[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 ඉන්දක දෙවිඳුන්ගේ රැකවරණය ලබන මුතියංගණ සෑ රදුන් වහන්සේ

සොළොස්මස්ථාන අතරින් හත්වැනි ස්ථානය ලෙස නම් කර ඇත්තේ මුතියංගණය මහ සෑ රදුන් වහන්සේ ය. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ නමුණුකුල කඳුවැටියෙන් ආරම්භ වන බදුලු ඔය සමීපයේ විහාරගොඩ ග්‍රාමයේ මුතියංගණ සෑ රදුන් වහන්සේ වැඩ සිටිති. බුදුරජාණන් වහන්සේ, බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ වෙසක් පුන් පොහෝ දා පන්සියයක් රහතන් වහන්සේ සමඟ ලංකාවට වැඩි තෙවැනි ගමනේ දී එනම්, කැලණියට වැඩම කළ අවස්ථාවේ දී ඌවේ නමුණුකුලට අධිපති ඉන්දක රජුගේ ආරාධනාවකට අනුව මෙම භූමිය වෙත වැඩම කළ බව මූලාශ්‍රයන්ගේ සඳහන් වේ. එසේ ලැබූ ආරාධනයෙන් වැඩම කළ තථාගතයන් වහන්සේ වර්තමානයේ මුතියංගණය සෑරදුන් පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිට අනතුරුව ඉන්දක දෙවියන් ඇතුළු රැස්ව සිටි පිරිසට දහම් දෙසා ධර්මාවබෝධය ලබා දුන් බවට විශ්වාස කෙරේ. ඉන්දක දෙවියන් විසින් එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගෙන් පූජා පිණිස පූජනීය වූ යමක් අයැද සිටි බව කියැ වේ. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ විසින් කේශ ධාතුන් වහන්සේ ලබා දී ඇති අතර, ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේශයෙන් නිකුත් වූ දහදිය බිඳු කිහිපයක් ද ඉන්දක දෙවියන්ට ලබා දී ඇත. එසේ ලබා දුන් දහදිය බිඳු මුතු බවට පත් වූ බවත්, ඒවා “මුත්තක” ධාතුන් වහන්සේ ලෙසත් හඳුන්වා තිබේ. එම මුතු පිහිටි අංගණය මුතියංගණය වූ බවට ද මතයක් පවතී. එමෙන් ම සසර දුකින් මිදීම යන අර්ථයෙන් “මුක්ති + අංගණය” මුතියංගණය වූ බවට ද මතයක් පවතී. ඒ වගේ ම මෙම ස්තූපයේ මුතු පොටක් තැන්පත් කර තිබෙන බැවින් මුතියංගණය නමින් ස්තූපයත්, විහාරයත් ප්‍රසිද්ධ වූ බව ද ජනප්‍රවාදයක කියැවේ. පුරාණ යුගයේ මෙම භූමියෙන් මුතු මතු වූ නිසා “මුතියංගණය” නමින් ප්‍රකට වූවා යැයි ද සිතිය හැකි ය.


බක් පුර අටවක

අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 පුර අටවක ලබා 16 අඟහරුවාදා
අ.භා. 01.29 ගෙවේ.
15 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]