[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කොළඹටත් පොසොන්

කොළඹටත් පොසොන්

“කොළඹටත් පොසොන්” තේමාවෙන් ජනාධිපති කාර්යාලයේ මඟපෙන්වීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශවල පූර්ණ දායකත්වය ඇතිව ජාතික බාලදක්ෂ පොසොන් කලාපය සංවිධාන කරනු ලබයි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ඉතිහාසය තුළ ප්‍රථම වරට සංවිධාන කරනු ලබන මෙම පොසොන් කලාපයේ කප් සිටුවීමේ චාරිත්‍රය පසුගියදා මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්‍යයේ, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්, නීතිඥ ලසන්ත මනෝජ් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඊයේ (28) සහ අද (29) පස්වරු 6.30 සිට පසුදින පාන්දර 1.00 දක්වා කොළඹ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවතේ, ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා වූ මාර්ගය දෙපස මෙම පොසොන් කලාපය පැවැත්වේ.

මෙහිදී මහජනතාව වෙනුවෙන් විවිධ ආගමික සහ සංස්කෘතික අංග රැසක් නොමිලේ විවෘතව පවතී. සැබෑ අත්දැකීමක් විඳීය හැකි පරිදි දැවැන්ත මිහින්තලා අනුරුවක් නිර්මාණය කර ඇත.

බාලදක්ෂයන්, ආරක්ෂක අංශ මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශවල දායකත්වයෙන් නිර්මාණය වන යාන්ත්‍රික සහ ස්වාභාවික කූඩු තරගාවලිය සහ ප්‍රදර්ශනය ද මෙහිදී පැවැත්වේ.

බාලදක්ෂ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන භක්ති ගීත ගායනා, ආකර්ෂණීය ආලෝක රටා, විසිතුරු සැරසිලි සහ දැවැන්ත තොරණ මෙහිදී දැකබලා ගත හැකි අතර, දන්සල් ද පැවැත්වේ. ලේක්හවුස් සහ සිරස ආයතන මෙහි නිල මාධ්‍ය අනුග්‍රහය දක්වනු ලබයි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]