ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ අමාවක පෝදා 2025 ජූලි 24 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පැරැණි බෞද්ධ සිද්ධස්ථාන බොහොමයකි. මෙම සමහර පූජනීය සිද්ධස්ථානයන්ගේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යයි. මේ අනුරාධපුර යුගයේ මුල් අවධියේ ඉදි වූ පැරැණි ම පුණ්‍ය භූමියකි. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මංගලතිරිය නම් ග්‍රාමයේ සුන්දර ගල් පර්වතයක ඉදිව තිබෙන එම විහාරය ප්‍රසිද්ධ ව ඇත්තේ “වාරණ රාජමහා විහාරය” යනුවෙනි. මෙහි ආරම්භය ආරණ්‍යයකි. නික්ලේෂී භික්ෂූන් වහන්සේ වැඩ විසූ ආරණ්‍ය සේනාසනයක් ලෙස හඳුනා ගැනීමට පුළුවන. “වාරණ” රාජමහා විහාරය මංගලතිරිය නම් ගමේ පිහිටා තිබෙන හෙයින් මුල් යුගයේ දී මෙම විහාරය “මංගල රාජමහා විහාරය” නමින් හඳුන්වන ලදී. නමුත් පසුකලෙක මෙම විහාරයට “වාරණ” නම ලැබීමට හේතු කිහිපයක් බලපෑ බව ද සඳහන් ය. පළමු හේතුව වන්නේ මෙම විහාරය පිහිටි පර්වතය හස්තියකුගේ හැඩයෙන් යුතු වීමයි. “වාරණ” යන වචනය හස්තියාට කියන සමාන වචනයක් නිසා මෙම රාජමහා විහාරයට “වාරණ රාජමහා විහාරය” යන නම පටබැඳුණු බවට විශ්වාසයක් පවතී. දෙවැනි හේතුව වන්නේ මෙම විහාරය පිහිටි භූමියේ අතීතයේ දී “වා” නමින් හැඳින් වූ ශාඛ විශේෂයක් බහුලව දක්නට ලැබී තිබීමයි. ඒ නිසා “වා අරණ” යන වචනයෙන් බිඳී “වාරණ” නම පටබැඳුණු බව කියැවේ. තුන්වැනි හේතුව වන්නේ දංගල්ලේ අත්ථදස්සී නම් මහා පඬිරුවනක් මෙම විහාරස්ථානයේ අධිපති ව වැඩ සිටි සමයේ දී වරින්වර එහි පැමිණෙන පක්ෂියකු ඉඩම්ගල නම් ස්ථානයේ ලැඟුම් ගැනීමට පුරුදුව සිට ඇත. මෙම පක්ෂියා හිමාලයෙන් මෙහි පැමිණෙන ඇත්කඳ ලිහිණියකු නිසා “වාරණ” යන නම පටබැඳුණු බව ද විශ්වාසයකි. විහාර භූමියේ පිහිටා තිබෙන ඉඩම්ගලට නැඟෙනහිර පිහිටි දිග්ගලේ පැරැණි ශිලා ලිපියක් දක්නට ඇත. ක්‍රි.පූ. 6 වැනි සියවස පමණ වන විට වාරණ රාජමහා විහාරය පිහිටා තිබෙන ප්‍රදේශයේ මානව ජනාවාස පිහිටා තිබුණු බවට එම ශිලා ලිපිය සාධක වන බව පැවසේ. එසේ ම නව ශිලා යුගයේ දී වාරණ ප්‍රදේශයේ ආදි මානවයන් ජීවත් වූ ප්‍රදේශයක් බවට විශ්වාසයක් පවතී. ලංකාවට බුදුදහම ලැබෙන විටත් මෙම ප්‍රදේශයේ ජනාවාස තිබෙන්නට ඇති බව ද කියැවේ. බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් දේවානම්පියතිස්ස රජතුමා ලංකාව පුරා විහාරස්ථාන කර වූ බව ද මහාවංසයේ සඳහන් ව ඇත. වාරණ ප්‍රදේශයේ මානව ජනාවාස පිහිටා තිබූ නිසා මෙහි විහාරයක් කරවන්නට ඇති බවට ද ඉතිහාසඥයන් මත පළ කරන්නට ඇත. ඒ වගේම රජු ඉදිකර වූ විහාරස්ථානය තිස්සදත්ත නම් තෙරුන් වහන්සේ නමකට පූජා කළ බව ද එහි ඇති ශිලා ලිපියක සටහන් ව ඇතැයි පැවසේ.
ජුලි 24 බ්‍රහස්පතින්දා පූ.භා 02.32 අමාවක ලබා 25 සිකුරාදා පූ.භා 00.45න් ගෙවේ. 24 බ්‍රහස්පතින්දා සිල්
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
පසළොස්වක
අගෝස්තු 08
අව අටවක
අගෝස්තු 16
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]