[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බුදුරදුන් උපන් ගමට වැඩම වූ මැදින් පුර පෝ දා

හේමන්ත සෘතුවේ අවසාන කාලයත්, ගිම්හාන සෘතුවේ මුල් කාලයත් යන මධ්‍ය කාලය මැදින් මහට අයත් වේ. මේ අනුව මධ්‍යය, මැද අතර යන අර්ථයෙන් මැදින් මහ යන්න ව්‍යවහාරයට එක් වී ඇති බව පැහැදිලි වේ. මැදින් මහේ පුර පසළොස්වක පොහොය සඳ මෝරාගෙන එත්ම සැදැහැවත් බෞද්ධයන්ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන්නේ නිරායාසයෙන් ම අනුස්මරණය වූ ශාසනික සිදුවීම් රැසක් සිහිපත් වීමත් සමඟයි. අප තිලෝගුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන උන්වහන්සේගේ ජන්ම භූමිය වූ කිඹුල්වත් නුවරට වැඩම කරවීම පිණිස ගමන් ආරම්භ කිරීමයි. එම වැඩම කිරීම හා බැඳුණු සිදුවීම් අතර ඥාතීන්ගේ මානය බිඳ හෙළීමට යමාමහ පෙළහර පැවැත්වීම, යශෝධරා දේවියට චන්ඳ කින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම, ප්‍රථම වතාවට කාන්තාවන් බුදුසසුන තුළ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහ රජතුමා මාර්ගඵල ලැබීම ප්‍රධානත්වයක් ගනියි. කිඹුල්වත්පුර රජ කළ සුද්ධෝන රජුට තම පුතණුවන් වූ සිද්ධාර්ථ බෝසතුන් බුද්ධත්වයට පත්වූ පසු උන්වහන්සේ දැක බලා ගැනීමට අවස්ථාවක් නොවීය. තම පුතණුවන් දැකීමට බලවත් ආශාවෙන් සිටි පියමහ රජතුමා තම ඇමැතියකු ඇතුළු දූත පිරිසක් බුදුරදුන් වැඩම කරවා ගෙන ඒම සඳහා රජගහනුවර වේළුවනාරාමයට පිටත් කර හැරියේ ය. එම පිරිස බුදුරදුන් හමුවට ගොස් පැවිදි වූ අතර, රජුගේ ඉල්ලීම ඉටු නොකළහ.


මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]