[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 තිස්තුන් වසරක අභිමානය සමරන සොබාදම් මවගේ විශ්මිත නිමැවුම ජාතික නාමල් උයන

ජාතික නාමල් උයන කියන්නේ පිරිසුදු ඔක්සිජන් නිපදවන වනාන්තරයක්. මේ වනාන්තරය මගේ ජීවිතයයි. මේ සොබාදම නම් වූ අම්මා රැක ගැනීම මගේ සාංසාරික පාරමිතාවක් වෙන්න ඇති. මගේ අවසන් හුස්ම පොදත් මේ වනයට ම පිටකරන්න ලැබෙනවා නම් මට ඒක සතුටක්.” ජාතික නාමල් උයන දශක 03කට වැඩි කාලයක් රැක බලාගත් වනවාසී රාහුල හිමියෝ සිය අතීතාවර්ජනය අරඹමින් එසේ පවසති. ජාතික නාමල් උයන යනු මේ රටේ ජාතියේ උරුමයකි. රාහුල හිමියෝ නාමල් උයනට ඒමට පෙර එම වනය හැඳීන්වූයේ නා කැළය ලෙසිනි. කිසිවකුට එහි වටිනාකමක් ද නො තිබිණි. ලෝකයේ ඉතා දුර්ලභ රෝස තිරිවානා නිධිය ඒ යුගයේ ප්‍රදේශවාසීන් හැඳීන්වූයේ ලුනු ගල් දෙබල් වශයෙනි. එම නිධිය කෙරෙහි ලෝකයේ ම අවධානයට යොමු වූයේ රාහුල හිමියන්ගේ ආගමනයත් සමඟ ය. එය නිකම්ම සිදුවූවක් ද නොවේ. මේ කටයුත්තේ දී රීස තිරිවානා නිධියේ ඇති ගල්කැට තරමට වඩා රාහුල හිමියෝ නින්දා අපහාස වින්දහ, බැනුම් ඇසූහ, තර්ජන ගර්ජනවලට ලක්වූහ, එහෙත් ඒ කිසිම බාධකයකට රාහුල හිමි සෙලවිය නොහැකි විය. උපතින් ම කෙසඟ සිරුරකට හිමිකම් කියන රාහුල හිමියෝ නාමල් උයන රැක ගැනීමට යෝධයන් සමඟ හැප්පුනහ. අවසානයේ ඔවුහු මේ කෙසඟ සිරුර ඇති හිමියන් ඉදිරියේ දන නැමූහ. එසේ තම ජීවිතය මෙන් රැකගනිමින් ජාතියට දායාද කළ නාමල් උයන උන්වහන්සේ අත්හළහ. ඒ හා සම්බන්ධ සියලු චංචල නිශ්චල සියලු දේපළ ද අත්හළහ. ඒ සියල්ල උන්වහන්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලට නීත්‍යානුකූල ව බාර දුන්හ. ඒ මතු පරපුරට නාමල් උයන රැකදීම සඳහා ය.


මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]