ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ දුරුතු අව අටවක පෝ දා 2026 ජනවාරි 10 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සේයාරුව - නිශ්ශංක විජේරත්න
ජනවාරි 10 සෙනසුරාදා පූ.භා. 08.27න් අව අටවක ලබා 11 ඉරිදා. පූ.භා. 10.23න් ගෙවේ 10 සෙනසුරාදා සිල්.
අව අටවක
ජනවාරි 10
අමාවක
ජනවාරි 18
පුර අටවක
ජනවාරි 26
පසළොස්වක
පෙබරවාරි 01
ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන ඉන්ද්රියයන් සයෙන් අප සිරුරෙහි සියලු කටයුතු මනස හෙවත් සිත මූලික කොට පවතියි. “මනෝ පුබ්බංගමා ධම්මා” යනුවෙන් සියලු ධර්ම මනසින් හටගන්නා බව, මනසට යටත් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එම නිසා සිත යහපත් ව පවත්වා ගැනීමෙන් කායික වශයෙන් හා වාචසික වශයෙන් සිදුවන ක්‍රියා යහපත් කරගත හැකි ය. එමෙන්ම සිත අයහපත් වුවහොත් කායික ක්‍රියා හා වාචසික වචනය අයහපත් වනු ඇත. මේ සඳහා පුද්ගලයා තම සිත නිවැරැදි ලෙස හසුරුවා ගත යුතුය. පාලනය කරගත යුතු ය. සිත හසුරුවා ගැනීමට, පාලනය කර ගැනීමට, ඥානවන්ත පුද්ගලයා උත්සාහ කරයි. ඒ බව “අත්තානං දමයන්ති පණ්ඩිතා” යනුවෙන් ධම්මපදයෙහි දක්වා ඇත.ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට ආඝ්‍රාණය වන ගන්ධය, දිවට දැනෙන රස හා ශරීරයට දැනෙන ස්පර්ෂය යන මේවා කෙරෙහි නිරතුරුව අප සිත ගමන් කරයි. මෙහිදී ඇසට පෙනෙන රූප අප කැමැති හා අකැමැති රූප වශයෙන් දෙකොටසකට බෙදාගෙන ඇත. කැමති රූප නැවත නැවත දකින්නට කැමති වන අපි ඒ රූප අප සතු කර ගැනීමට ද උත්සාහ කරමු. මෙලෙස එම රූපය, එම රූපයට අයත් පුද්ගලයා හෝ දෙය ලබා ගැනීමට වෙර දැරීමේ දී තෘෂ්ණා සහගත වූ බැඳීම්වලින් බැඳේ. එලෙස බැඳීම නිසා නොයෙක් ආකාරයේ දුක් දොම්නස් රාශියක් හටගැනීමේ තත්ත්වයක් උදා වේ. එලෙස ම අකැමැති රූප ප්‍රතික්ෂේප කරමින් එම රූපය, එම රූපයට අයත් පුද්ගලයා හෝ දෙය දුරු කිරීමට උත්සාහ කරයි. ඒ කෙරෙහි වෛරී සිතිවිලි, තරහ සිතිවිලි ඇති කර ගනී. මෙලෙස තමා අපි‍්‍රය කරන දේ කෙරෙහි ගැටීමට සිදුවේ. කැමැති දේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන අතර, අකමැති දේ තරහවෙන් ප්‍රතික්ෂේප කරන පුද්ගලයාට සැනසිල්ලක් ලබා ගත නොහැකිය. මේ ආකාරයෙන් සිත සංවර කොට නොමැති පුද්ගලයා කනින් අසන ශබ්ද ආදී කොට ඇති අනෙක් ඉඳුරන්ගෙන් ලබා ගන්නා අරමුණු කෙරෙහි ද ඇසින් දකින රූප කෙරෙහි මෙන් ම ක්‍රියා කරයි. මේ නිසා බොහෝ කොට කායික වශයෙන්, මානසික වශයෙන් අපහසුතාවකට පත් වේ.
බුදු දහම මෙරට මුල් බැස ගැනීමත් සමඟ ම සමාජ පුනරුදයක්, පෙරැලියක් ඇති විය. රාජ අනුග්‍රහය නොඅඩුවම ලැබීමෙන් බුදු සමය ගම්- නියම් ගම් දනව් - පාසල් දනව් හා පුර විසල් පුර ඔස්සේ ව්‍යාප්ත වීමත් සමඟ ම මිනිසුන්ගේ චිත්ත ප්රබෝධය වෙනදාට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා ලදී. ප්රාග් ඇදහිලිවලින් හෙම්බත් වී සිටි ජනයාට බුදුසමයෙන් ආභාසය ලැබීම අනුව ස්වකීය ජීවිතය කෙරෙහි අපේක්ෂා තබා ගත හැකි තත්ත්වයකට පාත්‍ර විණි. අතිශයින්ම සමාජ ධර්ම හැඩ ගැසීම කෙරෙහි එදා ජනකාය උනන්දුවක් ද දැක්වූහ. ජීවත්වීම පමණක් නොව, ජීවිතය තවත් ප්රභාවිතවීමට නම් සමාජ ධර්ම ද තිබිය යුතුය යන්න ද සමාජයේ කෙමෙන් මුල් බැස ගන්නා වු කරුණකි. මිනිසා තුලනාත්මක ව සිතා බැලීමට පුරුදුවීම අනුව ජීවිතය යනු කුමක්ද යන්න ගැනත් ධර්ම මාර්ග ඔස්සේ සාපේක්ෂකව සිත මෙහෙයවීමට පුරුදු වීමෙන් කෑම - බීම - ඇඳීම හා පැවැත්ම පෙරට වඩා විධිමත් බවත් හා ක්‍රමවත් බවක් ගනු ලැබීය. මේ සමාජ ධර්මතාවන්ට පදනම වැටුණේ පන්සල ආශ්‍රීතවය, භික්ෂු සමාජයක් ඇති වීමත් සමගම පන්සල කේන්ද්‍රස්ථානය බවට පත්විණි. ‘පන්සල හෙවත් ආරාම‘ ඉදිවීම ජනයාගේ ජීවිතවල වෙනසකට ඉවහල් විය. භික්ෂුන්ගේ ඇසුර නිසා ජනතාව ධර්ම මාර්ගයට පිවිසියහ. සඟ ඇසුර ගුරු ඇසුර කොට ගෙන සිරිත් - විරිත්වලට ද ඔවුහු නැඹුරු වූහ. පන්සලට පිවිසෙන්නට පෙර පන්සල් දොරටුවේ තිබුණු ජල බඳුන්වල ජලයෙන් අත් පා සෝදා විහාර ගෙට පිවිසීම ද ඇති වුණේ මේ සමාජ පෙරළියත් සමඟ ය. හිස් වැසුම් පාවහන් ගලවා විහාර ගෙට පිවිසීමට ද ජනකාය නැඹුරු වූයේ බුදු සමය නිසා ය. අනුරපුර යුගයේ සෑම පන්සලක්, ආරාමයක් ඉදිරිපිට ජල බඳුන් අද ද දක්නට ලැබේ. ජේතවන විහාරයේ සිවු දිසාවේ මෙබඳු ගණයට ගැනෙන ජල බඳුන් දක්නට ලැබේ. පිරිසිදු දහමක් ඇසුරු කිරීමට මත්තෙන් පිරිසුදු වී විහාර ගෙයට පිවිසීමේ සමාජ ධර්මතාව, පිළිවෙතක් බවට පෙරලුණි. යතිවරුන්ගේ දහම් ශ්‍රවණය කිරීමට ජනතාව යොමු වීම නිසාත්, විනයානුකූල දිවි පෙවෙතක් ගත කිරීමට ද නැඹුරු වූහ.
බෞද්ධ භාවනාව යනු දීර්ඝ කාලයක් තිස්සේ මනස පුහුණු කිරීම සඳහා භාවිත වන ඉතා සාර්ථක ක්රමයකි. වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ මානසික නිදහස, සහනය ලබා ගැනීමට සහ සිත සන්සුන් කරගැනීමට බලාපොරොත්තු වන කාහටත් භාවනාව මහඟු පිටුවහලකි. භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම මතින් වඩන්නා වූ භාවනා ක්‍රම ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ඉවහල් වේ. භාවනා යන වචනයේ තේරුම සිත දියුණු කිරීම වැඩීම යන්න යි. එය තාවකාලිකව සිත සන්සුන් කර ගැනීමක් පමණක්ම නොව සිතේ දියුණුව ද සිදුවන ක්‍රියාවලියකි. බෞද්ධ භාවනාව තුළින් සිතේ ඇති කුසල ධර්ම නැවත නැවත මතු වී වැඩීමත්, ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් යටපත් වීම තුළින් සිතේ පිරිසිදු බව හෙවත් චිත්ත විසුද්ධියත් මූලිකව සිදු වේ. එම ක්‍රියාවලිය භාවනා යෝගියාට නො දැනීම සිදුවන සිද්ධියකි. උපමාවකින් කියතහොත් යම් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නා රෝගියකු තමන් ලබා ගන්නා ඖෂධ ශරීරය තුළ ක්‍රියාත්මක වන ආකාරය නොදන්නා වුවත් නිසි ආකාරයෙන් ඖෂධ භාවිත කළ හොත් ඖෂධ ක්‍රියාත්මක වී සුවපත් වීම සිදු වන්නාක් මෙනි. භාවනාව නිවැරැදිව වඩනා සෑම මොහොතකම කෙලෙස් යටපත්වීමේ ක්‍රියාවලිය සිදු වේ. චිත්ත ඒකාග්‍රතාවය ද ඇති වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝ සතුන්ගේ හිත සුව පිණිස පවතින භාවනා ක්‍රම බොහෝ ප්‍රමාණයක් දේශනා කර වදාළහ. සිත නිවා ගැනීමට සියල්ල වැඩිය යුතු නොවේ. නමුත් එක් භාවනාවක් හෝ ප්‍රගුණ කළ යුතු ය. බුදු දහමේ ඉගැන්වෙන භාවනා ක්‍රම ප්‍රධාන ආකාර දෙකකි. සමථ භාවනා සහ විදර්ශනා භාවනා යි. සමථ භාවනාව තුළින් සිදුවන්නේ කෙලෙස් නිසා විසිර පවත්නා චංචල වූ සිත යම් භාවනා අරමුණක් ඔස්සේ පිළිවෙළින් මෙහෙයවා එකඟතාවයට පත් කිරීමයි. එය සාමාධිය උපදවා ගැනීමකි.
අතීතයේ උරුමය මතුපරපුරට දායාද කරන පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය
කුලියාපිටිය ඇස්සැද්දුම දුරුතු මහා පෙරහර ජනවාරි 30 දා: ලෝ සතට සෙත සදන දුරුතු පෙරහර අසිරි
ශ්‍රී ජිනරතන නාහිමි අනුස්මරණ ප්‍රජා සත්කාර වැඩසටහන්
පිහිට පතයි
ඉතිරිය»
සුවපත් දිවියකට හොඳම තේරීම
නිපුණතා ඉගෙනගත් පසු පුහුණු සීමා ඉවත දමන්න
මරණාසන්න වේදනාව සමනය කර ගන්නට...
මරණය සිහිකිරීමේ අනුසස්
දියුණුවේ රහස
සසුනඹර එකලුකළ දම් රැකි සඟ රජිඳාණෝ
දසපින් කිරියවත්
නමස්කාර වේවා
අවසරයි
දික්වැල්ල ඓතිහාසික දීඝවාලුකාරාම රජමහා විහාරය
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]