[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මානසික ආතතිය දුරු කරන ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක්

මනසේ ඇති ඵලදායී තත්ත්වයන් වර්ධනය කර ගැනීමේ ක්‍රමය භාවනාවයි. භාවනාව මඟින් සංවර්ධනය කරගත හැකි විවිධ ඵලදායී මානසික තත්ත්ව බොහෝ ඇත. වඩාත් සැහැල්ලුවක් ඇති වීම ,ආතතිය අඩුවීම, වඩාත් අවධානය දීම, මඟහැරීම් අවම වීම, වඩාත් සංසුන් වීම, නිරන්තර මනස්තාපයෙන් නිදහස් වීම, අප ගැනත්, අපේ ජීවිත ගැනත් මනා අවබෝධයක් ඇති කර ගැනීම, අන් අය ගැනත් එබඳුම අවබෝධයක් ඇති කර ගැනීම, මෛත්‍රිය, කරුණාව වැනි බොහෝ ධනාත්මක මමෝභාවයන් ඇති කර ගැනීම ආදියයි. අප බොහෝ දෙනෙකුට වඩාත් සංසුන්, වඩාත් පැහැදිලි සහ වඩාත් සතුටින් පිරි මනසක් අවශ්‍යයි. අප ආතතියෙන් හෝ ඍණාත්මක තත්ත්වයක සිටින්නේ නම්, එමඟින් අප නොසතුටට පත්වෙයි. එය අපේ සෞඛ්‍යයට නරක විදිහට බලපාන අතර අපේ ජීවන වෘත්තීන්, පවුල් ජීවිත සහ මිත්‍රතාවන් විනාශ කර දැමීමට එයට හැකි ය. ආතතියෙන් සහ ක්ෂණික කෝපයෙන් අප හෙම්බත් වී සිටී නම්, කිසිදු අතුරු ආබාධයකින් තොරව මනෝභාවාත්මක අඩුලුහුඩුකම් මැඬලන්න භාවනාව අපට හැකියාව ලබා දෙයි. අපට භාවනාව පිළිබඳ යථාර්ථවාදී එළඹුමක් අවශ්‍යය. එය ධනාත්මක ප්‍රතිඵල ළඟා කර ගැනීමේ උපකරණයක් මිස ඕනෑම දෙයකට යොදා ගත හැකි ක්ෂණික විසඳුමක් නොවේ. එක හේතුවකින් කිසිදු ඵලයක් ළඟා කර ගත නොහැකි ය. එහෙත් හේතු සහ ප්‍රත්‍යය රාශියකින් හැකි ය. උදාහරණයක් වශයෙන්, අපට අධි-රුධිර පීඩනය ඇත්නම් භාවනාවෙන් අපට උපකාරයක් ලබා ගත හැකි ය. එහෙත් ආහාර රටාවේ හෝ ව්‍යායාමවල වෙනසක් සිදු නොවේ නම් භාවනාවෙන් ඒ සඳහා ගත හැකි කිසිවක් නැත. භාවනා කළ හැකි ක්‍රම බොහෝ ගණනක් ඇත. ඒ සියල්ල අපේ මනස සංසුන් කර ගැනීමට උපකාර කරන නමුත් එය භාවනාවේ අවසාන ඵලය නොවේ. කෙසේ වෙතත්, වඩාත් ධනාත්මක තත්ත්වයන් ගොඩනඟමින්, සැබෑ ප්‍රගතියක් අත් කර ගැනීමට පෙර ඇත්තෙන්ම අපේ මානසික ආතතිය අවම කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, සමථ සහ විපස්සනා යන බෞද්ධ භාවනා ක්‍රම දෙකෙන් යම් එකකට යාමට පෙර, හුස්ම ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් අපි අපේ මනස සැහැල්ලු සහ නිහඬ කර ගමු.


බක් පුර අටවක

අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 පුර අටවක ලබා 16 අඟහරුවාදා
අ.භා. 01.29 ගෙවේ.
15 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]