සදහම් දැනුම

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    තථාගතයන් වහන්සේගේ මහා කරුණා නෙතට යොමු වූ ඇය සිටු දියණියකි. තම දෙමාපියන් සහ ස්වාමිපුරුෂයාත් එකම සහෝදරයාත් එකමදා මිය යෑමෙන් සෙනෙහෙබර ලෝකය අහිමිවූ අසරණ කාන්තාවකට බුදු පිහිට ලබා සුවපත් වූවාය. මේ විපතට පත් කාන්තාව කවුද ? බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක් මෙයින් මතුවී පෙනුණිද ?
    (බුදුසරණ 2012.12.12)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    මෙම පාඨය කියවන්න.
    “එවං පියො පුථු අත්තාපරෙසං තස්මා න හිංසෙ පරමත්ත කාමොති”
    “එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තෝ අනෙකෙකු නොපෙළෙන්නේ ය. - බු.නි. රාජසූත්‍ර
    බුදුරජාණන් වහන්සේ බෙහෙවින්ම සමීපතම යුවළකට දේශනා කළ උදානයකි. මෙම දායක දායිකා දෙපළ කවුද? මෙයින් බුදු දහමෙහි දැක්වෙන සර්වකාලීන සද්ගුණය කුමක්ද?
    (බුදුසරණ 2012.11.20)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    සත් හැවිරිදි වියෙහිදී ම සාමණේර නමක් බුදුරජාණන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්න දහයකට පිළිතුරු සපයා තම උපසම්පදාව ලබාගත්තේය. එම සාමණේරයන් වහන්සේගේ නම කුමක්ද? අසනලද ප්‍රශ්න දහයෙන් පළමුවැන්න කුමක්ද?
    (බුදුසරණ 2012.11.06)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    සියලු සත්වයෝ කර්මය සිය දේපළ වශයෙන් උරුම කරගත්තෝ ය. (ම.නි. චුල්ලකම්ම විභංග සූත්‍ර) කර්මය නම් චර්යාව (හැසිරීම්) පිළිබඳව හේතු ප්‍රත්‍යයයි. එහි අනුප්‍රාප්තික නියාමය පුනර් භවයයි. කර්මය මූලික වශයෙන් කුසල හා අකුසල වශයෙන් කොටස් දෙකක් වුවත් කාර්ය අනුව කොටස් හතරකි. ඒ මොනවාද?
    (බුදුසරණ 2012.10.15)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    සත්වයා යනු රූපාරූප ධර්මයන් ගේ සංයුතියකි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2012.10.08)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    බෞද්ධ ශ්‍රාවක සෑම කෙනෙකුම (සිව්වනක් පිරිස) නිතර මෙනෙහි කළ යුතු ධර්ම කරුණු පහක් බුද්ධ දේශනාවන්හිදී සඳහන් කර ඇත. වර්තමානයෙහි වුවද මෙබඳු සිහිගැන්වීම කායික හා මානසික සුවය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙම නිතර සිහිගන්වා ගත යුතු ධර්ම මොනවාද?
    (බුදුසරණ 2012.09.22)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    සකල සත්වයා කෙරෙහි හිතානුකම්පාව දැක්වීම බෞද්ධ ඉගැන්වීම බව ‘ සබ්බේ සත්තා සංකල්පය” පෙළ දහමෙහි අවධාරණය කෙරේ. සූත්‍ර දේශනා ඇසුරෙන් මෙය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2012.09.15)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    බුදු දහමට අනුව පුද්ගලයා චරිතයෙන් සුචරිත වත් විය යුතු ය. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2012.09.08)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    බුදු දහමට අනුව කර්මයෙහි එක් ප්‍රභේදයක් මෙම ගාථා ධර්මයෙහි ඇතුළත්ව ඇත. පැහැදිලි කරන්න.

    කම්මස්ස කාරකො නත්ථි
    විපාකස්සච වේදකො
    සුද්ධ ධම්මා පවත්තන්ති
    එවෙතං සම්ම දස්සනං
    (බුදුසරණ 2012.08.24)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    ධන කාමයෙන් උද්දාමයට පත් වූ එක් පුද්ගලයෙකුට බුදුර ජාණන් වහන්සේ මෙසේ වදාළහ.
    සෝචති පුත්තෙහි පුත්තිමා
    ගොමිකො ගොහි තථෙව සොචති
    උපධීහි නරස්ස සෝචනා
    නහි සො සොචති යො නිරූධති

    දරු සම්පතින් පොහොසත් තැනැත්තා එම දරුවන් නිසාම ශෝක පසුතැවිල්ලකට පත්වෙයි. ගව හිමියා ද ගව සම්පත් නිසා ම කිසියම් අවස්ථාවක ශෝකයට පත් වෙයි. මිනිසා (කෙලෙස්) උපධි සම්පත් නිසාම කෙඳිනක හෝ ශෝක කරන්නට සිදුවන අතර නිරුපධි (කෙලෙස් රහිත) තැනැත්තා කිසි දිනක ශෝක නො කෙරෙයි.
    (සු.නි.උරග වග්ග ධනියසූත්‍ර)

    මෙම දේශනාව කවුරුන් උදෙසා දේශනා කරන ලද්දක් ද?
    (බුදුසරණ 2012.08.17)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    සාමණේරයන් වහන්සේ බිසොවුන්ගේ බස් අසා දාන සම්භාර බලා සතුටුව රජව උපනහොත් බුද්ධ සාසනයට උපකාරීව බොහෝ පින් කර ගත හැක්කැ’යි සිතා එළඹ සිටියාවූ දිව්‍යලෝක සම්පත්තිය හැර බිසොවුන්ගේ ආරාධනාව පිළිගත් සේක.
    ( සං. ලං. 431 පිටුව )
    සද්ධර්මාලංකාර කතුවරයා මේ පුවතින් හෙළිකරන රජතුමා කවරෙක්ද? පැහැදිලි කිරීමක් කරන්න.
    (බුදුසරණ 2012.08.09)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    බුදුසමය පහළවීමට පෙර පැවැති බමුණු දහමට අනුව පුද්ගල ජීවිතය අවස්ථා 04 කට බෙදා දක්වන ලදී. මේවා එකල චතුරාශ්‍රම ධර්ම නමින් ද ව්‍යවහාර විය. බමුණු දහමෙහි විශේෂිත වූ එම චතුරාශ්‍රම ධර්ම මොනවාද?
    (බුදුසරණ 2012.07.26)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    – බුදුරජාණන් වහන්සේ ලොව පහළවන අවධිය වනවිට භාරතයේ බලපැවති සමාජ සංවිධාන මෙහෙයවීමට බ්‍රාහ්මණයාට වූයේ අධිකාරී බලයකි. ඔහු එය උපරිම ආකාරයෙන් මෙහෙයවා තමාට වාසි සහගත පරිද්දෙන් සියල්ල සකස් කරගත් ආකාරය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2012.07.18)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    “පංචිමා භික්ඛවෙ වණිජ්ජා උපාසකෙන අකරණීයා” ( උපාසක ) බෞද්ධයා නොකටයුතු වෙළෙඳාම් මොනවාද ?
    (බුදුසරණ 2012.07.11)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    “පංචිමා භික්ඛවෙ වණිජ්ජා උපාසකෙන අකරණීයා” ( උපාසක ) බෞද්ධයා නොකටයුතු වෙළෙඳාම් මොනවාද ?
    (බුදුසරණ 2012.06.27)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    සත් හැවිරිදි වියෙහි දීම සාමණේර නමක් බුදුරජාණන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්න දහයකට පිළිතුරු සපයා තම උපසම්පදාව ලබා ගත්තේය. සාමණේරයන් වහන්සේගේ නම කුමක්ද? අසන ලද ප්‍රශ්න දහයෙන් පළමුවැන්න කුමක්ද?
    (බුදුසරණ 2012.06.19)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    සත්වයා “උප්පත්තියා – සහෙ වෙදං මරණං ආගතං සදා ‘ උපතේ සිට මරණය කරා ගමන් කරයි.මේ සසර ගමනෙහිදී එකොළොස් ගින්නකින් සත්වයා දැවෙමින් ගමන් කරන බව ධර්මයෙහි සඳහන් වෙයි. මේ එකොළොස් ගින්න නාමික වශයෙන් සඳහන් කරන්න.
    (බුදුසරණ 2012.06.11)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    ප්‍රථම සංගීතියෙහිදී සූත්‍ර හා විනය පිටක වශයෙන් බෙදා වෙන්කර දැක්වූයේ කෙසේද?

    ‍(බුදුසරණ 2012.05.28)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    විඥානය නිසා නාම රූප හට ගැණේ. “විඥාණපච්චයා නාමරූපං” මෙම ප්‍රස්තුතය ගැඹුරු දහමක් අන්තර්ගතය. එහෙත් සරලව ධර්මානුකූ®ලව විවරණයක්ද කළ හැකියි. පැහැදිලි කරන්න.

    ‍(බුදුසරණ 2012.05.12)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    මහණෙනි, මනෝ සංවේනාව අවබෝධ කර ගත්තෝ ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත්තෝ වෙති. ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත් පසු තවදුරටත් කළ යුතු කාර්යයන් නැතැයි කියමි. ත්‍රිවිධ තණ්හාව තේරුම් ගැනීමෙන් විමුක්ති ප්‍රතිලාභය සිදුවේ. එය බෞද්ධ විමුක්ති මාර්ගයෙහි අවසන් අරමුණයි. එනිසා ඉන් එහා කළ යුත්තක් නැත.මෙම දේශනා පාඨද උපයෝගී කර ගනිමින් දුක්ඛ සමුදය සත්‍යය විස්තර කරන්න.

    ‍(බුදුසරණ 2012.04.29)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    පියුමතුරා බුදුරදුන් සමීපයෙහි මෙම මතු බුදු සසුනක ධර්ම කථික භික්‍ෂුණීන් අතර අගතනතුරු පතමි” යනුවෙන් කළ ප්‍රාර්ථනාව ඉටුකරමින් ගෞතම බුදුරජාණන් වහන්සේ අබියස පසුකලෙක ධර්ම කථික භික්ෂුණීන් අතර අගතනතුර ලැබූ රහත් තෙරණිය කවුද?

    ‍(බුදුසරණ 2012.04.20)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    අනුත්තරං පුඤ්ඤඛෙත්තං උතුම් පින් කෙත අංග අටකින් යුක්ත බව උපමා උපමෙය වශයෙහි බුදුහු වදාළහ. ඛෙත්තූපම සූත්‍රයෙහි දී (අං.නි.5 153) සාමාන්‍ය කෙතක ගුණාත්මක බව හා පින්කෙතෙහි “මහානිසංසං මහා ජතිකං යන විශේෂණ පද මගින් විශේෂිත බව දේශනා කළහ. මෙම විශේෂිත පින්කෙතෙහි අංග අට මොනවාද?

    ‍(බුදුසරණ 2012.04.13)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    උතුම් හැසිරීම - සාධූචර්යා, දිව්‍යමය ගුණාංග, යන විවිධ අරුතින් ද පාලි රීතියට අනුව බ්‍රහ්ම විහාර (බඹ විහරණ) යනුවෙන් ද හඳුන්වන යහපත් ගුණවත් මිනිසෙකු නිර්මාණය කිරීමට හේතු කාරක වූ සිව් ගුණයන් මොනවාද?

    ‍(බුදුසරණ 2012.03.30)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    බුදුදහමට අනුව දූ පුතුන් ගතිලක්‍ෂණ අනුව වර්ග කිරීම් කිහිපයක් පෙළ පොත්වල දක්නට ලැබෙයි. මෙයින් “අතිජාත, අවජාත, අනුජාත, සුජාත” යන සිවු පුතුන් හැර සුවිශේෂ වූ සිව්පුතුන් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල දක්නට ලැබෙයි .පැහැදිලි කරන්න.

    ‍(බුදුසරණ 2012.03.22)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    “අප කෙතරම් උත්සාහ කළත් ජීවිතය මඟ හරින්නට බැරිය. නගරයක වුවද වනාන්තර ගුහාවක වුවද ජීවත්වනතුරු ජීවිතයට මුහුණ පෑ යුතුමය. සැබෑ ජීවිතය නම් දැන් පවත්නා මේ මොහොත මිස මියගිය අතීතයේ මතක සටහන් හෝ නූපන් අනාගතය පිළිබඳ සිහින හෝ නොවේ. මේ මොහොතේ ජීවත් වන්නා සැබවින්ම ජීවත්වෙයි. ඔහුට වැඩි පී‍්‍රතිමතෙක් මිනිසුන් අතර නැත “ (බුදුන් වදාළ ධර්මය) ඉහත පාඨයෙන් අවධාරිත අදහස බෞද්ධ භාවනා ක්‍රමයක් ගැන එකඟ විය නො හැකි ද? ඒ කුමන භාවනාවක් සමඟ ද යන්න පැහැදිලි කරන්න.

    ‍(බුදුසරණ 2012.03.15)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දැක්වෙන “සම්මා දිට්ඨි” මාර්ග අංගය ධර්මානුකූලව පැහැදිලි කරන්න.

    ‍(බුදුසරණ 2012.02.21)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    බුදු දහමට අනුව සමාජශීලී පුද්ගල නිර්මාණය වියයුත්තේ සමාජයීය මාධ්‍යයක් තුළදීමයි. ඒ නිසාම පුද්ගල ජීවිත පැවැත්ම අන් අයගේ අගය වටිනාකම පිළිබඳ නිරතුරුවම සැලකිලිමත් විය යුතුයි. තම පෞරුෂයේ වටිනාකම නැතිනම් අගය පිළිබඳ හැඟීම උද්ගත වන්නේ තමා වටා සිටින හා පවතින පරිසරය ඇසුරෙනි. කෙනෙකුගේ පෞරුෂය යන්න බොහෝදුරට ඔහු අවට ඇති පරිසරයේ ප්‍රතිඵලයකි. එම පරිසරයේම කොටසකි. සිගාලෝවාද සූත්‍රයෙන් බුදුන් වහන්සේ අවධාරණය කරන යුතුකම් හා අයිතිවාසිකම් ප්‍රවණතාව හා ඉහත සඳහන් අදහස කොතෙක් දුරට සමගාමී වන්නක් ද යන්න පැහැදිළි කරන්න.

    ‍(බුදුසරණ 2012.02.14)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය
    අශෝක අධිරාජයා බුද්ධ ධර්මයෙහි අභිවෘද්ධිය තකා වෙහෙසෙමින් මහත් උද්‍යෝගයක් හා දැඩි භක්තියක් ඇති වූ නමුත් අනෙකුත් ආගම්වලට නින්දා අපහාස කළ කෙනෙක් නොවේ. සැබවින් ම ඔහු ආගම්වලට ගරු කොට ලෞකික සැප සම්පතින් ද ඔවුනට සංග්‍රය කළේ ය. මේ අශෝක පිළිවෙත සමකාලීන යුගයේ ජාතික පිළිවෙතක් වූ අතර එම යුගයේ දී ජාත්‍යන්තර ආගමික සහනශීලි පිළිවෙතක් දක්වා ගිය බව දක්වට ලැබෙයි. මේ පිළිබඳව සාධක සහිතව පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2012.01.31)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය
    බුදු සමයට අනුව යුක්තිය, සාධාරණ පිළිබඳ ආධිපතිත්වය ශක්‍රයාට හිමිවෙයි. ගුත්තිල , සඳකිඳුරු ආදි ජාතක කථාවලදි ඒ බව පැහැදිලිව දක්නට ලැබෙයි. ශක්‍ර පදවිය වටා ගෙතී ඇති සද්ගුණයන් පාලි පොත්හි බෙහෙවින් දක්නට ලැබෙයි. “ මහාලී ලිච්චවී සහ බුදුරජාණන් වහන්සේ අතර ඇතිවූ සංවාදයෙහි දී මේ පිළිබඳව තොරතුරු රාශියක් එම දේශනයෙහි ඇතුළත් වෙයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2012.01.22)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය
    දස කුසලකර්මයන්ගෙන් පළමුවැන්න දානයයි. දසපාරමිතා සතර සංග්‍රහවස්තු දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වලින්ද පළමුවැන්න දානය වශයෙන් ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2012.01.16)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - අනුරාධපුර ශිෂ්ටාචාරයේ සිට ආගමික සංස්කෘතික සමාජික හා භාෂා සාහිත්‍ය ආදි විවිධ ක්‍ෂෙත්‍ර පුරා විහිදී ගිය යුගල සම්ප්‍රදායයන් ඔස්සේ (මහාවිහාර –අභයගරි) ශ්‍රී ලාංකික භික්‍ෂුව පෙර ගමන්කරුවා බවට පත්විය. ඒ නිසාම උන්වහන්සේ සිංහල භික්‍ෂුව බවට පත්විය. මෙම ප්‍රස්තුතය පිළිබඳ ව විවරණයක් කරන්න.
    (බුදුසරණ 2012.01.01)