[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අපවත් වී වදාළ තලවතුගොඩ විමලධම්ම නාහිමි

අපවත් වී වදාළ තලවතුගොඩ විමලධම්ම නාහිමි

අසුතුන් වසක සිය ජිවන ගමනේ සූසැත්තෑ වසරක සසුන් මෙහෙවර නිමා කරමින් තලවතුගොඩ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ පසුගිය 13 වන දින අපවත් වී වදාළහ.

ආයුර්වේද වෙදකම මහත් උනන්දුවෙන් හදාරා අසරණ රෝගී ජනයාට පිළිසරණක් වීමට තමන් වහන්සේගේ ම ඖෂධ ශාලාවක් පදවිය අලිවංගුව ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ් ආරම්භ කළ අතර ප්‍රදේශයේ කාගේත් ආදර ගෞරවයට ලක් වෙමින් කාලයක් ම එහි වැඩවසමින් ජනයාට මහත් සේ උපකාරී වූහ.

අනතුරුව රාජාංගනය යාය 13 ප්‍රදේශයේ ශ්‍රී බෝධිරුක්ඛාරාමය නමින් සකලාංග පුර්ණ විහාරස්ථානය් ඇරඹූහ. ගනේලන්ද පුරාණ විහාරය අද පවතින තත්ත්වයට පත් කිරීමට උන්වහන්සේ අප්‍රමාණ ව කැප වූහ.

විහාරස්ථාන ගොඩනංවමින් උන්වහන්සේ සසුන වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදුන් අතර පන්නිපිටිය විද්‍යාලංකාර පරිවේණාධිපති,කර්මවාගාචාර්ය ,ආචාර්ය ගැමුණුපුර සෝමවංස හිමිපාණන් වහන්සේ ඇතුළු වටිනා ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ගණනාවක් ඇති කරමින් ඉටු කළ සසුන් මෙහෙය කාගේත් ප්‍රසාදයට ලක්ව තිබේ.

උන්වහන්සේගේ මෙහෙවර අගය කළ කෝට්ටේ මහා සංඝ සභාව උන්වහන්සේට සිනාදී සිවු කෝරළයේ උප ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමූහ.

අපවත් වී වදාළ ගෞරවාර්හ තලවතුගොඩ විමලධම්ම නායක මාහිමියන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධය වේවා.

තලවතුගොඩ විමල ධම්ම නාහිමිපාණන්ගේ ශාසනික සේවාව පිළිබඳ තවත් තොරතුරු මැදින් අව අටවක පෝදා (02)අන්තර්ජාල කලාපයේ පළවේ.

මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]