[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මූලගිරි විහාර පාර්ශ්වීය සඟ සමුළුව

මූලගිරි විහාර පාර්ශ්වීය සඟ සමුළුව

වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක ලෙස උපසම්පදාව ලබා පහතරටට වැඩම කළ වටරක්ගොඩ ධම්මපාල මහා ස්වාමීන් වහන්සේ විසින් මුල්ගිරිගල රාජමහ විහාරය කේන්ද්‍ර කොටගෙන ඇති කළ ශිෂ්‍යවරයන් වහන්සේ 12 නමකගෙන් ඇරඹි, සමස්ත ලංකාව පුරා විසිරී සිටින විහාරස්ථාන 300කට වැඩි ස්ථානයන්හි වැඩ සිටින භික්ෂූන් වහන්සේ මූලගිරි සඝ පරපුරට අයත් වෙයි.

මෙම සියලු දෙනා වහන්සේ එක්රැස් කොට 2024 මාර්තු 30 වැනි දින පෙ.ව. 8.30ට ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරයේ දී මුලගිරිසඟ සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එදින දවල් ශතාධික සඟරුවන විෂයයෙහි මහා දානමය පින්කමක් සිදුකොට ආදිකර්තෘන් වහන්සේ අනුස්මරණය කරමින් පින් පැමිණවීම සිදු කෙරෙන අතර ඒ සඳහා වැඩම වන ලෙස මූලගිරි පාර්ශ්වය සියලු මහා සංඝරත්නයට ආරාධනා කරන බව දක්ෂිණ ලංකාවේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝ නායන අතපත්තුකන්දේ ආනන්ද නා හිමියෝ දන්වා සිටිති.

මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]