[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

රත්නපුර වීරගොඩ විහාරයේ විශේෂ පින්කම් මාලාවක්

රත්නපුර වීරගොඩ විහාරයේ විශේෂ පින්කම් මාලාවක්

රත්නපුර වීරගොඩ පුරාණ විහාරයේ ශ්‍රී ශාක්‍යසිංහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කොට වසර අටක් පිරීම නිමිති කොට විශේෂ පින්කම් මාලාවක් මෙම මැදින් පෝදා පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු කර ඇත.

ශ්‍රී මහා විහාරාධිපති ශාස්ත්‍රපති අමුතාගොඩ ඉන්ද්‍රරතන නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනයෙන් යුතු ව පැවැත්වෙන මෙම පින්කම් මාලාවට පුරෝගාමීව ප්‍රදේශයේ වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සෞඛ්‍ය සායනයක් සහ නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානයක් ද, 22 වැනි දා දවස පුරා පැවැත්වේ.

පසුදා අලුයම පෙහෙවස් සමාදන්වීම සහ ධර්ම දේශනා පින්කම් සමඟ දවල් සියක් නමක් උදෙසා සාංඝික දානමය පින්කමක් සහ ගැබිනි මව්වරුන් වෙනුවෙන් ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් ද සිදු කෙරේ.

එදිනම රාත්‍රී පහන් වනතුරු පැවැත්වෙන පරිත්‍රාන ධර්ම දේශනය සහ සතර පේරුවේ දායක පින්වතුන් වෙනුවෙන් පැවැත්වෙන දේව දානයකින් පසු පින්කමේ කටයුතු නිමාවට පත් වේ.

මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]