වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය
“තණ්හක්ඛයා සබ්බ දුක්ඛං ජිනාති” තෘෂ්ණාව නැතිකළේ නම් ඒ සියලු දුකින්
මිදී ජයග්‍රහණය ලැබුවා වේ. මෙහි සඳහන් ‘තණ්හක්ඛයා’ යන්න පැහැදිලි
කරන්න.
පිළිතුර
තෘෂ්ණාව තෙවැදෑරුම් වෙයි. කාමභව, විභව තෘෂ්ණා වශයෙනි. පස්කම් සැප
විඳීමට වුවමනා වස්තු කෙරෙහි ද සිත පිනවීමෙහි සමත් රාග, දෝස, ලෝභ ආදී
කෙළෙස් කෙරෙහි ද පවත්නා ඇලීම කාම තෘෂ්ණාවයි. ආත්මය නිත්‍ය සුඛ වශයෙන්
සදාකල්හිම පවතී යන මිථ්‍යා දෘෂ්ටියෙන් යුතුව පස්කම් සැප විඳින විට
ඇතිවන තෘෂ්ණාව භව තෘෂ්ණාව නම්වෙයි. ශරීරයට ආත්මයක් ඇත. මරණින් පසු
ආත්මය වැනසේ. නැවත උපතක් නැත. අතට පත් දිවිය පස්කම් සැප විඳිමින්
අවසනක් කළ යුතු ය. මෙය විභව තෘෂ්ණාවයි.
ප්‍රශ්නය
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! මා වැනි අයටත් මේ ශාසනයෙහි පැවිදි වන්නට
හැකිද? එසේ හැකිනම් පැවිදි වීමට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්ස! මා
පැවිදි කරන සේක්වා. මෙම ප්‍රකාශය කළ තැනැත්තා කවරෙක්දැයි අවස්ථාව
පැහැදිලි කරන්න.
පිළිතුර
රජගහනුවර විසූ සුනීත කසළ ශෝධකයකු වශයෙන් රැකියාව කොට ජීවත් විය. ඔහු
රහත් වීමට හේතු සම්පත් ඇතියෙකු බව දුටු බුදුන් වහන්සේ ඔහු වෙත පැමිණ
සුනීත, දුකසේ රකින මේ ජීවිතයෙන් කවර යහපතක් ද? පැවිදි වන්නට කැමැතිදැයි
ඇසූ සේක.එවිට සුනීත විසින් බුදුන් වහන්සේට දුන් පිළිතුර ඉහත අවස්ථාවය.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරිපුරයට වැඩමවූ කල එක්තරා ගෘහපති ගෘහපතිනි
දෙපලක් බුදුරදුන් දුටු විගස ‘පුතා ඔබ අපහැර මෙතෙක් දා හැසුරුණේ
කොහිදැයි හඬන්නට වූහ. එම දෙපල කවුරුන්ද අවස්ථාව කුමක්ද?
පිළිතුර
බෝධිසත්වයන් වහන්සේට නකුල මාතා සහ නකුල පිතු, පන්සිය වාරයක් මවුපියන්
වූවාය. බුදුන් වහන්සේ ඔවුන්ගේ සිත් තුළින් පුත්‍ර ස්නේහය ඈත් වනතෙක්ම
වැඩසිට දහම් දෙසූහ. සදහම් ඇසූ ;දමහල්ලෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ.
ප්‍රශ්නය
බුද්ධ ප්‍රතිමාවක දක්නට ලැබෙන මූලික අංග අතර එහි අන්තර්ගත ‘මුද්‍රා’ වට
විශේෂ තැනක් හිමිවෙයි. බුද්ධ ප්‍රතිමාවන්හි දක්නට ලැබෙන්නේ මුද්‍රා
හයක් පමණි. එයින් භූ ස්පර්ශ (භූමි) මුද්‍රාව එකකි. එම මුද්‍රාවෙහි
සුවිශේෂත්වය කුමක්ද?
පිළිතුර
වචනාර්ථයට අනුව භූමිය හෙවත් මහපොළොව ස්පර්ශ කිරීමයි. හින්දු ප්‍රතිමා
නිර්මාණ වල දක්නට නොලැබෙන මෙය බුද්ධ හා බෝධි සත්ව ප්‍රතිමාවලට පමණක්
ආවේණික වූ මුද්‍රා විශේෂයකි. එසේම මෙම මුද්‍රාව බුද්ධ ප්‍රතිමා අතර ද
හිඳි පිළිම හෙවත් වැඩ සිටින පිළිම වල පමණක් දක්නට ලැබෙන මුද්‍රාවකි.
වැඩි වශයෙන්ම පද්මාසනාරූඪව වැඩසිටි ආකාරයෙන් නිර්මාණය කොටඇති භූමි
ස්පර්ශ මුද්‍රා ප්‍රතිමාවන්හි විශේෂත්වය දක්‍ෂිණ හස්තය දකුණු දණහිසින්
අත්ල ඇතුලට සිටින සේ සියලු ඇඟිලි දිගහැර පහතට යොමුව තිබීමයි.
ප්‍රශ්නය
බුදු දහමෙහි එන පරිදි භාවනාව සඳහා අරමුණු කරගන්නා කර්මස්ථාන
(කම්මට්ඨාන) හතළිහක් වෙයි. මේවා ඒ ඒ පුද්ගලයන්ගේ මානසික ස්වභාවයට
සුදුසු පරිදි යොදා ගනු ලැබේ. කර්මස්ථාන සතළිහක්, නාමික වශයෙන්
පෙළදහමෙහි සඳහන් වන අතර සතර අප්පමඤ්ඤා යන්නද එක් කර්මස්ථානයකි.
පැහැදිලි කරන්න.
පිළිතුර
අප්පමඤ්ඤ යනුවෙන් සඳහන් වන්නේ බ්‍රහ්ම විහාර හෙවත් සතර
බ්‍රහ්මචර්යාවයි. බ්‍රහ්ම යන වචනය යොදා ඇත්තේ උතුම්, විශිෂ්ට යන අර්ථය
දීම සඳහාය. විහාර නම් චර්යාව හෙවත් හැසිරීමයි. පැවතුම් රටාවකි. මේවා
අප්පමඤ්ඤ (අසීමිත නිමක් නැති) වශයෙන් ද හැඳින්වෙයි. එසේ වන්නේ අප්‍රමාණ
වූ (අපරිමාණං) මුළු ලොව වසන සියලුම සත්ත්වයන් වෙත මෙත් සිතිවිලි
පතුරුවා හරින හෙයිනි.
ප්‍රශ්නය
අංගුලිමාල සූත්‍ර දේශනාවට අනුව ‘ආර්ය ජාතියෙහි උපත ලද ඉතාම කුඩා
ප්‍රාණියෙකුගේ ද දිවි තොර නොකළ පරම අහිංසකයෙකු වූ අංගුලිමාල තෙරණුන්
සිය ගණන් මිනිසුන් මරා දැමුවේ අනාර්යව සිටියදීය. බුදු දහමට අනුව ආර්ය
සහ අනාර්ය චර්යාමය ප්‍රමාණයන් උපයෝගී කොටගෙන බුදුදහම සමස්ත මානව වර්ගයා
ආර්ය සහ අනාර්ය යන කොටස් දෙකකට බෙදා තිබේ. පැහැදිලි කරන්න.
පිළිතුර
දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාවට අනුව ‘අනරියෝ - අනත්‍ථ සංහිතො දුක්ඛෝ’
ආදී වශයෙන් අනාර්ය පිළිවෙත හීන, ග්‍රාම්‍ය පුහුදුන් මිනිසුන් විසින්
සේවිතය. අනර්ථකාරීය. එසේම ආර්ය මාර්ගය අර්ථ සංහිතය ආර්යෝ යුගල වශයෙන්
හතරක් ද පුද්ගලයන් වශයෙන් අටදෙනෙක් ද වෙයි. ඒ මෙසේ ය. සොතාපන්න
මාර්ගස්ථ ඵලස්ථ දෙදෙනාය. සකදාගාමී මාර්ගස්ථ හා ඵලස්ථ දෙදෙනාය. අනාගාමී
මාර්ගස්ථ හා ඵලස්ථ දෙදෙනාය. අර්හන්ත මාර්ගස්ථ හා ඵලස්ථ දෙදෙනාය
යනුවෙනි. මෙයින් රහතන් වහන්සේ (අරහත්තා) නිමකළ කිස (කතකිච්ච) හෙයින්
අශේක නමින් ද ඉතිරි සත්දෙනා හික්මෙන අවස්ථාවක පසුවන හෙයින් ‘සෙඛ’ නමින්
ද හැඳින්වෙති.
ප්‍රශ්නය
පෘථග්ජන භූමියෙහි සිට ආර්ය භූමියට පැමිණ මෙහිදී ‘සද්ධානුසාරී සහ
ධම්මානු සාරි යනුවෙන් දෙකොටසක් ගැන පෙළදහමෙහි සඳහන් වෙයි. පැහැදිලි
කරන්න.
පිළිතුර
තෙරුවන් සරණ ගොස් පන්සිල් සුරකින දිවි පෙවෙතට නැඹුරු වූ සද්ධා වීරිය,
සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රියන්අවැඩෙන්නට පටන්ගැනීම නිසා තථාගතයන්
වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් උපදවා ගත් තැනැත්තා සද්ධානුසාරී
අවස්ථාව වෙයි. ධර්මය ද ශ්‍රවණය ඇසුරෙන් ධර්ම මාත්‍ර වැටහීමක් ලැබීමේ
අවස්ථාව ධම්මානුසාරී අවස්ථා වශයෙන් ම.නි කීටාගිරි සූත්‍ර දේශනාවන්හි
දැක්වේ.
|