ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ අමාවක පෝදා 2025 ජූලි 24 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඉට්ඨිය යැ, උත්තිය යැ, සම්භල යැ, භද්ධ සාලයැ යන ස්ථවිර හිමිවරුනුත්, සුමන සාමණේර හිමියනුත්, භණ්ඩුක උපාසක තැනත් යන සහාය පිරිස සමඟ භාරත දේශයෙන් පිටත්වැ. ධර්ම දූත මෙහවරැ පිණිස සිංහලයට පත් අනුබුදු මහා මහින්ද මහ රහතන් වහන්සේ සිංහලයේ දී හා හා පුරා කළැ මහ මෙහෙවර ය. තම අත දිගු නියපොත්ත කුදු නැතිවැ, ඉන් පෙරැ කවර කවමැ දාකවත් දැක හුරු බුහුටි කම් නොතිබූ, දඩකෙළි මතින් සන්නාහ සන්නද්ධ වැ ඇවිද, බලාපොරොත්තු සුන්වැ හා ඒ නිසා ම සරතසට පත්වැ සිටි රාෂ්ට පාලකයකු පාලනය කැරැ, ඔහුඅතැ තුබූ අවි බිම හෙළීමයි. එහෙත් මෙතෙක් ලෝක ඉතිහාසයේ සිදුවුණු එබඳු ශ්‍රේෂ්ඨ ක්‍රියාවෙක් පිළිබැඳිවැ වාර්තාවෙක් අද දු නැත. එදා ඒ දූත පිරිස සිංහලයට පත් වූයේ තුන් ලොවෙහි මැ අසම, අසමසම, අනභිභවනීය තථාගත දර්ශනයේ සිසිල ලබා දෙනු පිණිස, මුළු මහත් භාරත දේශාධිපති ධර්මාශෝකයන්ගේ අයැදීමෙන් හා අනුග්‍රහයෙන් යැ. එබඳු භාරදූර කටයුත්තකට පර දේශකයක පා තැබූ මොහොතෙහි මැ සිදුකළ ඒ ප්රාතිහාර්යය වර්ණා විෂයානික්රාන්තයැ පැමිණියේ යම් අභිමතාර්ථයෙකි ද, ඒ අභිමතාර්ථය ඉතා මැ ඉහළින් මුදුන්පත් කැරැගත් අවස්ථාවෙක් බවට ඒ සිද්ධිය පිළිබඳව සැලැකීම යුක්ති යුක්ත ය. කෞටිල්‍යය හෙවත් චාණක්යයයන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් කණක නන්ද හෙවත් ධන නන්දයන් වෙතින් මගධ රාජ්‍යය අත්පත් කැරැගත් පළමුවැනි චන්ද්‍රගුප්තයන් ඒ තවත් ශක්තිමත් කරනු ලැබිණි. අනුතුරුවැ රජපත් ඔහු පුත් බින්දුසාරයන් වෙතින් ඒ ශක්තිය තහවුරු කැරිණි. චන්ද්‍ර ගුප්තයන් වෙතින් ශක්තිමත් වැ, බින්දුසාරයන් වෙතින් තහවුරු වැ තැබූ මගධ රාජ්‍යය ව්‍යාප්තිය සිදුකැරුණේ අසෝකයන් වෙතිනි. එම ව්‍යාප්තවාදය මුළු මහත් භාරත දේශය මැ වාගේ සියතටැ ගන්නා තරම් මැ ඕජෝ ගුණයයෙන් යුක්ත වූ බව ඉතිහාසය කියයි. ඒ සා මහත් ව්‍යාප්තවාදයෙන් මුළු මහත් විශ්වයේ මැ මනාවූ විරූ යැ. එහෙත් එහි අවසාන ප්‍රතිඵලය වූයේ, ඒ සංග්රාමශීලී අසෝකයන් මහා කලකිරීමෙකැ රැඳවීමයි. විශේෂයෙන් ඉතා ශක්ති සම්පන්න කාශ්මීරයේ දරුණු යුද්ධයක් සිදුවිණි. එහිදී වූ බරපතළ මිනිස් ඝාතන රජතුමා මහා විපය¸ාසයෙකැ රැඳවීයැ. ඒ මානසික විපයර්යාසයේ ස්වරූපය කෙසේද යත්, සංග්රාමශීලී ජීවිතයක් ගත කළැ අසෝකයනට දිග්විජය ප්‍රතිපත්තිය ආ... පෝ කරවනැ තරම් විය. ඒ වෙනුවට ධර්ම විජය මත පිහිටා රටවල් දිනීමට සේන්දු වියැ. එමැ පරිවර්තික මානසික තත්ත්වයෙන් අසෝකයන් වෙතින් සිදු කැරුණු කාර්යය පද්ධතියේ, අනු පද්ධතියෙක ලෙසිනි මහින්ද මහරහත් හිමියන් ඇතුළු ධර්මදූත ස්වාමීන් වහන්සේ සිංහලයට වැඩම කළේ.
ජුලි 24 බ්‍රහස්පතින්දා පූ.භා 02.32 අමාවක ලබා 25 සිකුරාදා පූ.භා 00.45න් ගෙවේ. 24 බ්‍රහස්පතින්දා සිල්
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
පසළොස්වක
අගෝස්තු 08
අව අටවක
අගෝස්තු 16
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]