වහුමුවේ
විජයවංස නා හිමි ප්‍රශ්නය - අනුරාධපුර නටබුන් අතර ‘වෙස්සගිරිය’ නමින් පුදබිමක් සටහන් වී
තිබේ. එම පුදබිම පිළිබඳ පැහැදිලි කරන්න.
පිළිතුර - ‘වෙස්සගිරි විහාරය’ ලක්දිව බුදු සසුන පිහිටුවන ලද අවස්ථාවේ
සිටම භික්ෂූන් වහන්සේගේ ආරාම පිහිටි පුදබිමක් බව ක්‍රි.පූ. තුන්වන
සියවසව අයත් සෙල් ලිපි හමුවීමෙන් පැහැදිලි වෙයි. වෙස්සගිරි ආරාමයෙහි
උස් බිමෙහි දාගැබක් තිබීම හා ඒ අවට ආරාමික ගොඩනැගිලි බොහොමයක්ද පිහිටා
ඇත. එම විහාරය රමණීය භූ®මියක් වූ බව අවට ගල්ගුහාත් පර්වත හා අනෙකුත්
ආගමික ගොඩනැගිලිත් අනුව ආරාම සංකීර්ණයක පැවැතිය යුතු ශාන්ත බව තිබෙන්නට
ඇත.
ප්‍රශ්නය - නජච්චා වසලො හොති නජ්ච්චා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො
(වසල සූත්‍රය - ස. නි)
මිනිසෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන්නේ ය. කර්මයෙන් හෙවත්
ක්‍රියාවෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ යැයිද බුදුරජාණන්වහන්සේ
වදාළහ.
මෙම දහම් නියමය ප්‍රායෝගික වශයෙන් සනාථ කළ හැකි සාධක දේශනා පාලියට අනුව
පැහැදිලි කරන්න.
පිළිතුර - එම වසල සූත්‍ර දේශනා ‘පාඨයෙහිකම්මනා වසලො හොති - කම්මනා හොති
බ්‍රාහ්මණො’ යන තන්හි ‘කම්මනා (කර්මයෙන්) යන්න පූර්ව කර්මය වශයෙන්
සැලකිය නොහැකිය. එය පූර්ව කර්මය නම් ඒ කර්මය නිසා මිනිසා උපතින්ම
වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු විය යුතුය. එසේ නොවන බව ‘න ජච්චා වසලො හොති’
ආදී මුල් ගාථාපද දෙකෙන් දේශනා කරන ලද්දේ ය. බුදුරජාණන් වහන්සේ මෙහිදී
අවධාරණය කරන ලද්දේ වර්තමාන කර්මයයි. (මෙලොවදීම කරන) කර්මය හෙවත්
ක්‍රියාවයි. යමෙක් මෙලොව මිනිසත්බව ලබා සතුන් මැරීම - රහමෙර පානය වැනි
පහත් ක්‍රියාවන්හි යෙදෙයි නම් හෙතෙම වසලයෙක් වේ. යමෙක් පස්පවින් වැළකී
සුචරිතයෙහි හැසිරේනම් හෙතෙම උත්තමයෙකි. බ්‍රාහ්මණයෙකි.
ප්‍රශ්නය - විඤ්ඤාණප්පච්චයා - නාමරූපං’ විඤ්ඤාණය නිසා නාම රූප හටගනී.
මෙම ප්‍රස්තුතය ගැඹුරු ධර්ම කරුණකි. එහෙත් සරලව ධර්මානුකූ®ලවද විවරණය
කළ හැකිය. පැහැදිලි කරන්න.
පිළිතුරු - නාම හා රූප යන්නෙන් ගැනෙන්නේ් ස්කන්ධ පංචකයයි. වේදනා,
සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතර නාම ස්කන්ධ වශයෙන්ද, රූපස්ඛන්ධය
කය හෙවත් භෞතික අංශය වශයෙන් වෙන්කොට දක්වා ඇත. නාම ශබ්දය නොයෙක් අතට
නැමීම යන අදහස දෙයි. නාමස්ඛන්ධ එබඳු නම්‍යශීලි ගතිය නිසා නාම යන
නාමයෙන් සංග්‍රහ වී ඇත.
ප්‍රශ්නය - බුදුරජාණන්වහන්සේ ‘’අත්තුප්පනායික ධම්ම පරියාය’’ වශයෙන්
දේශනා කොට වදාළ ධර්මය කුමක්ද? සුවිශේෂ වූ ධර්ම කරුණ සහ එය සඳහන් වන
සූත්‍රය ද සඳහන් කරන්න.
පිළිතුර - වෙළුද්වාර සුත්‍රාගත අත්තුපනායික ධර්මපරියාය පැහැදිලි
කිරීමේදී දෙයාකාර වෙන්කිරීමක් දක්නට ලැබේ. පළමුවැන්න අගැයුම්ශීලි අංශය
වේ. දෙවැන්න සිද්ධිවාචක අංශය යනුවෙනි. තමා උපමාවට ගෙන අනුනට හිංසා නොකළ
යුතුය. මම වනාහී ජීවත්වනු කැමැත්තෙමි. සුව කැමැත්තෙමි. දුක් පිළිකුල්
කරන්නෙමි. එසේ වූ මගේ් දිවිය තොර කරන්නේ් නම් මට අපි‍්‍රයජනක
ක්‍රියාවක් වෙයි. මා මෙන්ම අනෙකාගේ ද දිවි තොර නොකළ යුත්තේ ඔහු ද මා
මෙන්ම තම දිවියට ආදරය කරන බැවිනි. එසේ නම් ඔහු ද දිවිය රැක ගත යුතුය.
අප දෙදෙනාම ප්‍රාණඝාතයෙන් වළකී. කාය සංවරය වැඩිය යුතුය.
ප්‍රශ්නය - ව්‍යාපාදය ද අකුසල කර්මයකි. එහි විපාක පිළිබඳව පැහැදිලි
කරන්න.
පිළිතුර - ව්‍යාපාද අකුසල කර්මය විපාකය සිදුවීම සඳහා ප්‍රධාන හේතු
දෙකක් තිබිය යුතුය.
1. පුද්ගලයෙකු හමුවීම
2. ඒ තැනත්තාට වධ හිංසාවක් පැමිණවීම සඳහා සිතීමය. මතු භවයකදී විරූපී බව
හා ආබාධිත බව හා අපි‍්‍රයජනක තැනැත්තෙකු වීම ව්‍යාපාද අකුසල කර්මයෙහි
විපාක වෙයි.
ප්‍රශ්නය - පරපටිබද්ද වූ ගිහි සිව්පසයෙන් යැපෙන භික්ෂූ ජීවිතය සිව්පසය
ලැබීම සඳහා ‘සත්ත ආහුනෙය්‍ය’ නම් කරුණු සතකින් තම පිළිවෙත සකස් කරගත
යුතුවේ. සැදැහැවතෙකු වෙතින් ලැබෙන පුද සත්කාර පිළිගැනීමට සුදුසුකම්
හතක් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. ඒ මොනවාද?
පිළිතුර - ‘සත්ත ආහුනෙයපට්ඨානානි’ පූජා ලැබීමෙහි සුදුසු සාධක
1. ධම්මඤ්ඤතා - ධර්ම ඤාණය
2. අත්ථඤ්ඤතා - අර්ථය දැනීම
3. අත්තඤ්ඤතා - තමා හඳුනා ගැනීම (ආත්මාවබෝධය)
4. මත්තඤ්ඤතා - පමණ දැනීම
5. කාලඤ්ඤතා - කාලය දැනීම
6. පරිසඤ්ඤතා - ශ්‍රාවක පිරිස හඳුනා ගැනීම
7. පුග්ගල පරෝපරඤ්ඤතා - පුද්ගල ගතිලක්ෂණ හඳුනා ගැනීම.
ප්‍රශ්නය - බුදු දහමට අනුව කායික වැනි භෞතික ශක්තීන්ට වඩා පුද්ගල
අධ්‍යාත්මික ශක්තියම නිරතුරුවම අගය කරයි. මෙම අධ්‍යාත්මික සුවිශේෂ
ශක්තීන් මොනවාද?
පිළිතුර -
ශ්‍රද්ධාව සද්ධා බලය
වීර්ය වීර්ය
ලජ්ජාව හිරි
බිය ඔත්තප්ප
සිහිය සති
සමාධි සමාධිය
ප්‍රඥා ප්‍රඥාව
බාහිර ශක්තීන්ට වඩා අධ්‍යාත්මිකව මේ ගුණ ධර්ම පුරා ඇත්නම් එම තැනැත්තා
දැහැමි සත්පුරුෂයෙක් මෙන්ම ආත්මීය ශක්තියක්ද ඔහු සතුවෙයි.
|