[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 

පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා

“පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා 2024” යන මැයෙන් පාලි හා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉමහත් සේවාවක් සිදු කළ පඬිවරුන් ඇගයීමේ උත්සවයක් කැලණිය විශ්වවිද්‍යාලයීය කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති නාහිමි අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පසුගිය දින ඉමහත් හරසරින් සිදු විය. එම විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ වර්ෂ ගණනාවක් සේවය කරමින් සිට සේවාර්ජිත කථිකාචාර්යවරුන් මෙන් ම සම්මානිත මහාචාර්යවරුන් ලෙස දැනට ද කටයුතු කරමින් සිටින ගිහි පැවිදි පඬිවරුන් හත් දෙනකුගේ සේවාව මෙහිදී ඇගයුමට ලක් විය. පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ වර්තමාන කුලපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, සබරගමු විශ්වවිද්‍යාලයේ වර්තමාන කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි, මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද මාහිමි හා දර්ශනපති පල්ලේගම සමිත හිමිපාණන් වහන්සේ යන පැවිදි පඬිවරුන් මෙන් ම සම්මානිත මහාචාර්ය වයි. කරුණාදාස, සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ හා මහාචාර්ය ආනන්ද විජේරත්න යන ගිහි පඬිවරු ද “පාලි හා බෞද්ධ අධ්‍යයන පඬිවර සම්භාවනා 2024” යටතේ මෙවර සම්භාවනාවට පාත්‍ර වූහ.

බුදුරදුන් උපන් ගමට වැඩම වූ මැදින් පුර පෝ දා

හේමන්ත සෘතුවේ අවසාන කාලයත්, ගිම්හාන සෘතුවේ මුල් කාලයත් යන මධ්‍ය කාලය මැදින් මහට අයත් වේ. මේ අනුව මධ්‍යය, මැද අතර යන අර්ථයෙන් මැදින් මහ යන්න ව්‍යවහාරයට එක් වී ඇති බව පැහැදිලි වේ. මැදින් මහේ පුර පසළොස්වක පොහොය සඳ මෝරාගෙන එත්ම සැදැහැවත් බෞද්ධයන්ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන්නේ නිරායාසයෙන් ම අනුස්මරණය වූ ශාසනික සිදුවීම් රැසක් සිහිපත් වීමත් සමඟයි. අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන උන්වහන්සේගේ ජන්ම භූමිය වූ කිඹුල්වත් නුවරට වැඩම කරවීම පිණිස ගමන් ආරම්භ කිරීමයි. එම වැඩම කිරීම හා බැඳුණු සිදුවීම් අතර ඥාතීන්ගේ මානය බිඳ හෙළීමට යමාමහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්ඳ කින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදුසසුන තුළ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහ රජතුමා මාර්ගඵල ලැබීම ප්‍රධානත්වයක් ගනියි. කිඹුල්වත්පුර රජ කළ සුද්ධෝන රජුට තම පුතණුවන් වූ සිද්ධාර්ථ බෝසතුන් බුද්ධත්වයට පත්වූ පසු උන්වහන්සේ දැක බලා ගැනීමට අවස්ථාවක් නොවීය. තම පුතණුවන් දැකීමට බලවත් ආශාවෙන් සිටි පියමහ රජතුමා තම ඇමැතියකු ඇතුළු දූත පිරිසක් බුදුරදුන් වැඩම කරවා ගෙන ඒම සඳහා රජගහනුවර වේළුවනාරාමයට පිටත් කර හැරියේ ය. එම පිරිස බුදුරදුන් හමුවට ගොස් පැවිදි වූ අතර, රජුගේ ඉල්ලීම ඉටු නොකළහ.

බැඳෙන තරමට දුක ම උරුමය

ලොව තුළ ඇති සියලු විද්‍යාවන්, විෂයයන්, ක්‍රමවේද සකස්ව ඇත්තේ පුද්ගලයගේ දියුණුව පිණිස, සතුට පිණිස අත් කර දීමටයි.  මේ නිසා නොයෙක් දේ අල්ලා ගනියි. ගේ- දොර, වතු - පිටි, ඉඩ - කඩම්, මිල - මුදල් ආදි ලෙස භෞතික සම්පත් ද, දූ - දරු, නෑදැ - මිතුරු ආදි වු මානව සම්පත්, තනතුරු, නම්බු නාම අප අල්ලා ගන්නේ ඒ නිසයි. බාහිර දේ අල්ලා ගැනීම නිසා අභ්‍යන්තරය ද අල්ලා ගනියි. ඒ රාගාදි නරක කෙලෙස් ය. මේ නිසා අපි භව සසර තුළ ඇලී, බැඳී, එල්ලී, දුකින් සිටිමු. ගැළවීමක් නැත. අප ඇද බැඳ තබන බැමි දහයක් අප එල්ලා තබන, ලණු දහයක්, කොකු දහයක් වෙයි. දස සංයෝජන යනු ඒවා වෙයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා යනු අප සසර බැඳ තබන රැහැන් ය. එල්ලා තබන කොකු ය. මේ රැහැන්වල බැඳෙන්නේ, කොකුවල එල්ලෙන්නේ තමන්ට අයිති කර ගැනීමට ගන්නා ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙසයි. බැඳුන ජීවිත තුළ ඇත්තේ දුකයි, අසතුටයි පමණි. අත හැරීම තුළ, වෙනස් වීම, අලුත් වීම තුළ සතුට දියුණුව පවතින බව ලොවට ප්‍රකාශ කළේ ලොව්තුරු ශාන්තිනායක අමා මෑණී බුදු පියාණන් වහන්සේ පමණයි. සිද්ධාර්ථ කුමාරයන්ගේ මහභිනිෂ්ක්‍රමණය, පවතින තත්ත්වය අතහැර අලුත් තත්ත්වයකට යෑමකි. ගිහි ජීවිතය අතහැර පැවිදි ජීවිතයකට යෑම, රජ සැපත අතැහැර කිසිවක් අයිති නැති තත්ත්වයට පත් වීම, රම්‍ය සුරම්‍ය වශයෙන් වූ මාලිගා අතහැර රුක්ඛමූල සෙනසුන් ලබා ගැනීම, රාජාභරණ කසී සලු අතහැර පාත්‍ර සිවුරු පමණක් ඇති ජීවිතයකට පත් වීම, සිතිවිලි තුළින් ද අභිනිෂ්ක්‍රමණය විය. රාජ්‍ය භාවය සමග වූ මානය නැති විය. නිහතමානය ඇති විය. පිණ්ඩපාතයෙන් අහර ගත්තේ, හිස මුඩු කළේ මේ නිසයි. රාගය නැතිවිය. බුදු දහම තුළම ඇත්තේ අතහැරීමකි.

ජීවිතයේ ගුණ සුවඳ වියැකී නොයන්නට ...

අප හිතන තරම් අප ජිවත් වන මේ සමාජය සුන්දර නැහැ. ලස්සන නැහැ. සමාජයේ සෑම තරාතිරමකම ඇතැම් කෙනෙක් වැඩි වශයෙන් දූෂණයට, වංචාවට, අල්ලසට, අකටයුතුකම්වලට යොමු වෙලා. මේ නිසා පොදුවේ සමාජයේ සතුටින්, සමාදානයෙන් ජීවත් විය නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. මේ කරුණට බොහෝ සෙයින් අද අප ජිවත්වන මේ ලෝකයේ ක්‍රියාත්මක සමාජ මාධ්‍ය ජාලා ද වගකියුතු මට්ටමකට පැමිණ තිබෙනවා. ළමා මනස විකෘති කරන නොයෙක් සිදුවීම් අනවශ්‍ය ලෙස උපුටා දක්වමින් මේ මාධ්‍ය ජාලාවන්හි ප්‍රදර්ශනය වෙනවා. මේ බොහෝ මාධ්‍ය ආයතනවල අපේක්ෂාව වී තිබෙන්නේ කොහේ හෝ සිදුවන අප්‍රසන්න දෙයක් කුතුහලය දනවන අයුරින් ජනතාව වෙත ආකර්ෂණය කර දැක්වීම යි. මේ නිසා කිසිම භයක් හෝ ලජ්ජාවක් නොමැති ව අපේ ළමා පරපුර වැඩි වැඩියෙන් දහමෙන් ඈත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළේ ලෝකය පාලනය වන්නේ අවි ආයුධවලින්, ත්‍රාසයෙන්, භිතියට පත් කරලීමෙන් නොව හිරි ඔතප් කියන මේ ලෝක පාලක ධර්ම දෙක මඟින් බව යි. මේ කරුණට ජාති ආගම් භේදයක් නැහැ. විශේෂයෙන් ඇතැම් බිය ජනක කුරිරු ඝාතන, වෙනත් කාමුක හැඟිම් කුළුගන්වන දර්ශන විවිධ මාධ්‍ය ජාලයන්හි ප්‍රදර්ශනය වෙනවා. මේ නිසා ළමයින්ගේ පවා සිත්වල ඝාතන බිය සැක දුරස් වෙමින් පවතිනවා. දිනෙන් දින මේ ඇති වන අපරාධ රැල්ල සමාජයේ ඉහළ මට්ටමේ සිට පහළ මට්ටම දක්වා බොහෝ පිරිස් අතර සමාන්‍ය සිදුවීම් ගණනට ක්‍රියාත්මක වෙනවා. අද තිබෙන බැරෑරුම් ම ප්‍රශ්නය වන්නේ මේ තත්ත්වයට හේතු වී ඇත්තේ කුමක් ද? කියන එකයි. මෙවැනි කරුණු පිළිබඳ සොයා විමසා බැලීමේ දී මෙයට බලපාන ප්‍රධාන ගණයේ හේතුවක් වන්නේ විශේෂයෙන් පුද්ගලයා කෙරෙහි බලපාන පාපමිත්‍ර ආශ්‍රය යි.

ආත්මාරක්ෂාව සලසන බලගතුම ආයුධය

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුංසුමාර නුවර භේස කලා වනයේ දී බෝධිරාජ කුමරු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. බිම්බිසාර මහ රජුගේ පුත් බෝධිරාජ කුමරු පෙර කළ පුණ්‍ය මහිමයෙන් මහත් ඉසුරු සම්පතින් හැදී වැඩී සෙසු කුමරුන් අතර වැජඹුණේ ය. මෙම කුමරුට දඹදිව සියලු මාළිගා පරදවා දෙව්විමනක් වැනි මාලිගාවක් තැනවීමට ආශාවක් ඇති විය. එය හැකි ඉක්මනින් නිම කරවීය. මේ මාලිගය අහසේ පියාසර කරන මාලිගයක් වැනි ය. ඉතා අලංකාර ය. කෝකනද නම් වූ මෙම මාලිගාවට පිවිසීමේ මංගල්‍යය ද ඉතා උදාර ලෙස සිදු කිරීමට සිත් විය. ප්‍රථමයෙන් බුදුරදුන් හා මහ සඟරුවන වැඩම කරවා දන් පිලිගන්වා මාලිගයට ගෙවදීමේ උත්සවය කරන්නට කටයුතු පිළියෙළ කරවීය. මාලිගයට පිවිසෙන තැන් පටන් ශ්වේත වර්ණ පිළි අතුරා මට දරුවකු ලැබෙන්නේ නම්, බුදුරදහු මේ පාවාඩ මතින් වඩිනා සේක්වා’යි අදිටන් කර ගත්තේ ය. එහෙත් බුදුරදහු පාවාඩ මතින් නොවැඩියහ. පාවාඩ ඉවත් කළ පසු මාලිගය තුළට වැඩි සේක. දන් වළඳා අවසන් වූ පසු බෝධිරාජ කුමාරයා බුදුරදුන් සමඟ සතුටු සාමීචි කතා පවත්වා බුදුරදුන් පාවාඩ මත නොවැඩීමට කාරණා විමසූහ. කුමරු සිතූ පැතුම් ඉටු නොවන නිසා යැයි වදාළ සේක. එසේ දරුවන් නොලැබීමට කරුණු විමසූ කල කුමරුගේ අතීත භවයක දී කළ අකුසලයක් කුමරුට මතක් කර දුන් සේක.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]