මානසික ගැටලු බැඳීම් සහ ප්‍රතික්ෂේප
කිරීම් නිසයි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
බළන්ගොඩ ආනන්ද චන්ද්‍රකීර්ති හිමි
ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන ඉන්ද්‍රියයන් සයෙන් අප සිරුරෙහි සියලු කටයුතු
මනස හෙවත් සිත මූලික කොට පවතියි.
“මනෝ පුබ්බංගමා ධම්මා” යනුවෙන් සියලු ධර්ම මනසින් හටගන්නා බව, මනසට යටත් වන බව
බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එම නිසා සිත යහපත් ව පවත්වා ගැනීමෙන් කායික වශයෙන් හා
වාචසික වශයෙන් සිදුවන ක්‍රියා යහපත් කරගත හැකි ය. එමෙන්ම සිත අයහපත් වුවහොත් කායික
ක්‍රියා හා වාචසික වචනය අයහපත් වනු ඇත. මේ සඳහා පුද්ගලයා තම සිත නිවැරැදි ලෙස
හසුරුවා ගත යුතුය. පාලනය කරගත යුතු ය.
සිත හසුරුවා ගැනීමට, පාලනය කර ගැනීමට, ඥානවන්ත පුද්ගලයා උත්සාහ කරයි. ඒ බව “අත්තානං
දමයන්ති පණ්ඩිතා” යනුවෙන් ධම්මපදයෙහි දක්වා ඇත.
ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට ආඝ්‍රාණය වන ගන්ධය, දිවට දැනෙන රස හා ශරීරයට
දැනෙන ස්පර්ෂය යන මේවා කෙරෙහි නිරතුරුව අප සිත ගමන් කරයි. මෙහිදී ඇසට පෙනෙන රූප අප
කැමැති හා අකැමැති රූප වශයෙන් දෙකොටසකට බෙදාගෙන ඇත. කැමති රූප නැවත නැවත දකින්නට
කැමති වන අපි ඒ රූප අප සතු කර ගැනීමට ද උත්සාහ කරමු. මෙලෙස එම රූපය, එම රූපයට අයත්
පුද්ගලයා හෝ දෙය ලබා ගැනීමට වෙර දැරීමේ දී තෘෂ්ණා සහගත වූ බැඳීම්වලින් බැඳේ. එලෙස
බැඳීම නිසා නොයෙක් ආකාරයේ දුක් දොම්නස් රාශියක් හටගැනීමේ තත්ත්වයක් උදා වේ.
එලෙස ම අකැමැති රූප ප්‍රතික්ෂේප කරමින් එම රූපය, එම රූපයට අයත් පුද්ගලයා හෝ දෙය
දුරු කිරීමට උත්සාහ කරයි. ඒ කෙරෙහි වෛරී සිතිවිලි, තරහ සිතිවිලි ඇති කර ගනී. මෙලෙස
තමා අපි‍්‍රය කරන දේ කෙරෙහි ගැටීමට සිදුවේ. කැමැති දේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන අතර,
අකමැති දේ තරහවෙන් ප්‍රතික්ෂේප කරන පුද්ගලයාට සැනසිල්ලක් ලබා ගත නොහැකිය. මේ
ආකාරයෙන් සිත සංවර කොට නොමැති පුද්ගලයා කනින් අසන ශබ්ද ආදී කොට ඇති අනෙක්
ඉඳුරන්ගෙන් ලබා ගන්නා අරමුණු කෙරෙහි ද ඇසින් දකින රූප කෙරෙහි මෙන් ම ක්‍රියා කරයි.
මේ නිසා බොහෝ කොට කායික වශයෙන්, මානසික වශයෙන් අපහසුතාවකට පත් වේ.
එම නිසා භාවනාවකට සිත හුරුකර ගැනීමෙන් තම සිත තමාට අවශ්‍ය ආකාරයෙන් පාලනය කර ගැනීමට
පුද්ගලයාට හැකි වේ. එලෙස පාලනය කිරීමෙන් විශාල වශයෙන් මානසික සහනයක්, සුවයක්,
සැනසිල්ලක් උදාකර ගත හැකි ය. මේ සඳහා විශේෂයෙන් ම සිත ප්‍රධාන වේ. එම නිසා සිත යනු
කුමක් ද? යන්න විශේෂ අවධානයට ගත යුතු කාරණයකි. මෙම සිතේ එකඟ බව කෙතරම් වටින්නේ දැයි
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සූත්‍රයක් ඇත. එනම්, අංගුත්තර නිකායේ ඉන්ද්‍රිය
වග්ගයේ රෝග සූත්‍රය යි. එහිදී බුදුරජාණන් වහන්සේ,
ඒ අනුව මේ ලෝකයෙහි පෘථග්ජන පුද්ගලයන්ට කායික රෝගවලින් තොර ව වසරක්, දෙකක්, තුනක්,
හතරක් පමණක් නොව ඇතැම් විට වසර 100ක් හෝ ඊට වැඩිපුර යම් කාලයක් ද ජිවත්විය හැකි ය.
නමුත් මානසික රෝගවලින් තොරව එක මොහොතක්වත් සිටින පෘථග්ජන පුද්ගලයන් නොමැති බව එහිදී
දේශනා කොට ඇත.
මෙලෙසින් දක්වන්නට හේතු වන්නේ පුද්ගලයා නිරතුරුව යම් ආකාර වූ කෙලෙස් සිතිවිලිවලින්
යුක්ත ව වාසය කරන නිසාවෙනි. මේ අනුව මිනිසාට සතුට ලබා ගැනීමට මානසික සහනය ප්‍රධාන
දෙයකි. එම මානසික සැනසීම ලබා ගැනීම සඳහා සරල, පහසු, සාර්ථක ක්‍රම අනුගමනය කිරීමේ දී
මානසික ගැටලු බොහොමයක් හටගන්නේ බැඳීම් හා ප්‍රතික්ෂේප කිරීම නිසා බව පැහැදිලි වේ.
මේ නිසා තෘෂ්ණාවෙන්, රාගයෙන් මෙන්ම වෛරයෙන් (ද්වේෂයෙන්) පුද්ගලයා අපමණ පීඩාවකට
පත්වේ.
මේ සඳහා එකම විසඳුම දෛනික භාවනාව යි. ඒ අනුව දිනපතා යම් භාවනාවක යෙදෙන පුද්ගලයාට
ක්‍රමානුකූලව සන්තෝෂය ලබාගත හැකි ය. මෙහිදී විශේෂයෙන් යෝනිසෝ මනසිකාරය හෙවත් එළැඹ
සිටි සිහිය ප්‍රධාන වේ. එහිදී පුද්ගලයාගේ සෑම කටයුත්තක් ම අවධානයෙන් හා විමසිල්ලෙන්
යුතු ව සිදු කෙරේ. එලෙස ක්‍රියාකිරීමේ දී, රාග, ද්වේෂ ආදී වැරැදි සිතිවිලි පැමිණීමට
තිබෙන අවස්ථාව ක්‍රමයෙන් අඩු වනු ඇත.
භාවනා යන වචනය පිළිබඳ ව දක්වා ඇති අර්ථ පිළිබඳ ව අවධානය යොමු කිරීම ද ප්‍රතිඵලදායක
ය. “භාවෙති කුසලධම්මේ වඩ්ඪෙ’ ති භාවනා” යනුවෙන් කුසල් දහම් වැඩීම, දියුණු කිරීම
භාවනා වශයෙන් අර්ථ කථාවන්හි දක්වා ඇත.
මෙහිදී කුසල් දහම් වශයෙන් ගැනෙනුයේ සිත, කය, වචන යන ද්වාරත්‍රයෙන් සිදු කරන යහපත්
කටයුතු ය. එසේම “සමථ විපස්සනාසු අනුයොගො භාවනා” යනුවෙන් ථෙර ගාථා අට්ඨකතාවෙහි දක්වා
ඇත. එනම් සමථ හා විපස්සනා යන භාවනා අනුව යෙදීම (ක්‍රියා කිරීම) භාවනාව යනුවෙනි.
“භාවියතී වඩ්ඪිය ති භාවනා” යයි පටිසම්භිදාමග්ග අටුවාවේ දැක්වේ. දියුණු කිරීම, වැඩීම
භාවනා වන බව එහි අර්ථය යි. තවද “භාවෙතී’ති ජනෙති උප්පාදෙති වඩ්ඪෙති අයං තාව ඉධ
භාවනාය අත්ථො” යනුවෙන් ධම්මසංගණී අටුවාවේ දක්වන්නේ වඩයි, හටගනී. උපදවයි. දියුණු
කරයි යන අර්ථයෙනි. එමෙන් ම “භාවනාහි වඩ්ඪනා” යනුවෙන් වැඩීම ම භාවනාව‘යැය දක්වා ඇත.
ඉහත දැක්වූ පාලි පාඨයන් අනුව සිත එකඟ කොටගෙන කුසල් දහම් වැඩීම භාවනාව වශයෙන් විස්තර
කළ හැකි ය. මෙලෙස වචනාර්ථය දැක්වුව ද පුද්ගල සන්තානගත ආධ්‍යාත්මික ගුණයන් වර්ධනය
කිරීම යන අර්ථයෙන් ද භාවනා යන්න යෙදී ඇත. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ සබ්බාසව
සූත්‍රයේ දී භාවනා පහාතබ්බා යනුවෙන් දක්වන කාරණයට අවධානය යොමු කර ගත යුතු ය. එහිදී
සරලව සිත එකඟ කිරීම පමණක් නොව, පුළුල් අර්ථයකින් භාවනා යන්න විස්තර වේ. ඒ අනුව
භාවනාවෙන් ආශ්‍රව (කෙලෙස්) දුරු කරන්නේ කෙසේදැයි විග්‍රහ කෙරේ.
මේ ශාසනයෙහි භික්ෂුව නුවණින් සලකා විමසා බලා පළමුව සතිය නමැති සම්බෝධි අංගය වැඩිය
යුතු ය. පසුව එම භික්ෂුව මෙම සිහිය දියුණු කරගැනීමෙන් ධර්මය පිළිබඳ ව අවබෝධ කිරීම්
ඇතිකර ගත යුතු ය. මෙලෙස ධම්මචිචය නම් සම්බෝධි අංගය දියුණු කිරීමේ දී වීර්ය වර්ධනය
වනු ඇත. මෙම වීර්ය “වීරිය සම්බොජ්ඣංග“ වශයෙන් දැක්වේ. මෙලෙස වීර්ය දියුණු කිරීමෙන්
පී‍්‍රතිය හටගනී. පී‍්‍රති සම්බොජ්ඣංග වශයෙන් දැක්වෙන්නේ මෙයයි. මෙසේ පී‍්‍රතිය
දියුණු කොට භාවනා කිරීමේ දී සංසිඳීම නමැති පස්සද්ධි සම්බෝධ්‍යාංගය හටගනී. පසුව
සමාධි නමැති සම්බෝධි අංගය හා මධ්‍යස්ථ ස්වභාවයෙන් යුක්ත උපේක්ෂාව ද හටගනී. මෙලෙස
නිර්වාණාධිගමයට මහෝපකාරී වන බෝධි අංග සතක් දියුණු කිරීම භාවනා වශයෙන් හඳුන්වා
තිබීමෙන් පුද්ගලයාගේ මානසික ඒකාග්‍රතාව මෙන් ම ආධ්‍යාත්මික ගුණ වගාව කෙරෙහි ද
භාවනාව කෙසේ ප්‍රයෝජනවත් වන්නේ දැයි ප්‍රකට වේ.
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං”
යනුවෙන් විශුද්ධි මාර්ගය රචනා කිරීම සඳහා මාතෘකා කොට ඇති ගාථාවට අනුව පුද්ගලයා
සීලයක පිහිටා ම භාවනා වැඩිය යුතු ය. සීලයෙන් තොරව භාවනාවක ප්‍රතිඵල දැකිය නොහැකි ය.
සීලය භාවනාවේ පදනම යි. මේ අනුව පුද්ගලයා සීලයක පිහිටා එම සීලය ආරක්ෂා කරමින් ම
භාවනාවට එළැඹිය යුතුය. එලෙස සීලයක පිහිටීමේ දී කායික, වාචසික සංවරය නිරායාසයෙන්ම
ඇති වේ. “කාය වාචානං සමොධානං සීලං” යනුවෙන් දක්වා ඇති ආකාරයෙන් ශරීරයෙන් වන වැරැදි
තුනෙන් (ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර) හා වචනයෙන් වන වැරැදි හතරෙන්
(මුසාවාදා, පිසුණාවාචා, පරුසාවාචා, සම්ප්‍රප්පලාපා) වෙන්වීම සීලය යි.
මෙලෙස කය හා වචනය සංවර කර ගැනීමේ දී පුද්ගල සන්තානයේ ඇති වන්නා වූ අකුසල සිතිවිලි
අවම වනු ඇත.
මීට අමතරව චාරිත්‍ර සීල හා වාරිත්‍ර සීල වශයෙන් ද සීලයට අයත් දේ ඇත. චාරිත්‍ර යනු
කළ යුතු දේ ය. පරිත්‍යාග කිරීම, අනුකම්පා කිරීම, අසරණයන්ට පිහිට වීම ආදී වූ දේ ය.
වාරිත්‍ර නම් නො කළ යුතු දේ ය. වැරැදි දෙයින් වැළකීම ය. මේ අනුව “වත්තං න
පරිපූරෙන්ති සීලං න පරිපූරති” විහාර, බෝමළු පිරිසුදු කිරීම, මල් ආසන ආදිය සේදීම,
පිරිසුදු කිරීම ආදී වූ වත් පිළිවෙත් සිදුකිරීම ද සීලයට ම අයත් දේ ය.
එමෙන්ම බුදුන් වැඳීම, මල් පහන් පිදීම, පින් අනුමෝදන් කිරීම ආදී දේ ද සීලය සම්පූර්ණ
කර ගැනීමට ඉවහල් වන දෑය. එමෙන්ම වැඩිහිටියන්ට ගෞරව කිරීම, ගිලනුන්ට උවටැන් කිරීම්
ආදී කටයුතු ද මීට ම අයත් දේ ය. මේ සීලය ද ක්‍රමානුකූල ව බලවත් වේ. දීඝ නිකායට අනුව
චූල සීල, මජ්ක්‍ධිම සීල හා මහා සීල වශයෙන් ද සීලය වර්ග කොට ඇත.
“විනයෝ සංවරත්ථාය සංවරො අවිප්පටිසාරත්ථාය
අවිප්පටිසාරො පාමොජ්ජත්ථාය, පාමොජ්ජං පීතත්ථාය. පීති පස්සද්ධත්ථාය, පස්සද්ධි
සුඛත්ථාය, සුඛං සමාධත්ථාය, සමාධි යථාභූත ඤාණදස්සනත්ථාය, යථාභූත ඤාණදස්සනං,
නිබ්බිදත්ථාය, නිබ්බිදා විරාගත්ථාය, විරාගො විමුත්තත්ථාය, විමුත්ති විමුත්ත
ඤාණදස්සනත්ථාය, විමුත්ති ඤාණදස්සනං අනුපාදා පරිනිබ්බානත්ථාය” යන ආකාරයෙන් විසුද්ධි
මාර්ගයේ දී දක්වා ඇති හික්මීම, සංවර වීම පිණිස ද, සංවර වීම විපිළිසර නොවීමට ද එසේ
ක්‍රමානුකූල ව ඉදිරියට යෑම අවසානයේ අනුපාදිසේස පරිනිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම
පිණිස ද හේතුවනු ඇත.
මෙලෙස සීලය සම්පූර්ණ කර ගනිමින් භාවනාවට එළැඹ කටයුතු කරන යෝගාවචරයා තමාට ගැළපෙන
භාවනා ක්‍රමයක් තෝරාගත යුතු ය. ඒ සඳහා සමථ භාවනා හා විදර්ශනා භාවනා වශයෙන් ක්‍රම
දෙකක් ඇත. මෙහිදී බොහෝ කර්මස්ථානාචාර්යවරු මඟ පෙන්වන්නේ සමථ භාවනාව පළමුවෙන් වැඩීමට
ය. ඊට හේතු වන්නේ විදර්ශනා වැඩීමට එකඟ වූ සිතක් පුද්ගලයකුට තිබිය යුතු නිසා ය.
“කෙනට්ඨෙන සමාධීති සමාධානට්ඨෙන සමාධි, කිමිදං සමාධානං නාම එකාරම්මණෙ චිත්ත
චෙතසිකානං සමං සම්මා ච ආධානං ඨපනන්ති වුත්තං හොති” යනුවෙන් සිත හා සිතිවිලි විසිරී
යෑමට ඉඩ නොදී මැනවින් එක් අරමුණක පිහිටුවාලීම සමාධි නම් වන බව විසුද්ධි මාර්ගය
පෙන්වා දෙයි. ඒ අනුව සමාධි භාවනාව හෙවත් සමථ භාවනාව පළමුවෙන් පුහුණු කිරීම භාවනාව
සඵල කර ගැනීමට මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත.
මෙලෙස කලක් සමථ භාවනාව ප්‍රගුණ කොට යම් ප්‍රමාණයකට සිතේ සමාධිය දියුණු වූ පසුව
විදර්ශනා භාවනා පුහුණු විය හැකි ය. එලෙසින් එකඟ වූ සිතින් ආරම්භ කරන විදර්ශනාව
සාර්ථක ව දියුණු කළ හැකි ය. එසේ ක්‍රමානුකූල ව ඉදිරියට ගමන් කිරීමේ දී නව මහා
විදර්ශනා ඤාණ ලබා ගෙන අවසානයේ සියලු කෙලෙස් ප්‍රහීන කොට නිර්වාණාවබෝධය කොට ගත හැකි
ය. |