[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

රටට සශ්‍රීකත්වය උදාකරමින් මහනුවර ඇසළ මහා පෙරහර වීදි සංචාරය කරන වගයි

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි සිදු කෙරෙන වාර්ෂික සතර මංගල්‍යයන් අතුරෙන් සුවිශේෂී පූජා මංගල්‍යයකි. දළදා පූජෝපහාරය, සිවු මහා දේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය දැක්වීම, කලට වැසි ලබා සශ්‍රීකත්වය හා සෞභාග්‍යය ඇති කර ගැනීම අරමුණුූ කොට ගෙන මෙම උතුම් මංගල්‍යය වාර්ෂිකව පැවැත්වේ. ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ කිත්සිරිමෙවන් රජු දවස පටන් ආරම්භ වූ මේ පූජෝත්සවය ජාතියේ ප්‍රෞඪත්වය හා බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව විදහා දක්වන හෙළ මහා කලා මංගල්‍යය සේ දෙස් විදෙස් ජනී ජනයාගේ සිත්සතන් සැදැහැයෙන් පුරවන චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත්වලට අනුගතව සුබ නැකැත් මුහුර්තීන්ට අනුව පැවැත්වේ. පෞරාණික සිරිතට - විසිතුරු ඇසළ පෙරහර, මංගල්‍යයේ මූලික කටයුත්ත වනුයේ පෞරාණික සිරිත් ප්‍රකාර “පණස’ වර්ගයේ කිරි වෑහෙන ඵල නොදරන කොස් පැළයක් තෝරාගෙන එය වටා පිරිසුදු කොට වටතිර ඇද, වියන් බැඳ, සඳුන් දියර ඉස, දුම්මල අල්වා, පහන් දල්වා පේකර අලුත්නුවර පොරෝකරුවා දෙහි ඇඹුල් ගා ස්නානය කොට ස්තෝත්‍ර ගායනා මැද්දේ ගස කපා හෙළීමයි. කැපූ ගසින් වියත් තුනක පමණ ප්‍රමාණයක් පිරිසුදු කොට සුදු රෙද්දකින් ඔතා පෙරහරින් ඇතකු පිටින් මහනුවර විෂ්ණු දේවාලයට රැගෙන ඒම සිරිතයි. එහිදී නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවු මහා දේවාලයන්ට කොටස් කර සතර දේවාලවල බස්නායක නිලමේවරුන් හමුවේ බෙදා දෙන අතර, ඒ ඒ දේවාලයන්හි කපුවන් විසින් කප රැගෙන සුදු රෙද්දකින් ඔතාගෙන ඇතකු පිට නැඟී පෙරහරින් වැඩමවීම සිදු කෙරේ.


නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]