[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍යය

බෙල්ලන්විල රජ මහා විහාරයේ 69 වන වරටත් පැවැත්වෙන වාර්ෂික ඇසළ පුණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍යය පින්කම් මාලාව ඉකුත් 08 වනදා ආරම්භ වූ අතර එය අගෝස්තු 25 වනදා දක්වා බෙල්ලන්විල රාජ මහා විහාරධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. 11 වනදා ආරම්භ කළ සති පිරිත් දේශනාවේ සුත්‍ර දේශනා මෙම 16 වනදා ද 17 වනදා දොරකඩ අස්න දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර ද පැවැත්වේ. 18 වනදා සිට 21 වනදා දක්වා මල් පෙරහර ද 22 වනදා පාවාඩ පෙරහර ද 23 වනදා රන්සිවිලි පෙරහර ද 24 වනදා රන්දෝලි මහා පෙරහර ද 25 වනදා දියකපන පෙරහර සහ දේවදානය ද පැවැත්වේ. බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි සමරු මන්දිරය ඉකුත් 04 වනදා විවෘත කෙරුණි.

ගැටබරු ඇසළ පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 08-15 දක්වා

ගැටබරු ඇසළ මහා පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 08 වනදා සිට 15 වනදා දක්වා පෙර චාරිත්‍රානුකූලව පැවැත්වීමට ඇසළ උත්සව සංවිධායක කමිටුව තීරණය කර ඇතැයි ගැටබරු රාජමහා විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියෝ පැවැසූහ.
 

ගල්කිස්ස බෞද්ධායතනයෙන් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව

ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව ප්‍රධාන බෞද්ධායතනයට සම්බන්ධ විවිධ සංවිධාන සහ හිතවතුන්ගේ පරිත්‍යාගයෙන් පවත්වාගෙන යන ‘ දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍ර ශිෂ්‍යත්ව අරමුදල’ පස්වන වරටත් ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අයැදුම්පත් දැන් කැඳවා ඇත. දිවියාගහ යසස්සි නාහිමිපාණන්ගේ අසූවන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේ විසින් පරිත්‍යාග කළ රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක (රු.525000/-) මුදලින් 2015 ජනවාරි මස 02 වන දින මෙම ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කරන ලදී. 2015 වසරේ සිට සෑම වසරකම ‘බුදුසරණ’ පුවත්පතෙහි පල කළ මෙවැනි දැනුම් දීමක් මගින් අයැදුම්පත් කැඳවා තෝරාගනු ලබන සිසුන් වෙත මසකට රු. 2500/- බැගින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකරනු ලබයි.

ධර්ම දේශනාව:
 

සසර දුකින් එතෙර වීමට සිව්සස් දහම

“මහණෙනි, අනාර්ය වූ, ග්‍රාම්‍ය දහමක් වූ, පෘථග්ජනයන් විසින් සේවනය කරන්නා වූ, ආර්යයන් සතු නොවූ, අවැඩ පිණිස වූ, කාම වස්තූන් කෙරෙහි ඇලීම නම් වූ කාමසුඛල්ලිකානුයෝගය ද, දුක් වූ , ආර්යයන් සතු නොවූ, අවැඩ ඇසුරු කළ, ශරීරය පෙළීමෙහි පුන පුනා යෙදීම නම් වූ අත්ථකිලමථානුයෝගය ද යන මේ අන්ත දෙකම සේවනය නොකළ යුතු ය. මහණෙනි, තථාගතයන් විසින් මේ අන්ත දෙකට නොපැමිණ පැණැස ඇති කරන, නුවණැස ඇති කරන, මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ එය කෙලෙස් සන්සිඳුවීම පිණිස, වෙසෙස් දැනුම පිණිස, චතුරාර්ය දැනුම පිණිස, නිවන් පිණිස පවතී.” අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයෙන්, වීර්යයෙන්, ඥාන දර්ශනයෙන් තමන් වහන්සේ විසින් ම අවබෝධ කොට ගත් ගැඹුරු ධර්මය, ප්‍රථමයෙන් දේශනා කළ යුත්තේ කවරෙකුට දැයි සිතා, තමන් වහන්සේ ධර්මය සොයා යන ගමනේ දී උපකාරී වූ ආලාරකාලාම පළමුව ද, උද්දකරාමපුත්ත දෙවනුව ද, සිහිපත් වූ නමුත් ඒ වන විට ඔවුන් දෙදෙනාම ජීවතුන් අතර නොමැති බව දැන, සය වසරක දුෂ්කර ක්‍රියා සමයේ දී උපකාරී වූ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ මිගදායේ සිටින බව දැන ඔවුන් සොයා එහි වැඩම කළ සේක.
 

දළදා පෙරහරයි හෙළ සංස්කෘතියයි

දංෂ්ට්‍රාධාතු මන්දිරය අද අපට දැක ගත හැකි වන්නේ කන්ද උඩරට මහනුවර බෝගම්බර වැව හෙවත් අප අද කවුරුත් භාවිත කරන මහනුවර වැවට උතුර පැත්තෙන් එදා සිංහලේ මහරජතුමාගේ වාස භවනය වූ රජවාසලට ඉතා ආසන්නව දකුණු පසින් පිහිටා ඇති දර්ශනීය සුවිසාල මන්දිරය යි. ඉතින් මේ සා විසාල මන්දිරය දළදා වහන්සේට වෙන් කිරීම තුළ ම අපට හිතා ගන්නට පුළුවන්කම තිබෙනවා දන්තධාතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මෙන් ම ඒ සඳහා අද කොපමණ මට්ටමක රාජකාරි සමූහයක් සංවිධානය වී පවතිනවා ද යන්න. ඒ වටා සිංහලයාගේ සංස්කෘතිය, ආගම ධර්මය, සාමාජික වටපිටාව යන මේ සැම කරුණක් කෙරෙහි ම දක්වා ඇති බලපෑමත් සිතා ගන්නට පුළුවනි. මේ උතුම් පූජනීය වස්තුව නිසා ශ්‍රී ලාංකේය ජනතාවගේ ආගමික වටපිටාව, සාමාජික වාතාවරණය හා සංස්කෘතිය කෙරෙහි දක්වා ඇති බලපෑම සුළුකොට සලකන්නට හැකියාවක් නැහැ. එපමණට ම ලක්වැසියන්ගේ ජන ජීවිතය කෙරෙහි මෙම දළදා වහන්සේ බලපා තිබෙනවා. මෙය වඩාත් සාකච්ඡාවට ගැනෙන්නේ සිංහලේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස අප කා අතර ත් කතාබහට ලක් කරන දළදා පෙරහර සම්බන්ධයෙනු යි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]