[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මානසික ගැටලු බැඳීම් සහ ප්‍රතික්ෂේප කිරීම් නිසයි

ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන ඉන්ද්‍රියයන් සයෙන් අප සිරුරෙහි සියලු කටයුතු මනස හෙවත් සිත මූලික කොට පවතියි. “මනෝ පුබ්බංගමා ධම්මා” යනුවෙන් සියලු ධර්ම මනසින් හටගන්නා බව, මනසට යටත් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එම නිසා සිත යහපත් ව පවත්වා ගැනීමෙන් කායික වශයෙන් හා වාචසික වශයෙන් සිදුවන ක්‍රියා යහපත් කරගත හැකි ය. එමෙන්ම සිත අයහපත් වුවහොත් කායික ක්‍රියා හා වාචසික වචනය අයහපත් වනු ඇත. මේ සඳහා පුද්ගලයා තම සිත නිවැරැදි ලෙස හසුරුවා ගත යුතුය. පාලනය කරගත යුතු ය. සිත හසුරුවා ගැනීමට, පාලනය කර ගැනීමට, ඥානවන්ත පුද්ගලයා උත්සාහ කරයි. ඒ බව “අත්තානං දමයන්ති පණ්ඩිතා” යනුවෙන් ධම්මපදයෙහි දක්වා ඇත.ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට ආඝ්‍රාණය වන ගන්ධය, දිවට දැනෙන රස හා ශරීරයට දැනෙන ස්පර්ෂය යන මේවා කෙරෙහි නිරතුරුව අප සිත ගමන් කරයි. මෙහිදී ඇසට පෙනෙන රූප අප කැමැති හා අකැමැති රූප වශයෙන් දෙකොටසකට බෙදාගෙන ඇත. කැමති රූප නැවත නැවත දකින්නට කැමති වන අපි ඒ රූප අප සතු කර ගැනීමට ද උත්සාහ කරමු. මෙලෙස එම රූපය, එම රූපයට අයත් පුද්ගලයා හෝ දෙය ලබා ගැනීමට වෙර දැරීමේ දී තෘෂ්ණා සහගත වූ බැඳීම්වලින් බැඳේ. එලෙස බැඳීම නිසා නොයෙක් ආකාරයේ දුක් දොම්නස් රාශියක් හටගැනීමේ තත්ත්වයක් උදා වේ. එලෙස ම අකැමැති රූප ප්‍රතික්ෂේප කරමින් එම රූපය, එම රූපයට අයත් පුද්ගලයා හෝ දෙය දුරු කිරීමට උත්සාහ කරයි. ඒ කෙරෙහි වෛරී සිතිවිලි, තරහ සිතිවිලි ඇති කර ගනී. මෙලෙස තමා අපි‍්‍රය කරන දේ කෙරෙහි ගැටීමට සිදුවේ. කැමැති දේ කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන අතර, අකමැති දේ තරහවෙන් ප්‍රතික්ෂේප කරන පුද්ගලයාට සැනසිල්ලක් ලබා ගත නොහැකිය. මේ ආකාරයෙන් සිත සංවර කොට නොමැති පුද්ගලයා කනින් අසන ශබ්ද ආදී කොට ඇති අනෙක් ඉඳුරන්ගෙන් ලබා ගන්නා අරමුණු කෙරෙහි ද ඇසින් දකින රූප කෙරෙහි මෙන් ම ක්‍රියා කරයි. මේ නිසා බොහෝ කොට කායික වශයෙන්, මානසික වශයෙන් අපහසුතාවකට පත් වේ. එම නිසා භාවනාවකට සිත හුරුකර ගැනීමෙන් තම සිත තමාට අවශ්‍ය ආකාරයෙන් පාලනය කර ගැනීමට පුද්ගලයාට හැකි වේ. එලෙස පාලනය කිරීමෙන් විශාල වශයෙන් මානසික සහනයක්, සුවයක්, සැනසිල්ලක් උදාකර ගත හැකි ය. මේ සඳහා විශේෂයෙන් ම සිත ප්‍රධාන වේ. එම නිසා සිත යනු කුමක් ද? යන්න විශේෂ අවධානයට ගත යුතු කාරණයකි. මෙම සිතේ එකඟ බව කෙතරම් වටින්නේ දැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සූත්‍රයක් ඇත.


දුරුතු අව අටවක

ජනවාරි 10 සෙනසුරාදා
පූ.භා. 08.27න් අව අටවක ලබා
11 ඉරිදා. පූ.භා. 10.23න් ගෙවේ
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

 ‍පෙබරවාරි 01 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]