සම්බුදු දහම ආමන්ත්‍රණය කරන්නේ
බුද්ධියටයි
දඩල්ල, වාලුකාරාම වෙහෙර වාසී
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
බෞද්ධයකු නම් මුලින් ම කළ යුත්තේ තෙරුවන් සරණ යාම යි. එනම් තුනුරුවන් කෙරෙහි
පැහැදීම යි. පැහැදීම විශ්වාසය නිසා ය. බුදුන් වහන්සේ අපට විශ්වාස ය. ඒ නිසා අපි
බුදුරජාණන් වහන්සේ සරණ යමු. නමුත් ඒ විශ්වාසයේ ගුණාර්ථ පොහොසත් ද? ඇතැමුන් බුදුන්
වහන්සේ උත්තරීතර මනුෂ්‍යයකු ලෙස නොව දෙවියකු ලෙස සලකති. බුදුරජාණන් වහන්සේ ලොව
උතුªම් ම මනුෂ්‍යයා ය. උන්වහන්සේ කිසිවිටෙකත් ගෞරවාචාර අගය නොකළහ.
“මහණෙනි ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණු ය. තියුණු ය. අනුත්තර වූ රහත් බව ලබා
ගැනීම පිණිස ඒවා අන්තරායකර ය.”
බුදුන් වහන්සේ ලෝකයා තුළ පවත්නා අවිද්‍යාව, නො දැනීම, නූගත්කම, වැරැදි දෘෂ්ටිය,
වැරැදි මත, වැරැදි ක්‍රියා පෙන්වාදීම සඳහා ම පහළ වූ උතුමෙකි. එබඳු උතුමෙක්
ලෝකයාගෙන් සීමාව ඉක්ම වූ ගෞරවාචාර කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැත.
අපේ බොහෝ අය පන්සිල්වලින් එක අඩියක් හෝ ඉස්සරහට තබන්නේ නැත. සීලය රකිනවා නම්
රකින්නට බලා සිටින්නේ පසළොස්වක පෝය උදාවන තෙක් ය. අපේ ඇතම් බෞද්ධයෝ පිරිත් සලකන්නේ
මන්ත්‍රයක් ලෙසය. ඔවුහු පිරිත් තුළ ඇත්තේ පිළිපැදිය යුතු ප්‍රතිපත්ති රැසක් බව නො
දනිති.
පන්සලේ දී බුදුරජාණන් වහන්සේට වඩා දෙවියන් අදහමින් දෙවියන්ගෙන් නොයෙක් යැදීම් කොට
නොයෙක් දේ ඉල්ලන අඥාන බෞද්ධයන් ද අපි දකිමු. බුද්ධිය අවදි කර ගත යුතු බව අපි නිතර
කියන්නෙමු. එහෙත් පලක් වී ඇති බවක් නොපෙනේ.
සිදුහත් කුමරා මිනිස් මව්පියන්ට දාව ඉපිදී බුදුවරයකු මෙන් ජීවත් ව සිට මිනිස් ආයුෂ
වළදා උත්තරීතර මනුෂ්‍යයකු වශයෙන් පිරිනිවන් පෑ බව අද බොහෝ දෙනකුට අමතක ය.
ගිහි පැවිදි බොහෝ අය බුද්ධ චරිතය කියවා මිස බුද්ධ ධර්මය හදාරා නැති බව පෙනේ. එහෙත්
බොහෝ විදේශිකයන් බුදුදහම හොඳින් හැදෑරීමෙන් පසුව බුදුදහම අනුව යන්නන් බවට පත්වී ඇත.
ඊටත් වඩා බුදු දහම් මඟ අනුව යමින් ඔවුන් ලබන්නේ නිරාමිස පී‍්‍රතියකි. එහෙත් ඇතැම්
බෞද්ධ නාමයෙන් පෙනී සිටින අය ආගම මුවාවෙන් සාමිස සැප සොයා වෙහෙසෙති.
භික්ෂූන් වහන්සේ යනු කවරෙක් ද? හිස මුඩු කොට, පාත්‍ර සිවුරු දරාගෙන මනා හික්මීමෙන්
යුතු ව ශාන්තදාන්ත ව සිටින පියවර ඔසවන මිනිස් රුවක් අප සිත් තුළ මතු වේ. දුටු
පමණින් සිත පහදා ගෙන ගෞරව බහුමාන දක්වන්නේ උන්වහන්සේ තුළ සුපේසල ශික්ෂාකාමී,
ධර්මධර, විනයධර, ස්වභාවයක් ඇතැයි යන විශ්වාසයෙනි.
භික්ෂුව / ගම යන පුරුක යටත්විජිත යුගයේ සිට ගම්දනව් පුරා දක්නට ලැබුණත් බොහෝවිට
සුපිරි භික්ෂු සමාජයක් දක්නට ලැබෙනුයේ යටත්විජිත පාලනයේ වර්ධනයත් සමඟ ය. යටත් විජිත
තාක්ෂණය, විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යය එවන් සුපිරි භික්ෂු සමාජයක් බිහිකිරීම සඳහා
මහෝපකාරි විය. මෙයින් අදහස් වන්නේ පූර්ව යටත්විජිත යුගය තුළ යම් යම් සුපිරි භික්ෂු
සමාජ නො තිබුණු බව නොවේ.
අද වන විට ඇතැම් භික්ෂූන් වහන්සේගේ චරිතයට සිදුවී ඇත්තේ කුමක් දැයි විමසන විට,
පිරිවෙන් තුළින් පිටවන්නේ බොහෝ විට දැනුම සහිත පැවිද්දන් වන අතර, විනය අතින්
දුප්පත් භික්ෂුවක් දැකිය හැකි වීම අභාග්‍යයකි. විහාරස්ථානයේ දී ආචාර්ය උපාධ්‍යයන්
වහන්සේ කෙනකුන් යටතේ සිටින පොඩි හාමුදුරුවන්ට එකී ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ වෙනුවට
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තූළට ගොස් දැනුම ගබඩා කර ගැනීමටත්, උපාධිය
සමත්වීමටත් සිදුවී තිබෙනු හැරුණු කොට ආර්ය මාර්ගයේ ගමනක් දක්නට නො ලැබීම ද
අභාග්‍යයකි .
පන්සල භෞතික සම්පත් සොයා යාම සහ භෞතික පූජා වස්තුන් නිමවන, නිමවා තිබෙන ආයතනයක් බවට
පත් වී වැදුම් පිදුම්වලට පමණක් සීමාවීම නොසිදුවිය යුත්තකි.
ඇතැම් භික්ෂූන් වහන්සේ රාජ්‍යත්වයත් සමඟ බද්ධ නොවීම දැකිය හැකි අතර ආණ්ඩු බද්ධ
වීමක් දැකිය හැකි ය.
විනයධර, ධර්මධාර සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ අතර මෙවැනි භික්ෂූන් කිහිප නමක්
නිසා වුව ද සම්බුද්ධ ශාසනය පිළිබඳ බොහෝ අයගේ විශ්වාසය කඩවන ආකාරයක් පෙනෙන්නට තිබේ.
ලෝකයේ නොයෙක් ආගම් දක්නට ලැබේ. නමුත් බුදුදහම තරම් අවසානයට පිළිතුරක් ඇති දහමක් ලොව
කොහේවත් නැත. බුදුදහම ආගමක් වන්නේ බෞද්ධ දර්ශනයට ආගමික ලක්ෂණ ඇතුළත් වීම නිසා ය.
බුද්ධියට අමතන දහමක් ලෝකයේ තිබේ නම් ඒ බුදුදහම පමණකි. එය මුළුමනින් ම
ප්‍රජාතන්ත්‍රවාදී ය.
භික්ෂුව භික්ෂුවක් වී බෞද්ධයා බෞද්ධයකු වූ දිනක බුදු දහම ලෝකයේත්, අප රට තුළත්
ජීවමාන වනු ඇත. බබළනු ඇත. |