ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

බක් පුර අටවක

අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 පුර අටවක ලබා 16 අඟහරුවාදා
අ.භා. 01.29 ගෙවේ.
15 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

 

 

 

 

 

 

සංස්කෘතිකාංග රැකගෙන අවුරුදු සමරමු

සොබාදහමේ අසිරියෙන් ගහකොළ මල පලින් බර වී, කොහාගේ ගී නදින්, එරබදු මලින් බරව, සුගන්ධවත් ව කෘෂි කර්මාන්ත කටයුතු නිමවා අටුකොටු පුරවා සශි‍්‍රකත්වය සංකේතවත් කරමින් ඉෂ්ට දෙවියන් සිහිකර සූර්ය වන්දනාව මුල් කර ගෙන ආගමික සංස්කෘතික සිරිතට විරිතට අනුව හෙළයේ මහා සංස්කෘතික උත්සවය ලෙස බක් මහ උලෙළ පුරාතනයේ සිට උත්සවශ්‍රීයෙන් සමරා ඇත. මාර්තු 27, 28, 29 දිනවල අවුරුදු උත්සව පැවැති බව රොබට් නොක්ස්ගේ වාර්තාවන්හි සටහන් කර ඇත. 1985 අලුත් අවුරුද්ද නමින් නම් කර ඇත. නිවාඩු දිනයක් ලෙස ද වෙන් කර ඇති බව ජනප්‍රවාදයේ කියැවේ. හිරු දින 365ක් රාශියක් වටා ගොස් මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයෙන් අලුත් අවුරුද්ද උදා වේ. ඒ හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර සමූහයක්, ආගමික සංස්කෘතික වටිනාකම් මුසුවීමෙන් වඩාත් අර්ථවත් කර ගැනීමට අනාදිමත් කාලයක සිට අප රටවැසියන් ක්‍රියා කර ඇත. සංස්කෘතිය යනු දැනුම, විශ්වාස, කලාව, සාරධර්ම, සිරිත් විරිත් හා වෙනත් පුරුදුවල එකතුව ලෙස බ්‍රිතාන්‍ය මානව විද්‍යාවේ පියා වන ටී.බී. ටයිලර් දක්වා ඇත. මිනිසා පරපුරෙන් පරපුරට දායාද වශයෙන් ගෙන යන ජීවන රටා සමුදාය සංස්කෘතිය වශයෙන් රැල්ෆ් ලින්ටන් දක්වා ඇත. මේ සංස්කෘතිකාංගයන් මිනිසාගේ මනෝ කායික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන බවත් මැලිනොවුන්කි දක්වා ඇත. දෙමළ ජනතාව ද හින්දු ආගමික වත් පිළිවෙත් අනුව මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සූර්ය වන්දනාව මුල් කරගෙන පවත්වනු ලබයි. එම නිසා මේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය ජාතීන් අතර සමඟිය සංකේතවත් කරන උත්සවයක් ලෙස ද විග්‍රහ කළ හැකි ය. සූර්ය දෙවියන් අවුරුදු උදාවේ දී මුල් වේ.

මානසික ආතතිය දුරු කරන ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක්

මනසේ ඇති ඵලදායී තත්ත්වයන් වර්ධනය කර ගැනීමේ ක්‍රමය භාවනාවයි. භාවනාව මඟින් සංවර්ධනය කරගත හැකි විවිධ ඵලදායී මානසික තත්ත්ව බොහෝ ඇත. වඩාත් සැහැල්ලුවක් ඇති වීම ,ආතතිය අඩුවීම, වඩාත් අවධානය දීම, මඟහැරීම් අවම වීම, වඩාත් සංසුන් වීම, නිරන්තර මනස්තාපයෙන් නිදහස් වීම, අප ගැනත්, අපේ ජීවිත ගැනත් මනා අවබෝධයක් ඇති කර ගැනීම, අන් අය ගැනත් එබඳුම අවබෝධයක් ඇති කර ගැනීම, මෛත්‍රිය, කරුණාව වැනි බොහෝ ධනාත්මක මමෝභාවයන් ඇති කර ගැනීම ආදියයි. අප බොහෝ දෙනෙකුට වඩාත් සංසුන්, වඩාත් පැහැදිලි සහ වඩාත් සතුටින් පිරි මනසක් අවශ්‍යයි. අප ආතතියෙන් හෝ ඍණාත්මක තත්ත්වයක සිටින්නේ නම්, එමඟින් අප නොසතුටට පත්වෙයි. එය අපේ සෞඛ්‍යයට නරක විදිහට බලපාන අතර අපේ ජීවන වෘත්තීන්, පවුල් ජීවිත සහ මිත්‍රතාවන් විනාශ කර දැමීමට එයට හැකි ය. ආතතියෙන් සහ ක්ෂණික කෝපයෙන් අප හෙම්බත් වී සිටී නම්, කිසිදු අතුරු ආබාධයකින් තොරව මනෝභාවාත්මක අඩුලුහුඩුකම් මැඬලන්න භාවනාව අපට හැකියාව ලබා දෙයි. අපට භාවනාව පිළිබඳ යථාර්ථවාදී එළඹුමක් අවශ්‍යය. එය ධනාත්මක ප්‍රතිඵල ළඟා කර ගැනීමේ උපකරණයක් මිස ඕනෑම දෙයකට යොදා ගත හැකි ක්ෂණික විසඳුමක් නොවේ. එක හේතුවකින් කිසිදු ඵලයක් ළඟා කර ගත නොහැකි ය. එහෙත් හේතු සහ ප්‍රත්‍යය රාශියකින් හැකි ය. උදාහරණයක් වශයෙන්, අපට අධි-රුධිර පීඩනය ඇත්නම් භාවනාවෙන් අපට උපකාරයක් ලබා ගත හැකි ය. එහෙත් ආහාර රටාවේ හෝ ව්‍යායාමවල වෙනසක් සිදු නොවේ නම් භාවනාවෙන් ඒ සඳහා ගත හැකි කිසිවක් නැත. භාවනා කළ හැකි ක්‍රම බොහෝ ගණනක් ඇත. ඒ සියල්ල අපේ මනස සංසුන් කර ගැනීමට උපකාර කරන නමුත් එය භාවනාවේ අවසාන ඵලය නොවේ. කෙසේ වෙතත්, වඩාත් ධනාත්මක තත්ත්වයන් ගොඩනඟමින්, සැබෑ ප්‍රගතියක් අත් කර ගැනීමට පෙර ඇත්තෙන්ම අපේ මානසික ආතතිය අවම කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

වාසනාවේ දොර ඇරෙන නිවැරැදි ම යතුර තෝරා ගන්න

සම්බුදු දහම මෙලොව පරලොව සුව සලසා ගැනීමත්, එමඟින් නිවන සඳහා වන මඟ හෙළිපෙහෙලි කිරීමත් යන ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශය කෙරෙහි ම අවධානය යොමු කළ දහමකි. නිර්වාණය පිණිස වන වැඩ පිළිවෙලෙහි මූලික පියවර වර්තමාන ජීවිතය බැවින් මෙලොව දිවියේ සතුට, යහපත් පැවැත්ම හා හොඳ හිත පවත්වා ගැනීම කෙරෙහි බුදු දහම මහෝපකාරී වේ. යහපත් ජීවිතයක් ගත කරන්නා මෙලොවත් පරලොවත් සතුටු වන බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි. මෙලොව ජීවිතයේ සතුට කෙරෙහි තමන් ජීවත්වන නිවසේ යහ පැවැත්ම ඉතා වැදගත් ය. මිනිසාගේ ජීවන පැවැත්ම පිළිබඳ ඉතා ගැඹුරින් අවබෝධ කොටගෙන ධර්මය දෙසූ බුදුරජාණන් වහන්සේ නිවසක සතුට හා සැනසුම උදාකර ගත හැකි ආකාරය ඉතා පැහැදිලි ව දේශනා කළ සේක. නිවසක ස්වාමි, භාර්යාවන් විසින් ඔවුනොවුන් වෙත විශ්වාසවන්ත ව හා භක්තිමත් ව කටයුතු කිරීම මඟින් ගෘහ ජීවිතය අර්ථ සම්පන්න වන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවන්හි දේශනා කළ සේක. සමාජ චාරිත්‍රයක් වශයෙන් නීතියෙන් එකතු වන ස්ත්‍රියකට හා පුරුෂයකුට වඩා හදවතින් නැඟෙන සෙනෙහසේ බැම්මෙන් බැඳී සමාන අදහස් සහිත ව ජීවත්වන නිවසකට සිරියාව කැන්දන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ස්වාමියා හා භාර්යාව විසින් සිය ගෘහය තුළ දී ඔවුනොවුන් විසින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් මඟින් එම ගෘහ ජීවිතය අර්ථ සම්පන්න වන ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දී පැහැදිලි කෙරෙයි.

සම්බුදු දහම ආමන්ත්‍රණය කරන්නේ බුද්ධියටයි

බෞද්ධයකු නම් මුලින් ම කළ යුත්තේ තෙරුවන් සරණ යාම යි. එනම් තුනුරුවන් කෙරෙහි පැහැදීම යි. පැහැදීම විශ්වාසය නිසා ය. බුදුන් වහන්සේ අපට විශ්වාස ය. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ සරණ යමු. නමුත් ඒ විශ්වාසයේ ගුණාර්ථ පොහොසත් ද? ඇතැමුන් බුදුන් වහන්සේ උත්තරීතර මනුෂ්‍යයකු ලෙස නොව දෙවියකු ලෙස සලකති. බුදුරජාණන් වහන්සේ ලොව උතුම් ම මනුෂ්‍යයා ය. උන්වහන්සේ කිසිවිටෙකත් ගෞරවාචාර අගය නොකළහ. “මහණෙනි ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණු ය. තියුණු ය. අනුත්තර වූ රහත් බව ලබා ගැනීම පිණිස ඒවා අන්තරායකර ය.” බුදුන් වහන්සේ ලෝකයා තුළ පවත්නා අවිද්‍යාව, නො දැනීම, නූගත්කම, වැරැදි දෘෂ්ටිය, වැරැදි මත, වැරැදි ක්‍රියා පෙන්වාදීම සඳහා ම පහළ වූ උතුමෙකි. එබඳු උතුමෙක් ලෝකයාගෙන් සීමාව ඉක්ම වූ ගෞරවාචාර කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැත. අපේ බොහෝ අය පන්සිල්වලින් එක අඩියක් හෝ ඉස්සරහට තබන්නේ නැත. සීලය රකිනවා නම් රකින්නට බලා සිටින්නේ පසළොස්වක පෝය උදාවන තෙක් ය. අපේ ඇතම් බෞද්ධයෝ පිරිත් සලකන්නේ මන්ත්‍රයක් ලෙසය. ඔවුහු පිරිත් තුළ ඇත්තේ පිළිපැදිය යුතු ප්‍රතිපත්ති රැසක් බව නො දනිති. පන්සලේ දී බුදුරජාණන් වහන්සේට වඩා දෙවියන් අදහමින් දෙවියන්ගෙන් නොයෙක් යැදීම් කොට නොයෙක් දේ ඉල්ලන අඥාන බෞද්ධයන් ද අපි දකිමු. බුද්ධිය අවදි කර ගත යුතු බව අපි නිතර කියන්නෙමු. එහෙත් පලක් වී ඇති බවක් නොපෙනේ. සිදුහත් කුමරා මිනිස් මව්පියන්ට දාව ඉපිදී බුදුවරයකු මෙන් ජීවත් ව සිට මිනිස් ආයුෂ වළදා උත්තරීතර මනුෂ්‍යයකු වශයෙන් පිරිනිවන් පෑ බව අද බොහෝ දෙනකුට අමතක ය. ගිහි පැවිදි බොහෝ අය බුද්ධ චරිතය කියවා මිස බුද්ධ ධර්මය හදාරා නැති බව පෙනේ. එහෙත් බොහෝ විදේශිකයන් බුදුදහම හොඳින් හැදෑරීමෙන් පසුව බුදුදහම අනුව යන්නන් බවට පත්වී ඇත. ඊටත් වඩා බුදු දහම් මඟ අනුව යමින් ඔවුන් ලබන්නේ නිරාමිස පී‍්‍රතියකි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]