පිරිසුදු සිතින් මරණයට සූදානම් වන්න
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ
හෑගොඩ විපස්සී හිමි
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසන සේක. එකල්හි සැරියුත් මහරහතන්
වහන්සේ භික්ෂූන් වහන්සේට මෙසේ වදාළහ.
“ලෝකයේ පුද්ගලයෝ සතර දෙනෙක් වෙති. ඒ සතර දෙනා කවුද? එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස්
ඇත්තේ” තමා තුළ දැඩි කෙලෙස් ඇතැයි තතු සේ නොදනියි. එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස්
ඇත්තේ “තමා තුළ දැඩි කෙලෙස් ඇතැයි තතු සේ දනියි. එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් නැත්තේ
“තමා තුළ දැඩි කෙලෙස් නැතැයි තතු සේ නොදනියි. එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් නැත්තේ
“තමා තුළ දැඩි කෙලෙස් නැතැ”යි තතු සේ දනියි වශයෙනි.
මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූලපරියාය වර්ගයේ සඳහන් වන අනංගණ සූත්‍රයේ තවදුරටත්
මෙසේ සඳහන් වෙනවා. යම් පුද්ගලයෙක් තමා තුළ කෙලෙස් දැඩිව තිබියදී, තමා තුළ දැඩි
කෙලෙස් ඇතැයි හොඳින් නොදනී ද? මේ පුද්ගලයා දැඩි කෙලෙස් සහිත පුද්ගලයන් අතරින් පහත්
වෙනවා. අනෙකා එනම් දැඩි කෙලෙස් ඇතිව තමා තුළ දැඩි කෙලෙස් ඇතැයි දන්නා පුද්ගලයා
ශ්‍රේෂ්ඨ වෙනවා. යම් පුද්ගලයෙක් තමා තුළ දැඩි කෙලෙස් ඇතැයි හොඳින් නොදනී ද? මේ
පුද්ගලයා දැඩි කෙලෙස් රහිත පුද්ගලයා අතරින් පහත් වෙනවා. අනික් පුද්ගලයා එනම්, තමා
තුළ දැඩි කෙලෙස් රහිත, තමා තුළ දැඩි කෙලෙස් රහිත යැයි දන්නා පුද්ගලයා ශ්‍රේෂ්ඨ
වෙනවා. උසස් වෙනවා.
මෙසේ වදාළ කල්හි මුගලන් මහරහතන් වහන්සේ දැඩි කෙලෙස් සහිත මේ පුද්ගලයන් දෙදෙනාගෙන්
එක් අයකු පහත් වීමටත්, අනෙක් අය උසස් වීමටත් හේතු විමසූ සේක.
යම් පුද්ගලයෙක් දැඩි කෙලෙස් ඇති ව තමා තුළ දැඩි කෙලෙස් ඇතැයි හොඳින් නොදන්නේ ද?
එනිසා කෙලෙස් නැති කිරීමට කැමැති නොවන්නේ ය.
න ජන්දං ජනෙස්සති -
වෑයම් නොකරන්නේ ය
න වායමිස්සති -
වීරිය නොකරන්නේය
න වීරියං ආරභිස්සති,
ඔහු සරාගිකව සරාගො, ද්වේෂසහිතව
සදොස, මෝහ සහිතව
සමොහො, දැඩි කෙලෙස් සහිතව
සාංගණො, කිලිටි සිත් සහිතව
සංකිලිටය චිතෙතා,
මිය යන්නේ ය. කාලංකරිස්සති, යන තත්ත්වය එකී ස්වභාවයෙන් යුත් පුද්ගලයාගෙන්
බලාපොරොත්තු විය යුතුයි.
වෙළෙඳසලකින් හෝ රන්කරුවකුගෙන් හෝ ගෙනෙන ලද දූවිලිවලින් මෙන්ම මලකඩින් යුතු රන්
භාජනයක් අයිතිකාරයා ප්‍රයෝජනයට ගන්නේ නැත්නම් හෝ පිරිසුදු කරන්නේ නැත්නම්, දූවිලි
සහිත තැනකට දමනවා නම් පසු කාලයක තව තවත් අපිරිසුදු වෙනවා. මල බැඳෙනවා. එසේ දැඩි
කෙලෙස් සහිතව “තමා කෙලෙස් සහිත යැයි නොදන්නේ නම් කෙලෙස් නැති කිරීම පිණිස කැමැති
වන්නේ නැහැ. උත්සාහ කරන්නේ නැහැ. එම නිසා ඔහු රාගසහිත ව කිලුටු වු සිතින් මරණයට
පත්වන්නේ ය.
යම් පුද්ගලයෙක් දැඩි කෙලෙස් ඇතිව තමා තුළ දැඩි කෙලෙස් ඇතැයි හොඳින් දන්නේ ද? ඒ නිසා
දැඩි කෙලෙස් නැති කිරීමට තස්සංගණස්ස පහානාය කැමැති වන්නේ ය. ඡන්දං - ජනෙස්සති වෑයම්
කරන්නේ ය, වායම්ස්සති වීරිය කරන්නේ ය. වීරියං ආරභිස්සති, ඔහු රාග රහිතවඅරොගො,
ද්වේෂය රහිතවඅදොසො, මෝහය රහිතවඅමොහෝ, දැඩි කෙලෙස් රහිතව අනංගණො, කිලිටි සිත් නැති ව
අසංකිලිටඨචිතෙතා මිය යන්නේ ය. කාලං කරිස්සති යන මේ තත්ත්වය එකී ස්වභාවයෙන් යුත්
පුද්ගලයාගෙන් බලාපොරොත්තු විය යුතුයි.
වෙළෙඳසලකින් හෝ රන්කරුවකුගෙන් හෝ ගෙනෙන ලද දූවිලිවලින් මෙන් ම මලකඩින් ද යුතු රන්
භාජනයක් අයිතිකාරයා ප්‍රයෝජනයට ගන්නේ නම්, හෝ පිරිසුදු කරන්නේ නම්, දූවිලි සහිත
තැනකට නොදමනවා නම්, පසුකලක තව තවත් පිරිසුදු වෙනවා. මල නොබැඳේ
එසේ යම් පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත ව තමා කෙලෙස් සහිත යැයි දන්නේ නම් “ඒ කෙලෙස්
නැති කිරීම පිණිස කැමැති වන්නේ ය. උත්සාහ කරන්නේ ය. වීර්යය කරන්නේ ය. ඒ නිසා රාග
රහිත ව, ද්වේෂ රහිත ව, මෝහ රහිත ව කිලිටි නොවූ සිතින් ඔහු මරණයට පත්වන්නේ ය.
මෙහි අනංගණ යනු කෙලෙස් සපුරා ප්‍රහීන කිරීම නොවේ. යමෙක් කෙලෙස්වල ආදීනව දැන ඒවා යම්
සේ වළක්වා, නැතහොත් යටපත් කොට සිටීම අනංගණයි. “යස්ස පන මග්ගේන සමුහතා කිලෙසා න ච
උප්පජ්ජන්ති යේ න වා තෙන වා වාරිතක්තා අයමිධ අනංගණෙ ති අධිප්පේතෝ’ යනු අටුවාවයි.
යමෙකුගේ කෙලෙස්, සෝවාන් ආදී මාර්ගයෙන් නොනසන ලද ද එහෙත් යම් ක්‍රමයකින් වැළකෑ
බැවින් ඒවා අනංගණයි අදහස් කරන ලද්දේ ය.
දැඩි කෙලෙස් සහිත පුද්ගලයන් දෙදෙනා අතරින් තමා තුළ දැඩි කෙලෙස් ඇතිව ඒ බව දන්නා
පුද්ගලයා කෙලෙස් නැති කිරීමට උත්සාහ කරන නිසා, ඔහු උසස් වන බවත්, තමා තුළ දැඩි
කෙලෙස් ඇති ව ඒ බව නොදන්නා පුද්ගලයා, කෙලෙස් නැති කිරීමට උත්සාහ නොගන්නා නිසා පහත්
වන බවත් මෙයින් පැහැදිලි වෙනවා.
මේ පුද්ගලයන් දෙදෙනාගේ ස්වරූපය පිළිබඳ මේ අයුරින් ද දැක්විය හැකියි. එනම් යමෙක්
කොලෙස්ටරෝල් රෝගය තමාට වැළඳී ඒ බව නොදන්නේ නම්, බෙහෙත් හේත් ගැනීමක් හෝ පරිස්සම්
වීමක් හෝ සිදු නොවන්නේ ය. ඒ නිසා රෝගය තවතවත් උග්‍ර වී ඔහුගේ විනාශය ඇති වන්නේ ය.
එසේ කෙලෙස් තමා තුළ තිබෙද්දී ඒ ඒ කෙලෙස්වල ස්වභාවය අවබෝධ නොවේ නම් ඒවා තවදුරටත්
ලියලමින් දලුලමින් වර්ධනය වෙනවා.
යමෙක් කොලෙස්ටරෝල් රෝගය තමාට වැළදී ඒ බව දන්නවා නම් බෙහෙත් ගැනීම් ආදිය සිදු කරන්නේ
ය. ඒ නිසා රෝගය සුව වන්නේ ය. එපරිද්දෙන් තමා තුළ කෙලෙස් තිබෙන බව දන්නේ නම් ඒ ඒ
කෙලෙස්වල ස්වභාවය අවබෝධ කොට දුරු කර ගන්නවා.
යම් පුද්ගලයෙක් දැඩි කෙලෙස් නැතිව “තමා තුළ දැඩි කෙලෙස් නැතැයි තතු සේ නොදනී ද? ඔහු
සුබ වූ අරමුණක් මෙනෙහි කරන්නේ ය. ඒ සුබ වූ අරමුණ මෙනෙහි කිරීම නිසා රාගය ඔහුගේ සිත
යටපත් කොට සිටිනවා. රාග සහිත ව, ද්වේෂ සහිත ව, මෝහ සහිත ව, දැඩි කෙලෙස් සහිතව,
කිලුටු වූ සිතින් මිය යනවා.
වෙළෙඳසලකින් හෝ රන්කරුවකුගෙන් හෝ ගෙනෙන ලද පිරිසුදු, බබළන දිස්න ගහන රන්තළියක්
තියෙනවා නම්, එය අයිතිකාරයා පාවිච්චි කරන්නේ නැති නම්, දූවිලි තියෙන තැන්වල දමනවා
නම්, පසුව එය වඩාත් කිලුටු වී මල බැඳී පවතිනවා. එසේ යම් පුද්ගලයෙක් තමා තුළ කෙලෙස්
නැතැයි තතුසේ දන්නේ නැත්නම් ඔහු සුබ අරමුණක් මෙනෙහි කරන නිසා රාගයෙන් සිත මැඬගෙන
පවතිනවා. රාග සහිත ව, ද්වේෂ සහගත ව, මෝහ සහිත ව, දැඩි කෙලෙස් සහිත ව සිතින් ඔහු මිය
යනවා. යන කරුණු ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතු වෙනවා.
යුම් පුද්ගලයකුට රාගාදිය අඩු ස්වභාවයක් ඇති, එහෙත් ඔහු ඒ බව නොදන්නා නිසි රාගාදියට
හේතුවන නිමිති ගන්නවා. එහෙයින් ඔහුගේ සිත්හි කෙලෙස් ලියලමින් පවතිනවා. සුබ නිමිති
වශයෙන් මෙහි දැක්වූයේ ‘රාගටඨානීයං ඉටඨාරම්මණං” රාගයට හේතුවන සිත්ගත් අරමුණයි
අටුවාවෙ දැක්වෙන්නේ.
මෙම ලිපියේ ඉතිරි කොට නිකිණි පුර අටවක පෝ දා පත්‍රයේ පළවේ.
- හේමමාලා රන්දුනු |