[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වීදියගොඩ ඇසළ පෙරහර පුරාණය

වීදියගොඩ ඇසළ පෙරහර පුරාණය

මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ වශයෙන් සලකන නාථ දෙවියන් පිදීම ලක්දිව බෞද්ධයන් අතර ජනප්‍රිය දේව වන්දනාවකි. බෝධිසත්වයන් වහන්සේ නමක වන හෙයින් ලෝ සතුන්ගේ යහපත ම පතන සම්‍යක්දෘෂ්ටික දේවතාවකු වශයෙන් නාථ දෙවියන් බැතිමතුන් අතර සම්භාවනාවට පත් වෙයි.

වීදියගොඩ ඇසළ පෙරහර මංගල්‍යය ලක්දිව ඇසළ පෙරහර අතර සුවිශේෂී ස්ථානයක පවතී. මසකට වැඩි කාලයක් නොකඩකොට සිදු කෙරෙන පුද සිරිත් සමුදායක් ඇසළ මංගල්‍යය හා බැඳී තිබේ. වෙහෙර බිම සුණු පිරියම් කිරීම වීදියගොඩ වැසියන් හඳුන්වන්නේ පිරිසුදු මංගල්‍යය වශයෙනි. නැකැත් බැලීම, බුලත්දීම, කප්සිටුවීම වැනි පූර්ව පුද සිරිත් රාශියක් සේ ම පිරිත් නිළය, තේවා නිළය වැනි රාජකාරි ක්‍රමවේදයක් ද වීදියගොඩ ගැමියෝ නොකඩකොට සිදු කරති. පෙරහර මාසය පුරා ම වීදියගොඩ විහාරස්ථානය, දේවාලය සහ ඊට ගොදුරුගම් වන වීදියගොඩ, හේන්ගොඩ, බෙත්මගොඩ, වැල්මිල්ල, තැඹගන්ගොඩ, හාලපිටිය, මොහොට්ටිගොඩ, ගොඩිගමුව, කනත්තගොඩ ආදී ගම්මානවල පෙරහරට අනන්‍ය වූ පුදසිරිත් සිදු කෙරෙයි.

වීදියගොඩ විහාරස්ථානයෙහි සහ නාථ දේවාලයෙහි ඓතිහාසිකත්වය, පූජනීයත්වය, පුදසිරිත්, සංස්කෘතික ලක්ෂණ, පෙරහර මංගල්‍යය පිළිබඳ මැනවින් අධ්‍යයනය කරමින් ලක්දිව නාථ දේව සංකල්පය පිළිබඳ තොරතුරු ද ඉදිරිපත් කරමින් තත් විහාරාධිකාරී හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ධර්මාචාර්ය වීදියගොඩ විජිතාලෝක හිමියන් සිදු කර ඇති ශාස්ත්‍රීය මෙහෙවර ශාස්ත්‍රාභිලාෂීන්ගේ අමන්දානන්දයට හේතු වනු නිසැක ය.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]