[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ජීවමාන බුදුරදුන් දවස ඉදිකළ ගිරිහඬු සෑ රදුන් වහන්සේ

ගිරිහඬු සෑය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියාය ග්‍රාමයේ පිහිටි බෞද්ධ ජනයාගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පූජනීය පින්බිමකි. කඳු පන්තියකින් පහළ පිහිටි වෙහෙර බිම පසු කර පියගැට පෙළ දිගේ ඉහළට ගමන් කිරීමෙන් ගිරිහඬු සෑය දැක ගත හැකි වේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ දවස උන්වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට ලොව මුලින් ම ඉදිකළ චෛත්‍යය වන්නේ ය. අතීතයේ දී ගිරිහඬු සෑය ගිරිකන්ඩි නමින් ද හඳුන්වා ඇත. මෙහි ඉතිහාස කතාව ඉතා අපූර්ව ය. විවිධ දේශයන්හි වෙළෙඳාමේ යමින් සිටි තපස්සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට, බුද්ධත්වයෙන් පනස්වැනි දිනයේ දී කිරිපලු වනයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ලැබිණි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු මේ දෙසොහොයුරෝ තමන් සතු ව තිබූ විලඳ මී පැණි පිළිගන්වන්නට භාග්‍යවන්තයෝ වූහ. ඔවුහු සම්බුද්ධ ශාසනයේ ප්‍රථම බෞද්ධ උපාසකයන් බවට පත්වන්නට වාසනාව ලැබූහ. ප්‍රථම දේවාචික උපාසකයින් ලෙස අද අප දන්නේ මේ පින්වන්ත උපාසකවරුන් දෙදෙනා ය. තපස්සු භල්ලුක දෙදෙනා බුදුරජාණන් වහන්සේගෙන් අපට වැඳුම් - පිදුම් කිරීමට යමක් ලබාදෙන්නැ'යි ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මේ වෙළෙඳ දෙබෑයන් පිළිබඳ දිවැසින් බලා සම්බුදු සිරස පිරිමැද කේශ ධාතූන් වහන්සේ ඔවුන් දෙදෙනාට ලබා දුන්හ. එයින් සතුටට පත් මේ වෙළෙඳ දෙබෑයෝ කේශ ධාතුන් වහන්සේ රන් මංජුසාවක තැන්පත් කර ගත්හ.

නවම් අමාවක

 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා පූ.භා 08.54 අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.16 න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

Second Quarterඅව අටවක

මාර්තු 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk