[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

අතීතයේ උරුමය මතුපරපුරට දායාද කරන පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය

ලේඛන කලා ඉතිහාසයේ පුස්කොළ ලේඛන සම්ප්‍රදායට හිමි වන්නේ අභිමානවත් බවකි. පුස්කොළ පොත් එකතුවක හිමිකාරීත්වය මහත් ආඩම්බරයක් ව සලකන්නේ ඈත අතීතයේ බහුශ්‍රැත, විදග්ධ පඬිවරුන් විසින් තබන ලද මහාර්ඝ දැනුම් සම්භාරයකින් යුත් සටහන්වලින් එම ලේඛන සුපෝෂිත වීම නිසා ය. විද්වතුන් පවසන්නේ පුස්කොළ පොත් දේශීය දැනුම් කෝෂ්ඨාගාරයක් බඳු වන බව ය. සම්බුද්ධ දේශිතය, සිංහල, පාලි ආදි භාෂා, සාහිත්‍ය, සිංහල වෙදකම, ජ්‍යෝතිෂ්‍යය, කාලීන ආර්ථික සාමාජයීය හා දේශපාලනික තොරතුරු සේ ම විද්‍යාව තාක්ෂණය ආදි තොරතුරුවලින් සමන්විත මහාර්ඝ දැනුම් සම්භාරයක් පුස්කොළ ලේඛන සම්ප්‍රදාය ඔස්සේ අපේ මුතුන්මිත්තන් අපට දායාද කර දී ඇත. එහෙත් විවිධ පාරිසරික තත්ත්ව හමුවේ මේවා ඉතා දීර්ඝ කාලයක්, එනම් සියවස් ගණනාවක් අනාගතයට සුරැකීම අසීරු ය. විවිධ කෘමි උවදුරුවලට බඳුන් වීම ද සිදුවේ. මේ වටිනාකම් අනාගතයට රැක ගන්නට නම් නිසි ක්‍රමවේදයක අවශ්‍යතා දැඩි ය. නැතහොත් සිදුවන්නේ කාලයාගේ ඇවෑමෙන් මිල කළ නොහැකි දැනුම් සම්භාරයක් රටට, ජාතියට අහිමි වී යෑම ය. අපගේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූ මේ අසහාය දායාදය රැක ගැනීම, අනාගත පරපුරට දායාද කරදීම වත්මනෙහි වගකීමක් සේ ම මාහැඟි යුතුකමක් ද වන්නේ එහෙයිනි. මේ මහාර්ඝ කර්තව්‍යයට දායක වනු පිණිස ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි විහාරස්ථාන ආශි‍්‍රත ව ඇති පැරැණි පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධීක්ෂණයෙන් හා බෞද්ධාලෝක පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන බව බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා බුදුසරණට පැවසීය.


දුරුතු අව අටවක

ජනවාරි 10 සෙනසුරාදා
පූ.භා. 08.27න් අව අටවක ලබා
11 ඉරිදා. පූ.භා. 10.23න් ගෙවේ
10 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

Full Moonපසළොස්වක

 ‍පෙබරවාරි 01 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]