ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් අමාවක පෝදා 2025 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
වවුල්පනේ රාජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ (ඡායාරූපය - නිශ්ශංක විජේරත්න)
පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ. 27 බ්‍රහස්පතින්දා සිල්
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
පසළොස්වක
මාර්තු 13
අව අටවක
මාර්තු 22
“ගුණ දහම්”, මාණික්‍ය වගෙයි. ගුණදහම් නමැති මාණික්‍යවලින් ම පමණක් සකස් වුණ ජීවිතයක් යම් කෙනකුට තිබෙනවා නම් ඒ ජීවිතේ මොන තරම් ආශ්චර්යවත් ද? කවුරුහරි කෙනෙක් මේ විදියට ඇහුවොත්, “හැම ගුණ ධර්මයක් ම එකට පිඬු වුණ, ගුණ දහම්වලින් ම විතරක් නිර්මාණය වුණ ජීවිතයක් මේ ලෝකයේ තිබුණ ද? කියල, ඒ ගුණධර්ම ප්‍රතිමූර්තියකට නඟන්න පුළුවන් ද?” කියල ඒ ප්‍රශ්නයට එකම එක පිළිතුරක් තිබෙනවා. මොකක් ද ඒ පිළිතුර? ඇත්තෙන් ම හැම ගුණ ධර්මයක් ම එක ම එක ප්‍රතිමූර්තියකට නඟන්න පුළුවන්. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි ගුණ දහම්වලින් පමණක් ම නිර්මාණය වුණ ජීවිතයක් දරාගෙන මේ ලෝකයේ වැඩසිටි උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතය ගුණ දහම් කියන මාණික්‍යවලින් ම විතරක් මුළුමනින් ම පිරුණු ආකරයක් වගෙයි. අන්න ඒ නිසා තමයි බුදු සමිඳුන්ට ‘රතනාකර’ කියා කියන්නේ. මිණිකැට වන් ඒ මුනිගුණ අසිරිය...යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තිබෙන ගුණ මෙච්චරයි කියල ප්‍රමාණ කරන්න හිතාගෙන, ඒ ගුණ මැණික් ආකරය කණින්න පටන් ගත්තොත්, කල්ප ගණනාවක් තිස්සේ ඒ දේ සිදුකළත් කවදාවත් නිමාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? බුදු ගුණ අනන්ත යි. අප්‍රමාණ යි. ඒ ගුණ කඳ ප්‍රමාණ කරන්නට අපිට බැරි වුණත් සම්බුදු රජාණන් වහන්සේ තුළ පවතින ඒ කාන්තිමත් ගුණ ගැන චිත්තප්‍රසාදය ඇති කර ගත්තොත් ඒ කාන්තිය නිසා අපි හැම දෙනාගේ ම නිවන් මඟ ආලෝකවත් වෙනවා. ඒ කාන්තිමත් ගුණ කඳක් ඇති බුදුරජාණන් වහන්සේ අද පවා ශ්‍රී සද්ධර්මය තුළින් ජීවමාන ව දැක ගන්න පුළුවන්. ඒ ශ්‍රී සද්ධර්මය තුළ තවමත් ඒ කාන්තිය පවතිනවා. ඒ කාන්තියේ පහස තමන් තුළට ළඟා කර ගනිමින් සම්පූර්ණයෙන් ම මතකයේ දරා ගත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ යි.
දුර්ලභ ව ලොව පහළ වන මනුෂ්‍ය රත්නයක් හදා වඩා පෝෂණය කළ පින්වතිය ඇය යි. සම්බුද්ධත්වයෙන් වසරක් ගෙවී ගොස් එළඹුණු වෙසක් සඳ, ශාක්‍යයන් ඉමහත් සොම්නසට පත් කළේ ය. තරු කැළ පිරිවැරි සඳමඩලක් වැනි වූ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළේ එදින යි. බුදු සමිඳුන් දෙසූ මිහිරි සදහම් පහස ලැබූ ශාක්‍යයන් අපමණ ශාන්තියට පත්වුණි. නන්ද කුමරුන් හා රාහුල කුමරුවන් පැවිදි බවට පත් විය. සුදොවුන් පියරජු සේසත යට දී ම පිරිනිවනට වැඩම කළහ. ගෞතමියගේ සිත අසීමිත වූ හුදෙකලාවකින් වෙළී ගියා ය. බුදු සමිඳුන් හමුවේ දෙවරක් ම ගෞතම සසුනේ පැවිදි බව අයැද සිටි මුත් එය ප්‍රතික්ෂේප වීම නිසා හටගත් සන්තාපයෙන් ඇගේ සිත රිදුම් දුන්නී ය. රෝහිණී නදියේ ජලය මුල්කර ගෙන ශාක්‍ය කෝලිය වංශිකයන් යුද වැදුණු වෙලේ, එය සන්සිඳුවන්නට වැඩම කළ බුදු සමිඳුන් දෙසූ අත්තදණ්ඩ සූත්‍ර දේශනය අසා පැහැදුණු ශාක්‍ය වංශික කුමාරවරු පන්සියයක් දෙනා ගෞතම ශාසනයේ පැවිදි බවට පත්ව අරහත්වයට පත් වූහ. ගිහිගෙයි නො ඇලුණු, පැවිද්දට ලොල් වූ ඒ පන්සියයක් වූ ශාක්‍ය රජ බිසෝවරුත් ගෞතමිය වටා එක් රොක් විය. ගෞතම සසුනේ විමුක්තියේ නාමයෙන් ඔවුහු සිත දැඩි කර ගත්හ. ඒ අමා නිවන එක ම සිහිනය ලෙස සිතේ රුවා ගනිමින් ළාමක ගිහි ජීවිතයට සමුදෙන්නට තීරණය කළහ. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ ය. මනස්කාන්ත රූ සපුවෙන් යුතු වූ ඒ ශාක්‍ය කුමරියෝ තම අක්බඹරු වන් වූ දිගු කෙස් වැටිය කපා හිස මුඩු කර ගත්හ. ගත තැවරි සඳුන් සෝදා හැරියා ය. සියලු ආභරණ, සිනිඳු කසී සළු ඉවත් කළහ. කසාවත් පොරවා ගත්හ. ඇහැළ මලේ පාටින් බැබළෙමින් ඒ කසාවතින් සැරසුණු ශාක්‍ය දුහිතෘහු භික්ෂුණීන් වෙස් ගෙන පා ගමනින් ම විසල් පුරයට වැඩම කළහ. මේ අතිශයින් ම සියුමැලි වූ සුන්දර ශාක්‍ය කුමරියන් කසාවත් ගත දවටා වඩින යුරු දුටු ශාක්‍යයන් හඬා වැලපෙන්නට විය.
අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ කාලයේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. දිනක් සුමනා නම් රාජ කුමාරිකාව ජේතවනාරාමයට ගියේ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට යි. බුදුරජාණන් වහන්සේ බැහැ දැක තමන් අත්දුටු දෙයක් මෙසේ කියා සිටියා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අද අපගේ මාලිගාවේ හරි පුදුම දෙයක් වුණා. මම ආවේ මෙවැනි දේ මේ ලෝකයේ වෙනවා ද කියලා දැන ගන්නයි. “පින්වත් කුමාරිකාව කුමක් ගැන ද ඔබ මෙසේ අහන්නේ.”“භාග්‍යවතුන් වහන්ස, මාගේ රාජ කුමාරයා ඉපදුන දිනයේ ම අප මාලිගයේ දාසියක් පුතකු බිහිකළා. එකම දින ම මේ දරු දෙදෙනා ඉපදුණු නිසා ඒ දරු දෙදෙනා එකට හැදී වැඩෙනවා. එකම ස්ථානයේ නිදා ගන්නවා. රාජ කුමරා විශේෂිත වූ ඇඳක් මතත්, දාසියට උපන් දරුවා ඒ ඇඳ අසලම බිම එළන ලද පැදුරකත් නිදි කෙරෙව්වා. “ස්වාමීනි එක්තරා අවස්ථාවක මම දුටුවා හරි පුදුම දෙයක්. ඒ අපගේ රාජ කුමරුහිස හරවා බිම සිටින දරුවාට යමක් කියනවා. මම විමසීමෙන් එයට කන් දුන්නා. “මම හැමදාම කිව්වා නේද ඔබට දන් දෙන්න. දන් දෙන්න කියලා. දැන් පේනවා නේද දානයේ ආනිශංස.” “ස්වාමීනි, මම පුදුමයට පත් වුණා. මේ කාරණය වෙනත් කෙනකුට කිව්වොත් පිළිගන්නේ නැති නිසයි මම ඔබ වහන්සේ වෙත පැමිණ මෙය පැවසුවේ. එවිට භාග්‍යවතුන් වහන්සේ සුමනා කුමරියට මේ දරු දෙදෙනාගේ අතීත කථාව වදාළා. “පින්වත් රාජ කුමාරිය, මේ දරු දෙදෙනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී සිටින කාලයේ මනුස්ස ලෝකයේ ඉපදුණා. දෙදෙනා හොඳම යහළුවන්. දිනක් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහලා බුද්ධ ශාසනයේ පැවිදි වුණා. එකම ස්ථානයේ වැඩ වාසය කළේ. දෙදෙනා ම සම ශ්‍රද්ධා, සම ශීල හා සම ප්‍රඥාවෙන් යුතු වුණා. නමුත් මේ දෙදෙනා තුළ සම ත්‍යාග පිහිටා තිබුණේ නැහැ. මේ එක් භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතයට වැඩලා ලැබෙන දානය රැගෙන නැවත ආරාමයට වඩිනවා. ඒ පිණ්ඩපාත දානය අනෙක් භික්ෂූන් වහන්සේ සමඟ බෙදා හදාගෙනයි වළඳන්නේ. දානය නො ලැබෙන භික්ෂූන් වහන්සේටත්, ගිලන් භික්ෂූන් වහන්සේටත් ආගන්තුක ව වඩින භික්ෂූන් වහන්සේටත්, වැඩිමහලු භික්ෂූන් වහන්සේටත් දානය පූජා කරනවා. එය විශේෂිත වූ දානයක් ලෙස පූජා කරලා උන්වහන්සේ ඒ පින අනුමෝදන් වෙනවා.
මහරගම අපේක්ෂා රෝහලට ඇටමිදුළු සහ රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකයක්
කුල දරුවන් සසුන්ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවයක්
ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැලඳවීමේ උත්සවයක්
නව වසරට ආසිරි පැතීමක්
ඉතිරිය»
තථාගතයන් වහන්සේ අරහං වන සේක
ලෝකයේ පැවැත්ම හා ලෝක විනාශය පිළිබඳ බෞද්ධ විග්‍රහය
අහිතකර පෙළඹවීම් හඳුනාගන්නේ කෙසේද?
සීල ගුණෝපිත ගුණ සපිරි බෝදාගම සීලවිමල හිමිපාණන් වහන්සේ
නවාතැන්කරුවාණනි
කලණ ගුණැති මගෙ සුමිතුරු
සමනල වැඳුම
ජීවමාන බුදුරදුන් දවස ඉදිකළ ගිරිහඬු සෑ රදුන් වහන්සේ
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]