[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය

මහින්දාගමනයෙන් ඔපවත් වූ සිංහල සංස්කෘතිය

මිහිඳු මහ රහතන් වහන්සේ සම්බුදු දහම හඳුන්වා දීමත් සමඟ මේ රටේ නව සංස්කෘතික ප්‍රබෝධක් ඇති විය. දීප වංශය, මහා වංශය වැනි හෙළ සාහිත්‍ය දෙස බැලීමෙන් ඒ බව පැහැදිලි වනු ඇත. විශේෂයෙන් විවිධ ඇදහිලි හා විශ්වාස පසුපස යමින් සිටි මෙරට ජනතාව බුදු දහම වැළඳ ගැනීමෙන් පසුව ශිෂ්ට සම්පන්න අයුරින් ක්‍රියා කරන, නිවැරැදි දැක්මකින් ඉදිරියට ගිය ජාතියක් බවට පත් වූහ.

“ගමයි පන්සලයි - වැවයි දාගැබයි

කහ සිවුරයි - කෙත් යායයි”

යන උදාර සංකල්පය ඔස්සේ රාජ්‍ය පාලකයාගේ පටන් සියලු ජනතාව සංස්කෘතික වශයෙන් නව මාවතකට, කාලයකට පියවර තැබීමෙන් පැහැදිලි වන්නේ එදා අපේ රටේ පැවති ආර්ථික ආදී සෑම ක්ෂේත්‍රයක ම පැවති ප්‍රබල දියුණුව යි. කෘෂිකර්මාන්තය මුල් කර ගත් නව ආර්ථිකයකට උරුම කියූ අප ලක් මාතාව පෙරදිග ධාන්‍යාගාරය වූයේ මේ නිසාවෙනි.

මිහිඳු මාහිමියන් වැඩම කිරීමෙන් පසු තව දුරටත් ශාසනික වශයෙන් පසු කාලීන ව දුමින්දාගමනය ද සිදු විය. ඒ තුළින් බෝධි වන්දනාව ප්‍රචලිත වූ අතර, ශ්‍රී ලංකාව ථේරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය බවට ද පත් වූයේ මේ නිසා බව අපි හොඳින් දනිමු. එපමණක් නොව සාහිත්‍ය අතින් ද විශාල දියුණුවක් ලැබූහ.

මහා අට්ඨ කතා, මහා පච්චරිය අට්ඨ කතා, කුරුන්දි අට්ඨ කතා, සංඛේප අට්ඨ කතා, අන්ද අට්ඨ කතා ආදී සිංහල භාෂාව මුල් කර ගත් අටුවා ලියූ මිහිඳු මාහිමියන් සෑම ක්ෂේත්‍රයක් ම බුදු දහම ඔස්සේ ඉදිරියට ගෙන ගිය අතර, දුමින්දාගමනයත් සමඟ කලා ශිල්ප ආදී බොහෝ නිර්මාණ නිසා අපේ රට කොතරම් දියුණු තත්ත්වයක පැවතියේ ද යන්න අනුරාධපුර, පොළොන්නරු ආදී කාලවකවානු සාක්ෂි සපයයි.

සම්බුදු දහමින් පෙන්වා දෙන පන්නරය ඔස්සේ නිවැරැදි චින්තනය අනුව යමින් මහින්දාගමනය යන්න ගැඹුරින් අධ්‍යයනය කිරීම මෙකල අතිශයින්ම වැදගත් වේ. ‘මිහිඳු චින්තනය බෞද්ධ සංස්කෘතිය ඔස්සේ තථාගත බුදුරදුන්ගේ දහමෙන් ඔපවත් වීමටත්, දිනෙන් දින පිරිහෙමින් පවතින අපගේ සංස්කෘතිය නිවැරැදි මඟකට යොමු කරවීමත්, අතිශයින්ම වැදගත් වනු ඇත.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]