සදහම් දැනුම
වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය -මෙම පුවතින් කියවෙන බුද්ධකාලීන සම්මානනීය තැනැත්තා කවුද?
එවිට බිම්සර මහරජු ඔහුට ‘රාජ වෛද්‍ය’ යන සම්මානය පිරිනමා බුදුපාමොක් මහ
සහනට ද තමාටද උවටැන් කරන සේ නියම කොට අවුරුද්දකට ලක්ෂයක් ආදායම ලැබෙන
ගම්වරක් ද රමණීය අඹ උයන ද මාළිගයක්ද තුටු පඬුරු කොට පිරිනැමීය.
පිළිතුර -බිම්සර පුත් අභයරාජ කුමරු නිසා ‘සාලවතී’ නම් නගර ශෝභිනියගේ
පුත්‍රයා ජීවත් වේ. යන්න මුල්කොට ගෙන ජීවක නම් විය.
අභයරාජ කුමාරයා සිය මාළිගයෙහිම ඇති දැඩිකළ නිසා ‘කොමාරභච්ච’ නම් විය.
ජීවක වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණ රජගහ නුවර වාසය කළේය. ජීවකයෝ
බරණැස් සිටුපුත්‍රයාගේ ආබාධයක් ද රජගහ නුවර සිටුහුගේ සත් අවුරුදු හිස
රදය ද සුවපත් කොට රාජකීය වෙදැදුරෙක් විය.
ප්‍රශ්නය - බුදු සිරිතෙහි ‘උදානය’ යනුවෙන් සඳහන් වන්නේ කුමක් ගැනද
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම උදානය පැහැදිලි කරන්න.
පිළිතුර - සවාසනා කෙලෙසුන් නසා ලොවුතුරා බුදු වූ බුදුරජාණන් වහන්සේ
මෙසේ සිතූහ. ආශ්චර්යකි. සියලු සසර දුකින් මම මිදුනෙමි. ‘බුද්ධ’ යන
පදවිය ලදිමි.
මහත් වූ දහම් ඇස (චක්ඛුං උදපාදි) සියලු සතුන්ට දහම් දෙසා සංසාර
බන්ධනයෙන් ඔවුන් මුදවාගන්නට සමත් වෙමි. මහත්වූ විජයශ්‍රීයට පැමිණියෙමි.
මෙසේ සිතූ උන්වහන්සේ (උදානං උදානෙසි) ප්‍රථම උදානය පළ කළහ.
අනෙක ජාති සංසාරං
සන්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන් තො
දුක්ඛා ජාති පුනප්පුනං
අත් බැව් නමැති ගෙය තණනවඩු සොයමින්
තනන
මෙසසර අනේ දෑ
සැරි සැරිමි විඳිමින් දුක
ගහ කාරක දිට්ඨොසි
පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුගා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං
තණ්හානං ඛය මජ්ඣගා
තණ්හා නමැති වඩුව මම තා දිටිමි. නොතනහි යළිගෙය කෙළෙස් අවිදු කැණි මඬල
නැසීමි. මාසිත නිවන් වනි. හේ ඵල විසින් නො තැනුණු මුළු තණ්හා ගෙවාහැර
ලදුගේම රහත් ඵල මම මෙසේ උදන් අනා බුදු පදවි ලත් තැන සිට පුරා සතියක්
උන්වහන්සේ අර්හත්ඵල සමවතින් කල් යැවූ සේක.
ප්‍රශ්නය - පෙල දහමට අනුව බෞද්ධ ජීවිතයක කළමණාකරණයෙහි වැදගත් අංගය නම්
උපාය කුසලතාවයයි. තත්‍රැපායාය වීමංසාය සමන්නාගතො යනුවෙන් සඳහන් වන්නේ
එයයි. මෙම කුසලතාවය පිළිබඳව බෞද්ධයෙකු සැකසියයුතු පිළිවෙත පැහැදිලි
කරන්න.
පිළිතුර - ධාන්‍ය, ධනය, යස, කීර්තිය, සැපය යන දෑ ගලා එන්නට හේතුවන
ඉක්මණින් ම භෝග සම්පත් බහුල වීමට කරුණු හතරක් බුදු දහමෙහි සඳහන් වෙයි.
1. සුදුසු පියසෙක විසීම (ප්‍රතිරූප දේස වා සො)
2. සත්පුරුෂ ආශ්‍රය (සප්පූරිස සුපස්සයො)
3. තමා මනාව පිහිටුවා ගැනීම (අත්ත සම්මා පණිධි)
4. පෙර කළ පින් ඇති බව වේ (පුබ්බේච කත පුඤ්ඤතා)
ප්‍රශ්නය - පංචිමා භික්ඛවෙ වණිජ්ජා උපාහිතෙන අකරණීයා’ බෞද්ධා (උපාසතෙන)
නොකටයුතු වෙළඳාම් පස මොනවාද?
පිළිතුර -
1. සත්ථ වණිජ්ජා හෙවත් අවි වෙළඳාම
2. සත්ත වණිජ්ජා - හෙවත් සතුන් හෝ මිනිසුන් වෙළඳාම
3. මංස වණිජ්ජා හෙවත් මස් පිණිස සතුන් වෙළඳාම
4. මජ්ජ වණිජ්ජා හෙවත් මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙළඳාම
5. විස වණිජ්ජා හෙවත් විස වෙළඳාම
ප්‍රශ්නය - ධර්ම ග්‍රන්ථයන්හි (ද්වෙ ධම්මා) යනුවෙන් භව දිට්ඨි - විභව
දිට්ඨි යනුවෙන් මරණින් මතු පැවැත්ම පිළිබඳව සඳහනක් වෙයි. පැහැදිලි
කරන්න.
පිළිතුර - මරණින් මතු පැවැත්ම පිළිබඳව පැරැණි දඹදිව දාර්ශනිකයන්
එල්බලත් මතවාද දෙකක් වෙයි. සදාකාලික ආත්මයක් පිළිබඳව පිළිගත් පිරිස, භව
දෘෂ්ඨිවාදීන් වශයෙන්ද, ‘චාර්වාක’ වැනි අන්තභෞතික වාදීන් මරණින් මතු
පැවැත්මක් පිළි නොගන්නා අය ‘විභව‘ දෘෂ්ඨවාදීන් වශයෙන්ද සලකා ඇත.
ප්‍රශ්නය- සංචෙතනික ක්‍රියා (චෙතනා සහිත) එම කි‍්‍රයාවලට මුල්වන
(නිධාන) අනුව බෙදීමක් සිදුවෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර - සචේතනික ක්‍රියා එම ක්‍රියාවලට මුල් වන චේතනා අනුව කුසල හා
අකුසල වශයෙන් ෙදැවැදෑරුම් වෙයි. මෙම වෙන්කිරීම සඳහා කම්ම නිදාන හෙවත්
මුල් තුනක් ධර්මයෙහි සඳහන් වෙයි. මෙහිදී කුසල පක්ෂයට අලොභ අදොස, අමෝහ
යන චෛතසිකයන් ද අකුසල පක්ෂයට ලෝභ, දෝස, මෝහ යන චෛතසිකයන් ද මූලික වෙයි.
ප්‍රශ්නය - බෞද්ධ පිළිවෙතට අනුව ගිහි හෝ පැවිදි පුද්ගලයෙකු යහමග තෝරා
ගැනීම සඳහා සංකල්පනා ත්‍රයක් පෙල දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර - සංකල්පනා තුනකි එනම්
1. අත්තාධි පතෙය්‍ය
2. ලෝකාධි පතෙය්‍ය
3. ධම්මාධි පතෙය්‍ය
අත්තාධිපතෙය්‍ය ක්‍රමයෙහිදී තමා මුල්කරගෙන සිත සදාචාරයෙහි පිහිටුවීම
සිදුවෙයි.
ලොකාධිපතෙය්‍ය ක්‍රමවේදයට අනුව ලෝකාපවාදයට යොමුවන ක්‍රියාවලින් වැලකී
ආත්ම දමනයෙන් පධන්වීර්ය වඩා දිවිමග සරුකර ගැනීමයි. ධර්මයෙහි
ස්වාක්ඛාතාදී ගුණ මෙනෙහි කරමින් ඒ අනුව දැහැමි සිතිවිලි වඩා
ධර්මානුකූල පැවැත්මට නැඹුරුවීම ධම්මාධිපතෙය්‍ය නම් වෙයි.
ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් දේශනා කළ සමස්ත දේශනා
පාලි ත්‍රිපිටකයෙහි ප්‍රථම සංගායනාවෙහිදී එය එක්කොට සංග්‍රහ කරන ලදී.
පාලි ත්‍රිපිටකය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුලත්ව පැහැදිලි කරන්න.
පිළිතුර - භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ නමුත් උන්වහන්සේගේ්
දීර්ඝ හා ඵලදායි ලෝකාර්ථ චර්යාව මගින් මානව වර්ගයා වෙත නො සඟවා දායාද
කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අදත් නිර්මලව පවතී. බුද්ධ පරිනිර්වාණයෙන්
තෙමසකට පසු අජාසත් රජුගේ රාජෝදයෙන් අටවන වසරෙහිදී ධර්මයෙහි පිරිසුදුබව
උදෙසා රජගහ නුවර ධර්ම සංගායනාවක් පවත්වන ලදී. පිවිතුරු බුද්ධ දේශනාව
වියවුලකින් විනාශ නොවී පවත්වාගෙන යාම සඳහා නැවත ද බුද්ධ වර්ෂ 100 දී හා
236 දී රහතන් වහන්සේලාට සංගීති දෙකක් පවත්වන්නට සිදුවිය. ක්‍රි .පූර්ව
83 දී පමණ දැහැමි සිංහල නරේන්ද්‍රයෙකු වූ වට්ටගාමිණි අභය (වළගම්බා) රාජ
සමයේ මාතලේ අලුවිහාරයෙහි දී සංගායනාවක් පවත්වන ලද අතර බෞද්ධ ඉතිහාසයේ
ප්‍රථම වරට ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරන ලදී.
ත්‍රිපිටකය යන වචනයේ තේරුම ‘මක්ජුසාතුන’ යන්නයි. (පාලියෙන් ත්‍රිපිටක)
පිටක තුන විනය පිටකය, සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය වේ.
|