ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් අමාවක පෝදා 2025 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
“ගුණ දහම්”, මාණික්‍ය වගෙයි. ගුණදහම් නමැති මාණික්‍යවලින් ම පමණක් සකස් වුණ ජීවිතයක් යම් කෙනකුට තිබෙනවා නම් ඒ ජීවිතේ මොන තරම් ආශ්චර්යවත් ද? කවුරුහරි කෙනෙක් මේ විදියට ඇහුවොත්, “හැම ගුණ ධර්මයක් ම එකට පිඬු වුණ, ගුණ දහම්වලින් ම විතරක් නිර්මාණය වුණ ජීවිතයක් මේ ලෝකයේ තිබුණ ද? කියල, ඒ ගුණධර්ම ප්‍රතිමූර්තියකට නඟන්න පුළුවන් ද?” කියල ඒ ප්‍රශ්නයට එකම එක පිළිතුරක් තිබෙනවා. මොකක් ද ඒ පිළිතුර? ඇත්තෙන් ම හැම ගුණ ධර්මයක් ම එක ම එක ප්‍රතිමූර්තියකට නඟන්න පුළුවන්. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි ගුණ දහම්වලින් පමණක් ම නිර්මාණය වුණ ජීවිතයක් දරාගෙන මේ ලෝකයේ වැඩසිටි උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතය ගුණ දහම් කියන මාණික්‍යවලින් ම විතරක් මුළුමනින් ම පිරුණු ආකරයක් වගෙයි. අන්න ඒ නිසා තමයි බුදු සමිඳුන්ට ‘රතනාකර’ කියා කියන්නේ. මිණිකැට වන් ඒ මුනිගුණ අසිරිය...යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තිබෙන ගුණ මෙච්චරයි කියල ප්‍රමාණ කරන්න හිතාගෙන, ඒ ගුණ මැණික් ආකරය කණින්න පටන් ගත්තොත්, කල්ප ගණනාවක් තිස්සේ ඒ දේ සිදුකළත් කවදාවත් නිමාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? බුදු ගුණ අනන්ත යි. අප්‍රමාණ යි. ඒ ගුණ කඳ ප්‍රමාණ කරන්නට අපිට බැරි වුණත් සම්බුදු රජාණන් වහන්සේ තුළ පවතින ඒ කාන්තිමත් ගුණ ගැන චිත්තප්‍රසාදය ඇති කර ගත්තොත් ඒ කාන්තිය නිසා අපි හැම දෙනාගේ ම නිවන් මඟ ආලෝකවත් වෙනවා. ඒ කාන්තිමත් ගුණ කඳක් ඇති බුදුරජාණන් වහන්සේ අද පවා ශ්‍රී සද්ධර්මය තුළින් ජීවමාන ව දැක ගන්න පුළුවන්. ඒ ශ්‍රී සද්ධර්මය තුළ තවමත් ඒ කාන්තිය පවතිනවා.
පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ. 27 බ්‍රහස්පතින්දා සිල්
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
පසළොස්වක
මාර්තු 13
අව අටවක
මාර්තු 22
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]