජීවත් වීම” මෙයින් සුන්දර අඹුසැමි දෙදෙනෙකු ගැන කිය වේ. දෙවිදේවතාවන් වැනි මෙම අඹුසැමියෝ උත්තම ගණයේ පති පතිණියන් ලෙස සලකනු ලබති. එකිනෙකාගේ ජීවත්වීමේ අයිතිය බුහුමනින් පිළිගන්නා “මුසා, පිසුණු හිස් වදන් තෙපලීමෙන් මිදුණු අභිධ්‍යාවෙන් නොවැඩුණු පරහිතයෙහි නිරත සම්‍යග් දර්ශී උදාර චරිතවත් සැමියා යුග දිවියෙහි දෙවියෙකු ලෙස දක්වා ඇත.  මිථ්‍යාචාරයෙන් වෙන්ව සම්මාචාර පිළිගත් බුදුසමය, විවාහය පිළිබඳව තත්ත්වය සබඳතා මනාව හෙළි කරයි. නිදසුනක් මඟින් අනාවරණය කරන්න.

    (බුදුසරණ 2007.09.10)

     

  • සදහම් දැනුම

    බෞද්ධ අප බුදුරජාණන් වහන්සේට ආකාර දෙකකින් පූජා පවත්වනවා. මේ ආකාර දෙක මොනවාද?

    (බුදුසරණ 2007.09.04)

     

  • සදහම් දැනුම


    පෙළ දහමට අනුව ලෝකය, එහි හට ගැනීම හා පරිහානිය (සමුදයංච අත්ථගමංච) කෙසේ වන්නේද? මේ පිළිබඳ දේශනා පාඨ ඇසුරු කරමින් ධර්මානුකූල විවරණයක් කරන්න.

    (බුදුසරණ 2007.08.28)

     

  • සදහම් දැනුම
     

    රාහුල සාමණේරයන් වහන්සේ පැවිදි වූ අලුත ම දේශනා කළ සූත‍්‍රයකි, අම්බලට්ඨික “රාහුලෝවාද සූත‍්‍රය” එහි කියැවෙන්නේ සත්‍යගරුක ජීවිතයක ඇති වටිනාකමයි. එම සූත‍්‍ර ධර්මයෙහි අන්තර්ගතය (ඇතුළත් කරුණු) පිළිබඳ ව පැහැදිලි කරන්න.

    (බුදුසරණ 2007.08.20)