[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කිලිනොච්චිය ලුම්බිණි වෙහෙර ඡයාරූපය නිශ්ශංක විජේරත්න

ඇසළ අමාවක

ජුලි 24 බ්‍රහස්පතින්දා පූ.භා 02.32 අමාවක ලබා 25 සිකුරාදා
පූ.භා 00.45න් ගෙවේ.
 24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

ගැටුම් විසඳීමට බුදුදහමේ මඟ පෙන්වීම

බුදුදහම අවිහිංසාව මුල්කරගත් ආගමකි. පංචසීලයේ පටන් නිර්වාණාවබෝධය දක්වා පුද්ගලයාට ඇවැසි වූ දාර්ශනික මෙන් ම, සදාචාරාත්මක ඉගැන්වීම් අන්තර්ගත බුදුදහම තුළින් යුද්ධයන් හා කළහයන් ප්‍රතික්‍ෂේප කොට ඇත. දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රය දක්වන පරිදි බුදුන් වහන්සේ වෙත පැමිණෙන සක්දෙවිඳු දෙවියන් ද, මිනිසුන් ද, අසුරයන් ද, නාගයන් ද ගාන්ධර්වයන් ද යන සියලු සත්වයන් වෛර නොකර, අවි - ආයුධ නොමැති ව, කෝප නොවීමට උත්සාහ කළත් හැම දෙනා ම වෛර කරමින් අවි - ආයුධ අතැති ව, සතුරන් සහිත ව, කෝප වෙමින් ම සිටින බව පවසා ඊට හේතු කුමක් දැයි ප්‍රශ්න කරයි. සක්දෙවිඳුට පිළිතුරු සපයන බුදුන් වහන්සේ ගැටුම් ඇතිවීම සඳහා ආසන්න ම හේතු ලෙස මිනිස් සිතෙහි හටගන්නා ඊර්ෂ්‍යාව හා මසුරුකම යන හේතු පෙන්වා දෙයි. ප්‍රිය බව හා අප්‍රිය බව ඒ දෙකට හේතු වන බව දක්වා ප්‍රිය සහ අප්‍රියතාවන්ට ඡන්දය හෙවත් කැමැත්ත හේතු වන බව ප්‍රකාශ කරයි. ඡන්දය හෙවත් කැමැත්ත විතර්කය මත ගොඩනැඟෙන ආකාරයත්, එමඟින් ඇතිවන ප්‍රපංචකරණය ගැටුම් අරගලවලට හේතුව බවත් දක්වා තිබේ. මෙසේ මිනිස් සිතෙහි සිදුවන විවිධ විපර්යාසයන් නිසා පුද්ගල චර්යාවන් ප්‍රචණ්ඩ බවට පත් කෙරේ. එසේ වූ විට කලහ, විවාද, බහින් බස් වීම්, සැඩ පරුස වචන කීම් පමණක් නොව දඬු මුගුරු, අවි ආයුධ ගෙන ගැටුම් අරගලවලට ද පුද්ගලයා යොමු වෙයි. මජ්ක්‍ධිම නිකායේ චූළදුක්ඛක්ඛන්‍ධ සූත්‍රයේ දී ද බුදුන් වහන්සේ ගැටුම් ඇති වීමේ මානසික පසුබිම පිළිබඳ මෙසේ පැහැදිලි කර තිබේ. “පුන ච පරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිවම්මං ගහෙත්‍වා ධනුකලාපං සන්නයහිත්‍වා උභතො වියූළ්හං සගාමං පක්‍ඛන්‍දන්ති-------අයම්පි මහානාම කාමානං ආදීනවං සන්‍දිට්ඨිකො දුක්ඛක්ඛන්‍ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු” තවද, මහානාමය, කාම හේතුවෙන්, කාමයන් නිදාන කොට, කාමයන්ට හේතු කොට පිරිසක් ඊතලවලින් දමා ගසන කල්හි, කඩු ලෙළ දෙන කල්හි, මිනිසුන් කඩු පළිහ ගෙන, දුනු ඊතල සන්නද්ධ ව දෙපසින් සංග්‍රාමයට පිවිසෙති.... මහානාමය, මෙය කාමයන් හේතුවෙන් කාමයන් නිධාන කොට, කාමයන් සරණ කොට, කාමයන් ම හේතු කොට ඇති වන කාම ආදීනව වූ දුක් සමූහයකි.”

වෙස්වළාගෙන ආ ආශිර්වාදය

ඉට්ඨිය යැ, උත්තිය යැ, සම්භල යැ, භද්ධ සාලයැ යන ස්ථවිර හිමිවරුනුත්, සුමන සාමණේර හිමියනුත්, භණ්ඩුක උපාසක තැනත් යන සහාය පිරිස සමඟ භාරත දේශයෙන් පිටත්වැ. ධර්ම දූත මෙහවරැ පිණිස සිංහලයට පත් අනුබුදු මහා මහින්ද මහ රහතන් වහන්සේ සිංහලයේ දී හා හා පුරා කළැ මහ මෙහෙවර ය. තම අත දිගු නියපොත්ත කුදු නැතිවැ, ඉන් පෙරැ කවර කවමැ දාකවත් දැක හුරු බුහුටි කම් නොතිබූ, දඩකෙළි මතින් සන්නාහ සන්නද්ධ වැ ඇවිද, බලාපොරොත්තු සුන්වැ හා ඒ නිසා ම සරතසට පත්වැ සිටි රාෂ්ට පාලකයකු පාලනය කැරැ, ඔහුඅතැ තුබූ අවි බිම හෙළීමයි. එහෙත් මෙතෙක් ලෝක ඉතිහාසයේ සිදුවුණු එබඳු ශ්‍රේෂ්ඨ ක්‍රියාවෙක් පිළිබැඳිවැ වාර්තාවෙක් අද දු නැත. එදා ඒ දූත පිරිස සිංහලයට පත් වූයේ තුන් ලොවෙහි මැ අසම, අසමසම, අනභිභවනීය තථාගත දර්ශනයේ සිසිල ලබා දෙනු පිණිස, මුළු මහත් භාරත දේශාධිපති ධර්මාශෝකයන්ගේ අයැදීමෙන් හා අනුග්‍රහයෙන් යැ. එබඳු භාරදූර කටයුත්තකට පර දේශකයක පා තැබූ මොහොතෙහි මැ සිදුකළ ඒ ප්‍රාතිහාර්යය වර්ණා විෂයානික්‍රාන්තයැ පැමිණියේ යම් අභිමතාර්ථයෙකි ද, ඒ අභිමතාර්ථය ඉතා මැ ඉහළින් මුදුන්පත් කැරැගත් අවස්ථාවෙක් බවට ඒ සිද්ධිය පිළිබඳව සැලැකීම යුක්ති යුක්ත ය. කෞටිල්‍යය හෙවත් චාණක්‍යයයන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් කණක නන්ද හෙවත් ධන නන්දයන් වෙතින් මගධ රාජ්‍යය අත්පත් කැරැගත් පළමුවැනි චන්ද්‍රගුප්තයන් ඒ තවත් ශක්තිමත් කරනු ලැබිණි. අනුතුරුවැ රජපත් ඔහු පුත් බින්දුසාරයන් වෙතින් ඒ ශක්තිය තහවුරු කැරිණි. චන්ද්‍ර ගුප්තයන් වෙතින් ශක්තිමත් වැ, බින්දුසාරයන් වෙතින් තහවුරු වැ තැබූ මගධ රාජ්‍යය ව්‍යාප්තිය සිදුකැරුණේ අසෝකයන් වෙතිනි. එම ව්‍යාප්තවාදය මුළු මහත් භාරත දේශය මැ වාගේ සියතටැ ගන්නා තරම් මැ ඕජෝ ගුණයයෙන් යුක්ත වූ බව ඉතිහාසය කියයි.

මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පුදබිම බුද්ධගයාව

තෙමඟුල ලෙසින් වෙසක් දිනයේ දී සිදුහත් කුමරාගේ උපත, බුදුබව ලැබීම සහ පිරිනිවන්පෑම සිදුවූ ඉතා උතුම් දිනයක් ලෙසින් සකල ලෝවාසී බෞද්ධ ජනතාව මෙන් ම බුදුදහමේ අමාරසය විඳින බටහිර ජාතීන් ප්‍රමුඛ මනුෂ්‍ය ප්‍රජාව ද එම දිනය අනුස්මරණය කරති. ප්‍රථම බුදුපිළිමය නිර්මාණය වූයේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයට සියවස් පහකට පමණ පසුව බව මේ පිළිබඳ විද්වතුන්ගේ (භාරත දේශය ප්‍රමුඛ රටවල ලංකාව ද ඇතුළුව) මතය වන්නේ ය. මුල් කාලීන මූර්ති කැටයම් බුදුපිළිම නිර්මාණයට පෙර සිරිපතුල් යුගළ, ශ්‍රී මහබෝධීන් වහන්සේ, ස්තූපය, ධර්මචක්‍රය, වජ්‍රාසනය, ඡත්‍රය හා තිරත්නය ආදී බෞද්ධ ලාංඡන එම මූර්ති කැටයම්වලින් නිරූපිත ය. අප රටේ ඉතා පැරැණිතම බෞද්ධ මූර්තිකලාව සෑගිරිය නමින් මහාවංසයේ සඳහන් වන මිහින්තලේ කණ්ටක චේතියේ මෙන් ම පුරාණ ජම්බුද්වීපයේ මධ්‍ය ප්‍රදේශ්හි භාරුත් පුදබිමෙහි තිබූ බව ඉතා ප්‍රකට කරුණකි. එක් උදාහරණයක් දක්වතොත් අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන බව නිරූපිත භාරුත්හි මූර්ති කැටයමෙහි බුදුරජාණන් වහන්සේ වෙනුවට සිරිපතුල් දෙක ඉදිරිපිට අජාසත් රජු වැඳගෙන සිටින අන්දම නිරූපිත ය. අප එසේ සඳහන් කරන්නේ ඒ සිදුවීම් බ්‍රාහ්මී අක්ෂරවලින් “අජාතසත භගවතො වන්දතො” යනුවෙන් එහි සටහන් කර ඇති හෙයිනි. බුද්ධත්වයට පත් වූ බෝසත් උතුමා එම සිදුවීම් හා සම්බන්ධ කර දැක්වීම සඳහා පැරැණි කලාකරුවා යොදාගෙන ඇති ප්‍රධානතම සංකේතය බෝධිවෘක්ෂය යි. එය කෙතරම් පිළිගැනීමට ලක්ව තිබුණේ ද යත් බුදුවීම පමණක් නොව ඊට ආසන්න ව සිදුවූ අනෙකුත් වැදගත් සිදුවීම්වලදී ද බුදුරජාණන් වහන්සේ නියෝජනය කර ඇත්තේ බෝධිවෘක්ෂය මඟින් ය. මේ සඳහා හොඳම නිදර්ශනය වන්නේ සාංචි සහ භාරුත්වල ඇති සුජාතා දේවියගේ කිරි ආහාර පූජාව සහ මාර පරාජය පිළිබඳ මූර්ති කැටයම් ය. මුල්කාලීන බෞද්ධ කලාශිල්පවල බෝසතාණන් වහන්සේ බුදු බවට පත් වන අවස්ථාව නියෝජනය කිරීමට සංකේතයක් වශයෙන් යොදාගෙන ඇත්තේ බෝධිවෘක්ෂය යි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]