වහුමුවේ
විජයවංස නා හිමි
ප්‍රශ්නය
බුද්ධ චරිතයේ එක් අවස්ථාවක සුවිශේෂිත පුද්ගලයෙකු හා සමග කළ
සාකච්ඡාවකින් උපුටාගත් කොටසක් පහත දැක්වේ. සුනක්ඛත්ත, එන්න මා උදෙසා
වාසය කරන්න. කියා මම ඔබට කියෙම්ද? නැත, ස්වාමීනි! සුනඛත්ත, මම ඔබ
වහන්සේ උදෙසා වාසය කරන්නෙමියි කියා ඔබ මට කීයෙහිද?, නැත, ස්වාමීනි!
සුනක්ඛත්ත, මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය, එසේනම් දැන් මම
භාග්‍යවතුන් වහන්සේ අතහැර යමියි කීම කෙතරම් අඥාන සාවද්‍ය, කියමනක් ද?
මෙම පුවත අදාළ අවස්ථාව කුමක්ද?
පිළිතුර
“සුනක්ඛත්ත” නමැති ලිච්ඡවී භික්‍ෂුනම බුදුරජාණන් වහන්සේ තමන්ට සෘද්ධි
ප්‍රාතිහාර්ය නොපෙන්වන නිසාත්, ලොකෝත්පත්තිය නොදක්වන නිසාත්, නොසතුටට
පත්ව බුදුරදුන් අතහැර දමා යන බව ප්‍රකාශ කළ විට බුදුරජාණන් වහන්සේ එසේ
දේශනා කළ සේක.
ප්‍රශ්නය
එක් අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක පිරිස අමතා මෙසේ වදාළහ.
මහණෙනි! මට චෝදනා නොකළහැකිතුන් කරුණකින් මම ක්‍ෂේමප්‍රාප්තව
අභයප්‍රාප්තව, විසාරදව වාසය කරමි. උන්වහන්සේට මෙසේ චෝදනා නොකළහැකි
කරුණු තුන මොනවාද?
පිළිතුර
චෝදනා නොකළ හැකි තුන් කරුණ නම්,
තථාගත ධර්මය ස්වක්ඛාත ධර්මය නොවේ.
තථාගතයන් වහන්සේ නිවන්මග මැනවින් පෙන්වා දී නැත.
තථාගත ශ්‍රාවකයෝ අර්හත්වය ලබා වාසය නොකරති යනුවෙන් බුදුරජාණන් වහන්සේට
චෝදනා කළ නොහැකි ය. තථාගතයන් වහන්සේ මෙම තුන් කරුණ මෙසේ පැහැදිලි කළ
සේක.
1. තථාගත ධර්මය ස්වාක්ඛාතය
2. තථාගත ධර්මයෙන් නිවන් මග මැනවින් පෙන්වා දී ඇත.
3. තථාගත ශ්‍රාවකයෝ ආශ්‍රව ප්‍රහීණ කිරීමෙන් අර්හත්වය ලබා වාසය කරති.
මෙම තුන් කරුණින් සකාරණව මට චෝදනා කළ හැකි දෙවියෙකු, මාරයෙකු,
බ්‍රහ්මයෙකු හෝ වෙනත් කිසිවෙකු මම නොදකිමිය වදාළහ. (අංනි. සත්තක
අව්‍යකතවග්ග ආරකෙඛය්‍ය සූත්‍ර)
ප්‍රශ්නය
ශාසනික ඉතිහාසයෙහි සුවිශේෂ වූ ශ්‍රාවකයෙකුගේ ප්‍රකාශනයක් මෙසේ ය. ඒ
තැනැත්තා කවුද?
ආශ්චර්යයකි, ස්වාමීනි! විශ්මය ජනකයි, ස්වාමීනි! යටිකුරුව තිබූ බඳුනක්
උඩුකුරු කළාසේ සැඟවී තිබුණු දෙයක් මතුකර දක්වන්නා සේ මං මුළා වූ
කෙනෙකුට මඟ කියා දෙන්නාසේ ඇස් ඇත්තෝ රූප දකිත්වා. අඳුරෙහි පහනක් දැල්
වූවා සේ ඔබ වහන්සේ ධර්මය දේශනා කළ සේක. මම ස්වාමීනි! ඔබවහන්සේත්,
ධර්මයත්, සංඝරත්නයත් අද පටන් ජීවිතාන්තය දක්වා සරණ යන්නෙමියි පැවැසීය.
පිළිතුර
යක කුලපුත්‍රයාගේ පියා ප්‍රථමවතාවට තිසරණ සරණ ගොස් බුදු සමය වැලඳගත්
ගෘහස්ථයා වූ අතර එම ශ්‍රාවකයාගේ ප්‍රකාශය ඉහත දක්වා ඇත.
ප්‍රශ්නය
සියලු සත්වයෝ කර්මය සිය දේපළ වශයෙන් උරුමකරගත්තෝ ය.
(ම.නි.චුල්ලකම්මවිභංග සූත්‍ර) (කර්මය නම් චර්යාව හැසිරීම්) පිළිබඳව
හේතු ප්‍රත්‍යයයි. එහි අනුප්‍රාප්තික නියාමය පුනර්භවයයි. කර්මය මූලික
වශයෙන් කුසල හා අකුසල වශයෙන් කොටස් දෙකක් වූවත් කාර්ය අනුව කොටස්
හතරකි. ඒ මොනවාද?
පිළිතුර
1. ජනක කර්ම (නාම රූප ධර්ම උපතසිදුවීම, ඉපදවීම.
2. උපස්ථම්භක කර්ම (ජීවත්වීමට උපකාර කිරීම)
3. උප පීඩක කර්ම (ජීවත් වීමට බාධා කිරීම)
4. උපඝාතක කර්ම (ජීවිතය විනාශ කිරීම)
මේ කර්ම සතරේම ක්‍රියාකාරීත්වය පිළිබඳව එක් නිදසුනක් නම් දේවදත්ත
තෙරුන්ගේ ජීවිත පැවැත්ම දැක්විය හැකිය. ජනක කර්මය කුසල වූ හෙයින්
දේවදත්ත තෙරුන්රජ පවුලක උපතට හේතු විය. උපත්ථම්භක කර්මයේ බලපෑමෙන් සුව
පහසු ජීවිතයක්ම පවත්වාගෙන යෑමට කර්ම විපාකය බලවත් වුවත් සංඝභේද කර්මය
හේතුවෙන් උපපීඩික කර්ම විපාක වශයෙන් බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු විය.
අවසානයේ උපඝාතක කර්ම විපාක වශයෙන් අවාසනාවන්ත ඉරණමකට භාජනය විය.
ප්‍රශ්නය
භෞතික සහ ආධ්‍යාත්මික ක්‍ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක්
බුදු දහමෙහි ඉගැන්වෙයි. එම නියාම ධර්ම පහ මොනවාද?
පිළිතුර
1. උතුනියාම - අජීව වස්තූන් පිළිබඳ භෞතික නියාමයකි.
2. බීජ නියාම – ඇටවර්ග හා බීජයන්ගේ ස්වභාවයය.
3. කම්ම නියාම – කර්ම සහ විපාකය පිළිබඳ නියාමය.
4. ධම්ම නියාමය - ධර්තාවයන්හි නියාමය.
5. චිත්ත නියාම – මනසෙහි නියාමය
ප්‍රශ්නය
කායික (කයින් කෙරෙන) අකුසල් වලින් අදත්තාදානය (සොරකම) එකකි. නුදුන්
දෙයක් සොර සිතින් තමා සන්තකයට ගැනීම අකුසලයකි. මේ සඳහා සාධක කිහිපයක්
එක්වීමෙන් සතර අපා දුක් ඇතිවීම, අවාසනාවන්ත දිළිඳු ජීවිත පැවැත්මක්
ඇතිවීම. විපාක වශයෙන් ලැබීමට හේතුවන අංග සියල්ලක්ම සම්පූර්ණ විය යුතුය.
සම්පූර්ණ අකුසල විපාක සඳහා හේතුවන අංග මොනවාද?
පිළිතුර
අදත්තාදාන අකුසලයක් විපාක සඳහා හේතුව වන අංග පහකි.
1. අන්සතු භාණ්ඩයක් වීම.
2. අන්සතු බව දැනීම.
3. සොරා ගැනීමේ චේතනාව.
4. සොරා ගැනීමට කරන උපක්‍රමය .
5. එයින් පැහැර ගැනීම .
ප්‍රශ්නය
අකුසල කර්මවලින් වැළකී කය, වචනය යන දොරටුදෙක සංවරකර ගැනීම ශීලයයි.
සීලයෙහි ප්‍රභේද ගණනාවක් අතරෙන් ගෘහස්ථ සීලය (ගිහි) පැහැදිලි කරන්න.
පිළිතුර
ගෘහස්ථ ජීවිතයෙහි දී ආරක්‍ෂා කළ හැකි සීල වශයෙන් (සප්ත සීල) ක්‍රම හතක්
ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. අනගාරික අගාරික වශයෙන් ද වෙන්කොට ගෘහස්ථ
සීලය සමාදන් විය හැකි ය. එම සීල නම්,
පංච සීලය.
බ්‍රහ්ම චරිය සීලය.
ෂට්ක සීලය.
ආජීවට්ඨමක සීලය.
අට්ඨංග සීලය.
නවාංග සීලය.
දස සීලය.
ප්‍රශ්නය
සිල්වතෙක් වීම දෙලොවම යහපත පිණිස හේතුවන බව පෙළ දහමෙහි සඳහන් වෙයි.
සීලයෙහි විපාක වශයෙන් ලැබෙන ප්‍රතිඵලයන් පැහැදිලි කරන්න.
පිළිතුර
සීලයෙහි (ආනිශංස) ප්‍රතිඵල මෙසේ ය.
1. උපභෝග පරිභෝග සම්පත් ලැබීම.
2. දස දෙස සිල්වතාගේ කීර්තිය පැතිරෙයි.
3. අභීතව - නොපැකිළිව විශාරදව සභාගත විය හැකිය.
4. (අසම්මුළ්හෝ) නුමුළාව මරණය සිදුවන අතර මරණින් මතු සුගතියෙහි උපතට ද
සීලයෙහි විපාක වශයෙන් හේතු වන්නේ ය.
ප්‍රශ්නය
බෞද්ධ භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
පිළිතුර
රාග, දෝස, මෝහ ආදී සිත කිලුටු කරන සිතිවිලි, පහළ නොවන සේ සිත එක
අරමුණක පිහිටුවා නැවත නැවත ද එම අරමුණට සිත නැංවීම භාවනාවයි. (භාවෙතීති
භාවනා)
|