ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හය වැන්නේ දී දඹදිව ධර්මාශෝක මහා ධිරාජයාගේ පුත්‍ර මහින්ද මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයේ අනුරපුර මිහින්තලාවේ මිස්සක පව්වට වැඩම කොට දේවානම්පියතිස්ස මහරජු ඇතුළු පිරිස බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිටවූ පොසොන් පොහෝ දිනය ලක්වැසියන්ට බුද්ධ ධර්මය දායාද වූ දිනය යි. සිද්ධාර්ථ කුමරුන් විසිනව වැනි වියේ දී උයන් කෙළියට යන විට සතර පෙරනිමිති අතර සඳහන් මළ මිනියක් දැක ජීවිතයේ අස්ථීර භාවයත්, උපන් සියලු සත්ත්වයා මරණයට පත්වන ධර්මතාවයත් අවබෝධ කොට ගත්තේ පොසොන් පොහෝ දිනක දී ය. සමතිංසත් පාරමිතා පූරණය කොට සම්බුද්ධත්වයට පත් ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු සිව්වන සතිය බෝමැඩට වයඹ දෙසින් වූ රුවන් ගෙයි වැඩ හිඳීමින් ධර්මය මෙනෙහි කරන්නට විය. එම අවස්ථාවේ බුදුසිරුරෙන් රැස් විහිදුණු බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි. එම අසිරිමත් සිදුවීම සිදුවූයේ ද පොසොන් පොහෝ දිනක දී ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පශ්චිම වසර දෙසිය තිස් හයකට පසුව මගධාධිපති අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් පැළලුප්නුවර අශෝකාරාමයේ දී මාස නවයක් පුරා තෙවන ධර්ම සංගායනාව පැවැත්වුණි. එහි ප්‍රධානත්වය ගනු ලැබුවේ මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ යි. මහාවංශයට අනුව භාරතයෙන් බැහැර ප්‍රත්‍යන්ත පෙදෙස්වල බුදුසසුන පිහිටුවීමට මොග්ගලීපුත්ත හිමියන් කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව මගධයෙන් පිටිසර පිහිටි රාජ්‍යයන් නවයකට ධර්ම දූත කණ්ඩායම් පිටත් කළ අතර, ලංකාවට මහා මහින්ද තෙරුන් සමඟ ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල නම් තෙරුන් වහන්සේගෙන් යුක්ත ධර්ම දූත කණ්ඩායමක් මොග්ගලීපුත්ත හිමියන් විසින් පත් කරන ලදී. මිහිඳු මා හිමියන් ෂඩ් අභිඤාලාභී සුමන සාමණේරයන් සහ අනාගාමී ඵලලාභී භණ්ඩුක නම් කුමරුන් ද කැටුව බුදු පිරිනිවනින් වසර දෙසිය තිස් හතක් වූ පොසොන් පෝ දා ලක්දිවට වැඩම කළහ.
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]