සදහම් දැනුම
වහුමුවේ
විජයවංස නා හිමි |
ප්‍රශ්නය - පෙලදහමට අනුව දන්දීම බෝසත් ගුණයකි. මෙම සද්ගුණයෙහිදී
සුවිශේෂ වූ දානයක් වශයෙන් සුදුසු කල සුදුසු පුද්ගලයන් වෙතම පරිත්‍යාග
කිරීම දානානිශංස මහත්ඵල මහානිශංස ගෙනදීමට හේතුවෙයි. මේ අනුව සුදුසු
කාලය පිළිබඳව බුද්ධ දේශනාව කුමක්ද? යන්න පැහැදිලි කරන්න.
පිළිතුර - ආගන්තුක වශයෙන් පැමිණෙන තැනැත්තා (ගමික) ග්‍රාමවාසී දැහැමි
අයෙක්, (ගිලානස්ස) ගිලන් අයෙක්. දුර්භික්ෂ වූ - අවස්ථාවක දීම (නව
සස්සාන) නව ශස්‍ය නවඵල වලින් දන්දීම.
මෙහිදී කාල වශයෙන් පුද්ගලයන් නාමික වශයෙන් සඳහන් වෙතත් ‘කාලදාන’ වශයෙන්
බුදුරජාණන් වහන්සේ අවස්ථා පහක් වශයෙන් දන්දීමෙහි ශ්‍රේෂ්ඨත්වය අනුදැන
වදාළහ.
ප්‍රශ්නය - බුදු දහමට අනුව දානපති දායක විසින් සාන්දෘෂ්ඨික ඵලනෙලා
ගැනීමට අනතුරුව ප්‍රතිග්‍රාහක හෙවත් ලබාගන්නා තැනැත්තා ද (පංච ඨානානි)
ආනිශංස ලබාගනී. ඒ මොනවාද?
පිළිතුර - දානපති විසින් ප්‍රතිග්‍රාහක (ලබන්නා) ආයුෂ දී දෙව් මිනිස්
ආයුෂ හිමිකම් ලබාගනී. දානපති විසින් ප්‍රතිග්‍රාහක වෙත වර්ණය , සැපය,
බලශක්තිය (පටිභානං- වැටහීම) කල්පනා ශක්තිය ලබා ගැනීමට සමත් වේ.
ප්‍රශ්නය - බුදු දහමෙහි එන අතිශයින්ම වැදගත් දේශනා පාඨයකි මේ.
“සෙය්‍යථාපි භික්ඛවේ සුභූමියං චාතුම්මහාපථෙ - මහා නිග්‍රොධෙ සමන්තා
පක්චීනං පටිසරණංහොති. එව මෙව ඛො භික්ඛවෙ සද්ධො කුලපුත්තො බහුනො ජනස්ස
පටිසර්ණං හොති’’
යහ බිමක මහනුගරුකක් මෙන් සැදැහැසිත් ඇති සත්පුරුෂයා බොහෝ දෙනාට පිහිට
වෙයි. පරෝපකාරයෙහි නියැලුනු මෙම සත්පුරුෂ කුලපුත්‍රයාගේ ගති ලක්ෂණ
පැහැදිලි කරන්න.
පිළිතුර - අනුන් යහපත පතන සත්පුරුෂයා පළමුකොට සැදැහැසිතැතියකු ම සොයා
බලා උපකාර කරයි. එසේ නොමැතිනම් ඉදිරියෙහිදී ආගන්තුකව හමු වූ
සැදැහැවතෙක් අනුග්‍රහ දක්වයි. සැදැහැසිත් නැති අයෙකු කෙරෙහි ඔහුගේ
අනුග්‍රහයක් නැත. මෙසේ සැදැහැසිත් ඇත්තකු කරාම එළඹ මැ සැදැවතෙක් හමු
නොවුනහොත් දහම් දේශනයක් ආදි වශයෙන් දැහැමි අයෙක්ම සොයා උපකාරය කරනු
විනා සැදැහැ සිතක් නැති දහමින් තොර අයෙකුට කිසිවිටකත් අනුග්‍රහ නො
දක්වයි.
ප්‍රශ්නය - පුද්ගල යහපත, ආශ්‍රය, නිශ්‍රය හා උපනිශ්‍රය මත සිදුවන බව
මහා මංගල ආදි සූත්‍ර දේශනාවලදී දක්නට ලැබේ. පෙල දහමට අනුව ‘පබ්බත රාජං
නිස්සාය මහාසාලා පංචහි වඩ්ඩහී වඩ්ඩති’ යනුවෙන් හිමවත් පර්වත රාජයා නිසා
වනගත ගස්වැල් ලා දළු පලු පෙත් හා ගෙඩි හටගන්නා සේ සැදැහැති කුල පුතුන්
නිසා ‘අන්තොජනො’ ඇතුලු දෙනා කරුණු පසකින් වැඩි දියුණුවට පත්වන්නේ. මෙම
කරුණු පස මොනවාද?
සැදැහැති කුලපුත්‍රයා නිසා ඇතුලු ජනයා (අන්තොජනො) සදැහැයෙන් වැඩෙයි.
ශීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන සද්ගුණයන්ගෙන් ඇතුලු ජනයා වැඩි
දියුණුවට පත්වන්නේ ය.
ප්‍රශ්නය - බෞද්ධයෙකු තමා උපයා ගන්නා ධනය ‘කෙසේ හෝ ධනය යන තේමාව නො
පිළිගනී. ධනය උපයා ගැනීමෙහි දී ද හෘදය සාක්ෂියක් ඔහුට තිබිය යුතුය. තම
සන්තකය ‘උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි, බාහාබල පරිචිනෙහි, ධම්මිකෙහි,
ධම්මලද්දෙහි’ යනුවෙන් පරම නිෂ්ඨාව වූ උපයාගත් භෝගය දහඩිය වගුල,
උත්සාහයෙන් උපයාගත් දැහැමි එකක් බවට ඔහුට ඔහුම වගකිව යුතුය. එම දැහැමි
භෝගය බෙදා හැරීමෙහිදී දැහැමි බව පැවතිය යුතුම බව බුදු දහම අවධාරණය
කරයි. පාරිභෝජක භෝගය බෙදී යන ආකාර පහකි. පැහැදිලි කරන්න.
පිළිතුර - බුදුදහමට අනුව සිඟාලක සිටුපුත්‍රයාට වදාළ පරිදි දැහැමින්
හෙලු දහඩිය මුගුරු ඇති භෝගයන් පරිභෝජනය කිරීමෙහි දී ද අජ්ද්ධු මරණං -
අනාථමරණං’ වැනි තමා විනාශය සඳහා යොදා නොගෙන උපරිම යහපත සඳහා යොදාගත
යුතුය.
පළමුකොටම ශ්‍රමදායක වන තමා ධනය පරිභෝජනය කොට සුවපත්විය යුතුය.
දෙමව්පියන් දූ පුත් , දැසි දසුන් සුවපත් කළ යුතුය. එසේම
මිත්‍රාමාත්‍යයන් ට සැලකිය යුතුය. තුන්වන භාගය අනාගත උවදුරකදී
ප්‍රයෝජනය සඳහා තැන්පත් කළ යුතු අතර රාජබලි ආදී පංචවිධ වූ බලි සඳහා
යෙදවිය යුතුය.
තමා දහදිය මහන්සියෙන් උපයා සපයා ගත් භෝගයෙන් පසුව “උදග්ගිකං දක්ඛිනං
පතිට්ඨාපෙසි’ මතු ආත්ම භාවයන්හි දී මෙබදු භෝග සම්පත් ලැබීම සඳහාත්
දෙව්ලොව දිව්‍ය සම්පත් සඳහා හේතුවන්නා වූ දක්ඛිණර්හයන් උදෙසා දන් දිය
යුතුය.
මෙබඳු ධන පරිභෝජනයෙන් තෘප්තියට පත් පුද්ගලයා ‘යදත්ථං භෝගං ඉච්ඡෙය්‍ය’ -
පණ්ඩිතෙ සිරමාවසං සො මෙ අත්ථො අනුප්පත්තො කතං අනුතප්පිය’ යනුවෙන් ධනය
දැහැමින් රැස් කළේ ‘මා විසින් වළදන ලදහ (භූත්තා භොගා) පෝෂණය කළ යුත්තේ
ද පෝෂණය කළෙමි (භතාභච්චා) ආපදාවකදී ඵල ප්‍රයෝජනය සඳහා (විතිණ්ණ
ආපදාසුමෙ) තැන්පත් කොට ඇත. දක්ෂිණාර්හය සහ පංචබලි සඳහා ද ධනය යෙදවීමි.
එසේනම් පසුතැවිලි වීමට හේතුවක් නැත.
ප්‍රශ්නය - මහපොළොවට වැටුණා වූ වර්ෂාව ‘මහ මෙඝො සබ්බසස්සානි
සම්පාදෙන්තො’ සියලු භෝග සම්පත් වඩා වැඩිවීමට හේතු වන්නේ ද සත්පුරුෂයාගේ
මෙලොව පහළ වීමට සියලු දෙනාගේම යහපත පිණිස වන්නේය. සත්පුරුෂයාගේ් ලොව
ජන්මයේ යහපත් ඵල මොනවාදැයි පැහැදිලි කරන්න.
පිළිතුර - සත්පුරුෂයාගේ උපත බොහෝදෙනා ගේ හිතසුව පිණිස පවතී.
සත්පුරුෂයාගේ දෙමව්පිය, අඹුදරු දාස කම්කරු ආදී තමා වෙතින් යැපෙන්නන්ට ද
හිතසුව වන්නේ ය. ස¼ග යහළුවනට වැඩපිණිස වැන්නේ ය. එසේම මහණ බමුණන්ට ද
හිතපිණිස ද වැඩ පිණිස වන්නේ්ය.
ප්‍රශ්නය - බෞද්ධයෙකු විසින්් නිරතුරුව අභිණ්හං පච්චවෙක්ඛි තබ්බං’
(ප්‍රත්‍යවෙක්ෂා) සිහිකටයුතු කරුණු බොහොමයකි. ඒ අතර ගිහි පැවිදි
වෙනසකින් තොරව සිහිගැන්විය යුතු ධර්මතා පහක් බුද්ධ දේශනාවෙහි ඇතුලත්ව
ඇත. මේවා නිතර සිහි ගැන්වීම (ප්‍රත්‍යමොක්ෂා ප්‍රායෝගිකව සක්කාය දිට්ඨි
වැනි මිථ්‍යාදෘෂ්ටින් දුරලීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වන නිසයි. මෙම
කරුණු ඉත්ථියාවා පුරිසෙනවා - ගහට්ඨන්වා පබ්බජිතනෙවා) ස්ත්‍රී පුරුෂ හෝ
ගිහි පැවිදි සෑම කෙනෙකු විසින් සිහි කටයුතු ධර්ම පහකි. ඒ මොනවාද?
පිළිතුර - මම දිරාපත්වීම ස්වභාව කොට ඇත්තෙමි, දිරාපත්වීම නො ඉක්වීම
ස්වභාව කොට ඇත්තෙක් වීමි, ව්‍යාධිය හෙවත් රෝගීවීම ස්වභාව කොට ඇත්තෙක්
වීමි, එසේම මරණයද එසේමය. තවද මගේ් සෑම පි‍්‍රයයන් හා පි‍්‍රයවස්තූ®න්
කෙරෙන් වෙන්වීමක් එම පුද්ගල හා අවස්ථා වෙනස්වන අනිත්‍ය ස්වභාව කොට
ඇතිබව, කර්මය ස්වභාවය කොට කර්මයට දායාද කොට කර්මය උපතට හේතුවක් කොට
කර්මය නෑදෑකොට කර්මයට පිළිසරණ කොට ගෙන ම වසමිය සිහි කටයුතුය. මෙසේ වසන
මම උපධි රහිත අරහත් මාර්ගය දැන (ආරෝග්‍යය) නිරෝගී භවයෙහිද යෞවන මදයෙන්
මිදීමද ජීවිත මදයෙන් මිදීමද දැන අභිනිෂ්ක්‍රමණයෙන් පැවිද්ද ලබා සම්‍යග්
ව්‍යායාමයෙහි යෙදී නිවනට යොමු වූ සිත් ඇත්තෙක් වෙමි.
ප්‍රශ්නය - සිරිලක් බිමේ මුල්ම බෞද්ධ වනෝද්‍යානය වූයේ රාජකීය විනෝද
උද්‍යානයයි. මෙම මුල්ම බෞද්ධ වනෝද්‍යානය කුමක්ද?
පිළිතුර - මුටසීව රජු විසින් කරවන ලද මහමෙවුනා උයන බෞද්ධාගමික රාජකීය
උයනක් බවට පත්වූයේ දෙවන පෑතිස් මහරජු සහ අරහත් මිහිඳු මාහිමි
හමුවීමෙනි. මෙරට මුල්ම රාජකීය උද්‍යානය බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ලෙස
මිහිඳු මහරහතන් වහන්සේට පූජාකිරීම දෙවන පෑතිස් මහරජුගේ උපරිම
රාජානුග්‍රහ තමා අලුතින් වැළඳගත් ආගම වූ බෞද්ධගමට දැක්වීමයි. මේ කරුණ
සඳහා ඉතා වැදගත්ම සන්නස මහමෙවුනා උයන බව රජු හා මිහිඳු මාහිමි දෙපළ
පිළිගන්නට ඇත. |