[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සංස්කෘතිකාංග රැකගෙන අවුරුදු සමරමු

සොබාදහමේ අසිරියෙන් ගහකොළ මල පලින් බර වී, කොහාගේ ගී නදින්, එරබදු මලින් බරව, සුගන්ධවත් ව කෘෂි කර්මාන්ත කටයුතු නිමවා අටුකොටු පුරවා සශි‍්‍රකත්වය සංකේතවත් කරමින් ඉෂ්ට දෙවියන් සිහිකර සූර්ය වන්දනාව මුල් කර ගෙන ආගමික සංස්කෘතික සිරිතට විරිතට අනුව හෙළයේ මහා සංස්කෘතික උත්සවය ලෙස බක් මහ උලෙළ පුරාතනයේ සිට උත්සවශ්‍රීයෙන් සමරා ඇත. මාර්තු 27, 28, 29 දිනවල අවුරුදු උත්සව පැවැති බව රොබට් නොක්ස්ගේ වාර්තාවන්හි සටහන් කර ඇත. 1985 අලුත් අවුරුද්ද නමින් නම් කර ඇත. නිවාඩු දිනයක් ලෙස ද වෙන් කර ඇති බව ජනප්‍රවාදයේ කියැවේ. හිරු දින 365ක් රාශියක් වටා ගොස් මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයෙන් අලුත් අවුරුද්ද උදා වේ. ඒ හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර සමූහයක්, ආගමික සංස්කෘතික වටිනාකම් මුසුවීමෙන් වඩාත් අර්ථවත් කර ගැනීමට අනාදිමත් කාලයක සිට අප රටවැසියන් ක්‍රියා කර ඇත. සංස්කෘතිය යනු දැනුම, විශ්වාස, කලාව, සාරධර්ම, සිරිත් විරිත් හා වෙනත් පුරුදුවල එකතුව ලෙස බ්‍රිතාන්‍ය මානව විද්‍යාවේ පියා වන ටී.බී. ටයිලර් දක්වා ඇත. මිනිසා පරපුරෙන් පරපුරට දායාද වශයෙන් ගෙන යන ජීවන රටා සමුදාය සංස්කෘතිය වශයෙන් රැල්ෆ් ලින්ටන් දක්වා ඇත. මේ සංස්කෘතිකාංගයන් මිනිසාගේ මනෝ කායික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන බවත් මැලිනොවුන්කි දක්වා ඇත. දෙමළ ජනතාව ද හින්දු ආගමික වත් පිළිවෙත් අනුව මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සූර්ය වන්දනාව මුල් කරගෙන පවත්වනු ලබයි. එම නිසා මේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය ජාතීන් අතර සමඟිය සංකේතවත් කරන උත්සවයක් ලෙස ද විග්‍රහ කළ හැකි ය. සූර්ය දෙවියන් අවුරුදු උදාවේ දී මුල් වේ. සූර්ය දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව පතා විවිධ යාතු කර්ම අභිචාර විධි පූජා කරනු ලබයි. මේ සූර්ය මංගල්‍යය පිළිබඳ “අවුරුදු මාලය” පොතෙහි අවුරුදු කුමරා හා සූර්යයාගේ සංක්‍රාන්තිය විස්තර කර ඇත.


බක් පුර අටවක

අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 පුර අටවක ලබා 16 අඟහරුවාදා
අ.භා. 01.29 ගෙවේ.
15 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]