[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

රටට සශ්‍රීකත්වය උදාකරමින් මහනුවර ඇසළ මහා පෙරහර වීදි සංචාරය කරන වගයි

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි සිදු කෙරෙන වාර්ෂික සතර මංගල්‍යයන් අතුරෙන් සුවිශේෂී පූජා මංගල්‍යයකි. දළදා පූජෝපහාරය, සිවු මහා දේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය දැක්වීම, කලට වැසි ලබා සශ්‍රීකත්වය හා සෞභාග්‍යය ඇති කර ගැනීම අරමුණුූ කොට ගෙන මෙම උතුම් මංගල්‍යය වාර්ෂිකව පැවැත්වේ. ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ කිත්සිරිමෙවන් රජු දවස පටන් ආරම්භ වූ මේ පූජෝත්සවය ජාතියේ ප්‍රෞඪත්වය හා බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව විදහා දක්වන හෙළ මහා කලා මංගල්‍යය සේ දෙස් විදෙස් ජනී ජනයාගේ සිත්සතන් සැදැහැයෙන් පුරවන චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත්වලට අනුගතව සුබ නැකැත් මුහුර්තීන්ට අනුව පැවැත්වේ. පෞරාණික සිරිතට - විසිතුරු ඇසළ පෙරහර, මංගල්‍යයේ මූලික කටයුත්ත වනුයේ පෞරාණික සිරිත් ප්‍රකාර “පණස’ වර්ගයේ කිරි වෑහෙන ඵල නොදරන කොස් පැළයක් තෝරාගෙන එය වටා පිරිසුදු කොට වටතිර ඇද, වියන් බැඳ, සඳුන් දියර ඉස, දුම්මල අල්වා, පහන් දල්වා පේකර අලුත්නුවර පොරෝකරුවා දෙහි ඇඹුල් ගා ස්නානය කොට ස්තෝත්‍ර ගායනා මැද්දේ ගස කපා හෙළීමයි. කැපූ ගසින් වියත් තුනක පමණ ප්‍රමාණයක් පිරිසුදු කොට සුදු රෙද්දකින් ඔතා පෙරහරින් ඇතකු පිටින් මහනුවර විෂ්ණු දේවාලයට රැගෙන ඒම සිරිතයි.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මහානීය මෙහෙවරක ඇරඹුම සිදුවූ නිකිණි පුර පෝ දා

වස්සාන සෘතුවෙහි දෙවැනි පුර පොහෝ දිනය නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයයි. ඇසළ මාසයේ වස් විසීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේ පසු වස් එළැඹෙන්නේ නිකිණි පුර පොහෝ දිනයට පසු එළඹෙන අව පෑලවිය දින යේ ය. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ශ්‍රාවක මහා සංඝරත්නය සිදු කළ මහානීය මෙහෙවරක් වූ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වූයේ ද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ දී ය. බුද්ධ පරිනිර්වාණය අවස්ථාවෙහි සොවින් තැවුණු පෘතග්ජන භික්ෂූන් සනසවනු පිණිස මහලු කල පැවිදි වූ සුභද්‍ර භික්ෂුව ඇවැත්නි ශෝක නොවන්න. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුනෙමු. දැන් අපට නීති පැනවීමට කෙනකු නැත. අපට රිසි දේ කළ හැකි ය. යනුවෙන් සිදු කළ අභද්‍ර ප්‍රකාශය මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ සවනට යොමු වූයෙන් ධර්ම සංවේග උපදවා මෙම ධර්ම සංගායනාවට කටයුතු සම්පාදනය කරන ලදී. බුද්ධ පරිනිර්වාණයෙන් සත් දිනක් ඇවෑමෙන් බුදු සිරුර අදාහනය සිදු කිරීමෙන් පසුව එවක ශාසන භාරකාරිත්වයට පත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් විසිරී ඇති මල්ගොඩකට බඳු උපමා ඇති මේ දහම සංගායනා කළ යුතු බව භික්ෂූන් වහන්සේට දැන්වූහ.


කෙලෙස් සන්සිඳුවීමේ අරමුණින් ම දහම් අසන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස - “කිත්තාවතානු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු අස්සුතඤ්චේව ධම්මං සුණාති, සුතාචස්ස ධම්මා න සම්මෝසං ගච්ඡන්ති, යෙ චස්ස ධම්මා පුබ්බේ චේතසා සම්ඵුට්ඨි පුබ්බා තෙ ච සමුද්‍රාචරන්ති, අවිඤ්ඤාතඤ්ච විජානාතිති” - “ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, භික්ෂුව කෙතෙක් කරුණින් නො ඇසූ දහමුත් අසාද? ඔහු විසින් ඇසූ දහමුත් අමතකව නොයේ ද? ඔහු විසින් යම් ධර්මයෙක් සිතින් ස්පර්ශ කොට ගන්නා ලද්දේ නම් , ඒ දහම් ද මනෝද්වාරයෙහි හැසිරෙත් ද? නොදත් කරුණුත් දැන ගන්නේ ද?” ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ ධම්මික වර්ගයට අයත් ආනන්ද සූත්‍රයේ අඩංගු ධර්ම කොට්ඨාශයකුයි. ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉහත සඳහන් කළ ධර්ම කොට්ඨාශයේ ඇතුළත් දහම් පැන සැරියුත් මහතෙරුන් වහන්සේ විචාරන ලද්දේ ය. සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් පිළිවදන් දෙන ලද්දේ ආනන්ද තෙරුන් බහුශ්‍රැත බැවින් ආනන්ද තෙරුන් විසින් ම පිළිතුරු දිය යුතු බවයි. මින් අනතුරුව, ආනන්ද තෙරුන් වහන්සේ ම මෙසේ පැහැදිලි කරති. සාරිපුත්ත තෙරණුවනි, මේ ශාසනයෙහි භික්ෂුවක් සූත්‍ර (සූත්‍ර දේශනා) ගෙය්‍ය (සජ්ඣායනා කටයුතු ගාථා) වෙය්‍යාකරණ (සංග්‍රහ නොකළ බුද්ධ වචන) ගාථා (ධම්මපද, ථේර ථේරි ගාථා ආදිය) උදාන (පි‍්‍රති වාක්‍ය) ඉතිවුත්තක (මෙසේ යයි දක්වන ලද ධර්ම) ජාතක (ජාතක කතා) අබ්භූත ධර්ම (ආශ්චර්ය, අද්භූත ධර්මයන්ගේ එකතුව) වේදල්ල (නුවණින් සතුටින් විමසන ලද දේසනා) ඉගෙන ගනියි, පුහුණු කරයි.

 

ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් ඉටු කෙරෙන අතිපූජනීය දළදා තේවාව

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ තෙරුන් වහන්සේ විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙත සිදු කළා වූ බුද්ධෝපස්ථානයන් ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන යාම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ මහා විහාර වංශික භික්ෂු පරම්පරාවෙන් පැවතගෙන එන්නා වූ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ දෙනම ඇතුළු අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නය හා දියවඩන නිලමේවරයාට භාර වී ඇත. අප තිලෝගුරු සම්මා සම්බුදු අමාමෑණි බුදුපියාණන් වහන්සේ පන්සාළිස් වසරක් පුරාවටම සසර කතරේ අතරමං වූ ලෝසතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන්, අප්‍රමාණ මෛත්‍රියෙන් දෙසා වදාළා වූ සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබුවා වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සැලකේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ තෙරුන් වහන්සේ විසින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙත සිදු කළා වූ බුද්ධෝපස්ථානයන් ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන යාම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ මහා විහාර වංශික භික්ෂු පරම්පරාවෙන් පැවත ගෙන එන්නා වූ මල්වතු...

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]