[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බැඳෙන තරමට දුක ම උරුමය

ලොව තුළ ඇති සියලු විද්‍යාවන්, විෂයයන්, ක්‍රමවේද සකස්ව ඇත්තේ පුද්ගලයගේ දියුණුව පිණිස, සතුට පිණිස අත් කර දීමටයි.  මේ නිසා නොයෙක් දේ අල්ලා ගනියි. ගේ- දොර, වතු - පිටි, ඉඩ - කඩම්, මිල - මුදල් ආදි ලෙස භෞතික සම්පත් ද, දූ - දරු, නෑදැ - මිතුරු ආදි වු මානව සම්පත්, තනතුරු, නම්බු නාම අප අල්ලා ගන්නේ ඒ නිසයි. බාහිර දේ අල්ලා ගැනීම නිසා අභ්‍යන්තරය ද අල්ලා ගනියි. ඒ රාගාදි නරක කෙලෙස් ය. මේ නිසා අපි භව සසර තුළ ඇලී, බැඳී, එල්ලී, දුකින් සිටිමු. ගැළවීමක් නැත. අප ඇද බැඳ තබන බැමි දහයක් අප එල්ලා තබන, ලණු දහයක්, කොකු දහයක් වෙයි. දස සංයෝජන යනු ඒවා වෙයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා යනු අප සසර බැඳ තබන රැහැන් ය. එල්ලා තබන කොකු ය. මේ රැහැන්වල බැඳෙන්නේ, කොකුවල එල්ලෙන්නේ තමන්ට අයිති කර ගැනීමට ගන්නා ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙසයි. බැඳුන ජීවිත තුළ ඇත්තේ දුකයි, අසතුටයි පමණි. අත හැරීම තුළ, වෙනස් වීම, අලුත් වීම තුළ සතුට දියුණුව පවතින බව ලොවට ප්‍රකාශ කළේ ලොව්තුරු ශාන්තිනායක අමා මෑණී බුදු පියාණන් වහන්සේ පමණයි. සිද්ධාර්ථ කුමාරයන්ගේ මහභිනිෂ්ක්‍රමණය, පවතින තත්ත්වය අතහැර අලුත් තත්ත්වයකට යෑමකි. ගිහි ජීවිතය අතහැර පැවිදි ජීවිතයකට යෑම, රජ සැපත අතැහැර කිසිවක් අයිති නැති තත්ත්වයට පත් වීම, රම්‍ය සුරම්‍ය වශයෙන් වූ මාලිගා අතහැර රුක්ඛමූල සෙනසුන් ලබා ගැනීම, රාජාභරණ කසී සලු අතහැර පාත්‍ර සිවුරු පමණක් ඇති ජීවිතයකට පත් වීම, සිතිවිලි තුළින් ද අභිනිෂ්ක්‍රමණය විය. රාජ්‍ය භාවය සමග වූ මානය නැති විය. නිහතමානය ඇති විය. පිණ්ඩපාතයෙන් අහර ගත්තේ, හිස මුඩු කළේ මේ නිසයි. රාගය නැතිවිය. බුදු දහම තුළම ඇත්තේ අතහැරීමකි.


මැදින් පුර පසළොස්වක

මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56
පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ.
 24 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]