[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙංකඩගල සිරි දළදා මාලිගය

සෙංකඩගල සිරි දළදා මාලිගය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

රාජ්‍ය මධ්‍යස්ථානය අනුරාධපුරයෙන් පොළොන්නරුවට මාරු වීමත් සමඟම එම බලය නිරායාසයෙන් ම දළදා වහන්සේට උරුම විය. ඊට හේතු වූයේ රාජධානියෙන් රාජධානියට ශ්‍රී මහ බෝධින් වහන්සේ ගෙන යා හැකි නොවුව ද, දළදා වහන්සේ කවර තැනකට වුව ද වඩමවා ගෙන යා හැකි තත්ත්වයක පැවතීම යි.

මේ නිසා පොළොන්නරු රාජධානි සමයේ උදාවීමත් සමඟ දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ ප්‍රධාන සංකේතය බවට පත් වූහ. රාජධානියෙන් රාජධානියට දළදා වහන්සේ වැඩම කළ අතර අන්තිමට වැඩම කරවන ලද්දේ සෙංකඩගල රාජධානියට යි. මේ පිළිබඳ බොහෝ විස්තර මහාවංසයේ දෙවැනි කොටසේ සඳහන් වී ඇත.

“මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වන්දනාව පිළිබඳ ඉතිහාසය ආරම්භ වූයේ පළමුවන විමලධර්මසූරිය රාජ්‍ය (1591-1604) සමයෙහි ය. මේ රජු විසින් දෙල්ගමුව රජමහා විහාරයේ ඒ වන විට සඟවා තිබූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම කරවා මාළිගා සංකීර්ණය තුළ දෙමහල් ධාතු මන්දිරයක් කරවා එහි තැන්පත් කෙරිණි. කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1782) රාජ්‍ය සමයේ එනම් 1765 දී ඕලන්ද ජාතික වාස්තු විද්‍යාඥයකු විසින් පිළියෙළ කරන ලද මාලිගා සැලැස්මෙහි (දැනට මෙය නෙදර්ලන්තයේ හේග් ලේඛනාගාරයේ තැන්පත් කොට ඇත) ධාතු මන්දිර දෙකක් සලකුණු කර ඇත. මේ දෙක අතුරින් ඉහළින් දැක්වෙන සැලැස්ම පළමුවැනි විමලධර්මසූරිය රජුගේ ධාතු මන්දිරය තිබූ තැන විය හැකි ය. මහාවංසයට අනුව (දෙවන කොටසේ) එතුමන් ගෙන් පසු රජ පැමිණි සෙනරත් රජු (1604-1635) දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් මහෝත්සවයක් පවත්වන ලදී. මෙම ධාතු මන්දිරය ජරාවාස වී විනාශ මුඛයට පත්වීම හේතුකොටගෙන දෙවන විමලධර්මසූරිය රජු (1687 – 1704)– විසින් දන්තධාතුන් වහන්සේ වෙනුවෙන් නිමවන ලද තෙමහල් ධාතු මන්දිරය පිහිටි ස්ථානය එම මාලිගා සංකීර්ණ සැලැස්මේ සඳහන් වේ.

තම පියාණන් විසින් ගොඩනගන ලද ධාතු මන්දිරය විනාශයට පත්වීමෙන් පසුව නරේන්ද්‍රසිංහ ( 1707-1739) රජු විසින් වර්තමාන දෙමහල් ධාතු මන්දිරය නිමවිණි. ඒ බව මහාවංසයේ මෙසේ වාර්තා කරයි.

සිය පිය රජු විසින් ( දෙවැනි විමලධර්මසූරිය) තම රාජධානිය තුළ නිමවන ලද ධාතු මන්දිරය ජරාවට පත් වූ බව දුටුවිට ඉමහත් සේ ශෝකයට පත්විය. හෙතෙම අලංකාර වූ දෙමහල් ධාතු මන්දිරයක් කරවා ඉදිරි ද්වාර මණ්ඩලය නන් වැදෑරුම් නෙත්කළු සැරැසිලි මෝස්තරවලින් සරසා රජතමය පර්වතයක් සෙයින් දැක්වෙන අයුරින් බදාම ආවරණය කොට ශෝභා සම්පන්න පියස්සක් නිර්මාණය කොට වර්ණවත් චිත්‍ර මගින් ජාතක දෙතිසක් නිරූපණය කරවී ය. ( මහාවංස ධ්ධ් පරිවර්තනය විල්හෙල්ම් ගයිගර් මජම)

දළදා මාලිගාව නව සොයාගැනීම් පැරැණි බිතුසිතුවම් මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක සහ ආනන්ද කොළඹගේ පි. 1-3 දළදා මාළිගා ප්‍රකාශන සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සංස්කෘතික කටයුතු පිළිබඳ අමත්‍යාංශය 2000)

දළදා මාළිගා සංකීර්ණය

ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඩ හිඳින මහනුවර ඓතිහාසික දළදා මාලිගාව සිංහල ජාතිය සතු අති ශ්‍රේෂ්ඨ පූජනීය පුදබිම්වලින් එකකි. මහනුවර මධ්‍යයෙහි නුවරවැව අබියස වම්පස මදක් උස් වූ භූමියෙහි දළදා මාලිගය පිහිටා ඇත. මාලිගා භූමිය දළදා මාලිගාවට අයත් ගොඩනැගිලි ගණනාවකින් සමන්විත ය. එකී දකුණු පස මුලින්ම ඇත්තේ පත්තිරිප්පුව නමැති අටපට්ටම් දෙමහල් ගොඩනැගිල්ලකි. අන්තිම සිංහල රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ (1798 -1815) ද්වේන්ද්‍ර මූලාචාරි ලවා මෙය කරවී ය. එකල රජතුමාගේ ප්‍රයෝජනය සඳහා සාදවන ලද එය දැනට මාලිගාව සතුව පවතී. එහි දැන් ප්‍රාචීන පුස්තකාලය තිබේ. මෙය රජුගේ විවේකස්ථානයකි. පත්තිරිප්පුව යන වචන දෙමළ වචන දෙකක් වූ පාර්තු ඉරිප්පු යන වචන දෙක එකතුවීමෙන් සෑදුනු වදනකි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහ මළුවේ සිටි ජනතාව ට පෙනී සිටීම සඳහාද මෙය භාවිතා කර ඇත. සැබවින්ම පත්තිරිප්පුව දළදා මාලිගයට අයත් ගොඩනැගිල්ලක් නොවූව ද එය ඉතා අලංකාරව බව සඳහන් කළ යුතුව ඇත. දළදා මාලිගය හඳුනා ගැනීමට මේ නිර්මාණය බෙහෙවින්ම උපකාරී වේ.

දළදා මාලිගා භූමිය මහපාරෙන් වෙන්ව ඇත්තේ දිය අගලකිනි. ඊට යාබදව දිය රැළි , බැම්බ නිර්මාණය කර ඇත. පුරණයේදී බෞද්ධ සිද්ධස්ථාන අවට වළාකුළු බැම්ම සෑදීම දක්නට ලැබේ. දළදා මාලිගය පිහටි පුණ්‍ය භූමියට පිවිසෙන ප්‍රධාන දොරටුව මහවාහල්කඩ නම් වේ. මෙය සාදා තිබෙන්නේ ද දිය අගල හරහා සෑදු පාලම මත ය. මෙහි ද්වාරයක් නැත. මෙහි දොරපඩිය ඉතා අලංකාර සඳකඩ පහණින් අලංකාර කර තිබේ. එය ශෛලමය නිර්මාණයකි. දෙපැත්තේ බිත්තිවල ශෛලමය හස්තිරූප ඉතා මනහර ය. දකුණු පසට ඇති පඩිපෙළ නැග යන විට මාලිගාවේ ප්‍රධාන දොරටුව හමු වේ. මෙහි ගල් උළුවස්සක් හා දොරකි.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk