ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සිතුවම - ජගත් හේවාපන්න
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හය වැන්නේ දී දඹදිව ධර්මාශෝක මහා ධිරාජයාගේ පුත්‍ර මහින්ද මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයේ අනුරපුර මිහින්තලාවේ මිස්සක පව්වට වැඩම කොට දේවානම්පියතිස්ස මහරජු ඇතුළු පිරිස බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිටවූ පොසොන් පොහෝ දිනය ලක්වැසියන්ට බුද්ධ ධර්මය දායාද වූ දිනය යි. සිද්ධාර්ථ කුමරුන් විසිනව වැනි වියේ දී උයන් කෙළියට යන විට සතර පෙරනිමිති අතර සඳහන් මළ මිනියක් දැක ජීවිතයේ අස්ථීර භාවයත්, උපන් සියලු සත්ත්වයා මරණයට පත්වන ධර්මතාවයත් අවබෝධ කොට ගත්තේ පොසොන් පොහෝ දිනක දී ය. සමතිංසත් පාරමිතා පූරණය කොට සම්බුද්ධත්වයට පත් ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු සිව්වන සතිය බෝමැඩට වයඹ දෙසින් වූ රුවන් ගෙයි වැඩ හිඳීමින් ධර්මය මෙනෙහි කරන්නට විය. එම අවස්ථාවේ බුදුසිරුරෙන් රැස් විහිදුණු බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි. එම අසිරිමත් සිදුවීම සිදුවූයේ ද පොසොන් පොහෝ දිනක දී ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පශ්චිම වසර දෙසිය තිස් හයකට පසුව මගධාධිපති අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් පැළලුප්නුවර අශෝකාරාමයේ දී මාස නවයක් පුරා තෙවන ධර්ම සංගායනාව පැවැත්වුණි. එහි ප්‍රධානත්වය ගනු ලැබුවේ මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ යි. මහාවංශයට අනුව භාරතයෙන් බැහැර ප්‍රත්‍යන්ත පෙදෙස්වල බුදුසසුන පිහිටුවීමට මොග්ගලීපුත්ත හිමියන් කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව මගධයෙන් පිටිසර පිහිටි රාජ්‍යයන් නවයකට ධර්ම දූත කණ්ඩායම් පිටත් කළ අතර, ලංකාවට මහා මහින්ද තෙරුන් සමඟ ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල නම් තෙරුන් වහන්සේගෙන් යුක්ත ධර්ම දූත කණ්ඩායමක් මොග්ගලීපුත්ත හිමියන් විසින් පත් කරන ලදී. මිහිඳු මා හිමියන් ෂඩ් අභිඤාලාභී සුමන සාමණේරයන් සහ අනාගාමී ඵලලාභී භණ්ඩුක නම් කුමරුන් ද කැටුව බුදු පිරිනිවනින් වසර දෙසිය තිස් හතක් වූ පොසොන් පෝ දා ලක්දිවට වැඩම කළහ.
ඓතිහාසික ලේඛනවලට අනුව මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට පැමිණි දිනයේ සිට සිදුවී ඇති චින්තන විප්ලවය හා සංස්කෘතික පුනරුදය විදේශිකයන්ගේ පවා විමර්ශනවලට භාජනය වන අතර ඔවුන්ගේ නිගමන අනුව මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය ඉතා සැලසුම් සහගත වූවකි. උන්වහන්සේ පූර්ව සැලසුම් සහිතව මෙරටට වැඩම කළ අතර එය වටහා ගත හැකි එක් ක්‍රමයක් වන්නේ උන්වහන්සේ විසින් කරන ලද දේශනාවන් විමසීම ය. එම දේශනාවන් අසා දින කිහිපයක් ඇතුළත මෙරට ජනයා හැට දහසක් පමණ බුදුදහම වැළඳගත් බව කියැවේ. එබැවින් මෙම ලිපියෙන් සලකා බැලෙනුයේ උන්වහන්සේ විසින් මුල් දින කිහිපය ඇතුළත කරන ලද සූත්‍ර දේශනා පිළිබඳව ය. මිහිඳු මාහිමියන් දේවානම්පියතිස්ස රජතුමාට දෙසිය යුතු පළමු දේශනය සඳහා තථාගත දේශනා අතර මජ්ක්‍ධිම නිකායට අයත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තෝරා ගත්හ. මිහිඳු මාහිමියන්ගේ අභිප්‍රාය වූයේ කිසියම් ජන කොටසක් ආගමට හරවා ගැනීම නොව තථාගත ධර්මයේ ආස්වාදය පතුරුවා හැරීමයි. චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව ඇසීමෙන් පසු දේවානම්පියතිස්ස රජ ඇතුළු රජ පවුලේ සියලු දෙනා තෙරුවන් සරණ ගිය බව සඳහන් වේ.
බුදුරදුන් වදාළ ධර්මය විමුක්ති දර්ශනයකි. එය සසර දුක නිමා කොට එයින් මිදෙන මඟ නිරවුල් ව, නිවැරැදි ව පෙන්වා දී ඇති අතර, එම පිළිවෙත අනුගමනය කිරීමෙන් කෙනකුට වර්තමාන ජීවිතයේ ම විමුක්තිය සාක්ෂාත් කළ හැකි ය. එයින් මෙපිට ලෞකික ජීවිතය අර්ථවත් කෙරෙන, සමාජ විමුක්තියට අදාළ වන ආචාර ධර්ම පද්ධතියක් ද බුදුරදුන් වදාළ ධර්මයේ ඇතුළත් ව තිබේ. පුද්ගල විමුක්තියත්, සමාජ විමුක්තියත් එකම කාසියක දෙපැත්ත සේ එකිනෙකට සම්බන්ධ ව පවතින අයුරු බුද්ධ දේශනාව පිරික්සීමෙන් වටහාගත හැකි ය. මිහ¼ිදු හිමියන් විසින් මෙරටට හඳුන්වාදෙන ලද ථෙරවාද බුදුසමය යටකී දෙ අංශයෙන් ම මැනවින් පෝෂණය වී පැවැති හෙයින් එම දහම සිංහල බෞද්ධයාගේ ජීවිතය ආධ්‍යාත්මික අංශයෙන් මෙන්ම ලෞකික සමෘද්ධියෙන් ද පරිපූර්ණත්වයට පත්කර තිබේ. බුදුසමයෙන් යෝජනා කරන ලද සම්මා ආජීවය ලංකාවේ රාජ්‍ය මෙන්ම පුද්ගලික ආර්ථිකය කෙරෙහි ද බලපා තිබේ. දැහැමි ජීවනෝපාය ලෙස නිර්දේශිත ගොවිතැන, වෙළෙඳාම, රාජ්‍ය සේවය හා වෙනත් ශිල්ප කර්මාන්ත ආදිය ධනය ඉපැයීමේ ක්‍රමය බවට පත්ව තිබේ. පරිසර හිතකාමී ගොවිතැන කෙරෙහි සිංහල බෞද්ධයා යොමු වූයේ එය බුදුදහමින් අනුමත වූ හෙයිනි. පාරිසරික සම්පත් කෙරෙහි මිතුරු ආකල්පයක් ඇතිකර ගත් හෙයින් ඒවාට හානි කිරීමෙන් හෝ ඒවා සූරා කෑමෙන් හෝ වැළකුණි. මල නොතලා රොන් ගන්නා බඹරකු සේ (බඹරස්සේව ඉරීයතො) ස්වභාව ධර්මයට හානි නොකර, එයින් ප්‍රයෝජන ලබා ගත්හ. ජල සම්පත මහත් ධනයක් සේ සැලකූ පාලකයෝ මෙන් ම, පොදු ජනයා ද එය සුරකිමින් ආර්ථික සමෘද්ධිය සඳහා මහා වැව්, කුඩා වැව්, ඇළ වේලි ඉදිකළහ. පොදු ජනයා ඇළ දොළ, ගංගා, වැව් පොකුණු සිය දිවි දෙවැනිකොට ආරක්ෂා කළ අයුරු ඒ හා සම්බන්ධ ඇදහිලි පුද සිරිත් ආදියෙන් පැහැදිලි වේ.
මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේත්, වේදිසා දේවියගේත් පුතණුවන් ය. මෞර්ය රාජ්‍ය වංශයේ ආරම්භකයා වූ චන්ද්‍රගුප්ත රජුගේ මුනුපුරකු වන අශෝක බින්දුසාර රජුගේ පුත්‍රයා ය. අශෝක රාජ්‍යත්වයට පත්වන්නේ බින්දුසාර රජුගේ ඇවෑමෙන් පසු ය. මෙම මෞර්ය රාජ්‍ය වංශයේ රාජ්‍ය ප්‍රතිපත්තිය වූයේ දිග්විජය රට තුළ ක්‍රියාත්මක කරවීම යි. එනම් මිනිසුන් තළා පෙළා රාජ්‍ය සීමාවෙන් පිටස්තර දේශයන් ද ස්වකීය අණසකට ගැනීම යි. තරුණ අශෝක අනුගමනය කළේ ද එම ප්‍රතිපත්තිය ම ය. අශෝක ක්‍රියාත්මක කළ දිග්විජය ව්‍යාපාරයේ බිහිසුණු ම අවස්ථාව කාලිංග දේශය යටත් කර ගැනීම සඳහා කළ කාලිංග යුද්ධය යි. එයින් ජයගත් හෙතෙම මුළු මහත් දඹදිවට ම අධිරාජ්‍යයා බවට පත් විය. ජනතාවට දැඩි විපත් ගෙන දෙමින් සිදු කළ එම පීඩාකාරි පාලන රටාව හමුවේ අශෝක රජුට චණ්ඩාශෝක යන නමක් ද පටබැඳුණේ ය. ලෝක ඉතිහාසයෙහි බොහෝ පාලකයෝ තමන් ලැබූ යුදමය ජයග්‍රහණ මත උදම් වනු මිස සිදු කළ අපරාධවල බිහිසුණු බවක් නො දකිති. එහෙත් එයට වඩා හාත්පසින් ම වෙනස් ස්වරූපයක් අශෝක චරිතය තුළින් පිළිබිඹු කෙරිණි. යුදමය ජයග්‍රහණයත් සමඟ ම බලවත් මානසික පීඩාවෙන් යුතුව කල් ගෙවූ අශෝක අධිරාජ්‍යයා එය සමනය කර ගැනීමට විවිධ ආගම්වල පිළිසරණ පැතීය. එහෙත් ඒ එකදු ඉගැන්වීමකින්වත් පලක් නොවීය. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැක පැහැදී කෙටි ධර්මාවවාදයක් ලැබීමෙන් පසුව රජුගේ මානසික පීඩාව දුරුව ගියේ ය. මෙහිදී අශෝක යුද සේනාව අතින් අශෝක රජුගේ සොහොයුරන් ද ඝාතනයට ලක් වුණි. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ යනු එසේ ඝාතනයට පත් එක් සොහොයුරකුගේ පුත්‍ර රත්නයකි. මෙහිදී නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දේශනා කළේ ධම්මපදයේ අප්පමාද වග්ගයේ එන මෙම ගාථාව ය.
ලක්දිව යුගයෙන් යුගය නොයෙක් නම්වලින් හැඳින්විණි. මේ මහා භද්‍ර කල්පයෙහි පළමුව බුදු වූ කකුසඳ බුදුන් කල මේ රට ‘ඕජදීප’ නම් විය. එකල මෙහි මිනිස් වාසය තිබිණි. දෙවනුව පහළ වූ කෝණාගමන බුදුන් සමයෙහි ලක්දිව හැඳින්වූයේ ‘වරදීප’ නමිනි. එකල ද මෙය මිනිස් වාසයෙකි. තුන්වැනිව පහළ වූ කාශ්‍යප බුදුන් දවස ද මිනිස් වාසයක් ව පැවති මෙරට ‘මණ්ඩදීප’ නම් විය. ‘ලංකාදීප’ යන නමින් මෙරට හැඳින්වූයේ අප ගෞතම බුදුන් දවස ය. එකල මෙය බිහිසුණු යකුන්ගේ වාස භූමියෙකි. බුදුබව පතා පෙරුම් පිරූ අප මහ බෝසත් එක්තරා අවදියක වළාහක නම් අහස් ගමන් ඇති අසෙකු ව හිමවතෙහි ඉපිද සිටියේ ය. එකල ලක්දිවට කීවේ ‘තම්බපණ්ණි’ යන නාමය ය. තම්බපණ්ණි ද්වීපයෙහි තම්බපණ්ණි විල්තෙර සරුවට වැවී තිබූ හැල් වී අනුභවයට බෝසත් අශ්වයා වරින් වර පැමිණේ. වෙළෙඳාම් පිණිස මුහුදු ගමන් යන්නවුන්ගේ නැව් මෙරට ආසන්නයේ ආපදාවට ලක්වූ විට එහි මිනිස්සු ද මෙරටට වරින් වර ගොඩබැස්සෝ ය. වළාහක අශ්වයාත් එසේ ගොඩබට මිනිසුන් මෙහි යකුන්ට බොජුන් වීමට පෙර හැකිතාක් දෙනා සිය පිට මතින් යළි මිනිස් පියසෙකට රැගෙන යාමට අමතක නොකළේ ය. අපගේ ශාස්තෘවර ගෞතම බුදුන් දවස ලක්දිව නමැති මෙරට මිනී මස් අනුභව කරන බිහිසුණු යකුන්ගෙන් පිරීගිය යක් බිමක් බව මැනවින් දුටු සේක. අනාගතයෙහි මේ ද්වීපය මිනිසුන්ට වාසභූමි කරනු වස් අප භාග්‍යවතුන් වහන්සේ පළමුව මෙහි වැඩම කොට පෙළහර දක්වා ඒ අති බිහිසුණු මනුෂ්‍ය ඝාතක යකුන් මෙරටින් බැහැර කොට මුහුද මැද පිහිටි වෙසමුණි දෙව්රජුට අයත් ‘ගිරි’ නම් දිවයිනෙහි රැඳවූ සේක. එසේම මෙරටෙහි වෙරළබඩ උතුරු බටහිර පෙදෙස්හි විමන් තනා වාසභූමි කරගත් භූත නාගයන් ද බුදුන් කෙරෙහි පැහැදවිය යුතු විය. එය ද අනාගත මිනිස් වාසයට පහසුව සදනු පිණිස ය. ඒ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දෙවනුව ද, තෙවනුව ද මෙරට වැඩම කොට මුළුමනින් ම මිනිස් වාසයට හිතකර පරිසරයක් ගොඩනැඟූ සේක.
ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ශ්‍රී ලංකාවේදී...
ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝ සමිඳු රෝපණය කර අඩසියවසක් සපිරෙයි: ශ්‍රී මහා බෝධිරාජ රන්දෝලි පෙරහර ජූලි 11දා
කොළඹටත් පොසොන්
මොරවින්න ශ්‍රී සුධර්මාරාමය
මාලියද්ද වැවතැන්න ශ්‍රී සුමංගලාරාමය මහා දාගැබ් වහන්සේ බොදුජන වන්දනාවට
මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේපොසොන් පෝ දා පින්කම් මාලාවක්
පලල්ලේ සරණජෝති නාහිමියෝ ගුරු උපහාර ලබති
ගෝනදෙණියේ කුසලඤාණ නාහිමියෝ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවි ලබති
මහකන්දේ රතනපාල නාහිමියෝ වැඩබලන මහානායක පදවි ලබති
මහර නැලිගම ශෛලාසන්නාරාමයට ජය ශ්‍රී මහ බෝධි අංකුරයක්
බෞද්ධාලෝක පදනමෙන් පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතියක්
සිරස රුහුණු මායා පොසොන් පූජා
බෞද්ධාලෝක සාහිත්‍ය උළෙලට නිර්මාණ භාර ගැනේ
පෝදා පින්කම්
පිහිට පතයි
බුදුසරණ පැන විසඳුම්
ඉතිරිය»
විශිෂ්ට පුද්ගලයකු වීමේ යුතුකම හා වගකීම
මනස නිරෝගි කරන ජීවන කලාව
දියුණුවේත් පරිහානියේත් තීරකයා සිතයි
ශ්‍රද්ධා බලය වැඩෙන අවස්ථා
දානය පාරමිතාවක් ලෙස
ජීවිතය ම දවන පාපකාරී විපාක
විනය සම්බුද්ධ ශාසනයේ ජීවයයි
ගුණදහම් පිරිහීමේ ඛේදනීය ඉරණම
මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය
සොඳුරු හුදෙකලාවේ මුනි ගුණ සුවඳ
මිහිඳු සංස්කෘතියෙන් හැඩවුණු අපේ ජනදිවිය
පුංචි හාමුදුරුවන්ටත් ආදරය සෙනෙහස ඕනෑ - කුඩාපානේ ආනන්ද හිමි
ගෞරවය චරිතවත් බව ආරක්ෂා කර ගැනීමට කාන්තාව දක්ෂ විය යුතුයි - උඩමාදුර චූලනන්දා මෙහෙණින් වහන්සේ
පුරපෑලවිය සඳ - 30 කොටස:
සිතේ ගැඹුර ස්පර්ශ කළ සදහම් මිණි කැට
දිවමන් උරුමය
මිහිඳු හිමියනි
බුදු මඟ
පිවිතුරුව නමදිමු
දහම් ආලෝකය
ගමේ පන්සල
මිහින්තලාවේ වෙහෙර විසිතුර
නිසල පරිසරයක අසිරිමත් පින්බිම විජය ශ්‍රී ගෞතම මහා විහාරය
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]