[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කෙලෙස් සන්සිඳුවීමේ අරමුණින් ම දහම් අසන්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස - “කිත්තාවතානු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු අස්සුතඤ්චේව ධම්මං සුණාති, සුතාචස්ස ධම්මා න සම්මෝසං ගච්ඡන්ති, යෙ චස්ස ධම්මා පුබ්බේ චේතසා සම්ඵුට්ඨි පුබ්බා තෙ ච සමුද්‍රාචරන්ති, අවිඤ්ඤාතඤ්ච විජානාතිති” - “ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, භික්ෂුව කෙතෙක් කරුණින් නො ඇසූ දහමුත් අසාද? ඔහු විසින් ඇසූ දහමුත් අමතකව නොයේ ද? ඔහු විසින් යම් ධර්මයෙක් සිතින් ස්පර්ශ කොට ගන්නා ලද්දේ නම් , ඒ දහම් ද මනෝද්වාරයෙහි හැසිරෙත් ද? නොදත් කරුණුත් දැන ගන්නේ ද?” ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ ධම්මික වර්ගයට අයත් ආනන්ද සූත්‍රයේ අඩංගු ධර්ම කොට්ඨාශයකුයි. ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉහත සඳහන් කළ ධර්ම කොට්ඨාශයේ ඇතුළත් දහම් පැන සැරියුත් මහතෙරුන් වහන්සේ විචාරන ලද්දේ ය. සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් පිළිවදන් දෙන ලද්දේ ආනන්ද තෙරුන් බහුශ්‍රැත බැවින් ආනන්ද තෙරුන් විසින් ම පිළිතුරු දිය යුතු බවයි. මින් අනතුරුව, ආනන්ද තෙරුන් වහන්සේ ම මෙසේ පැහැදිලි කරති. සාරිපුත්ත තෙරණුවනි, මේ ශාසනයෙහි භික්ෂුවක් සූත්‍ර (සූත්‍ර දේශනා) ගෙය්‍ය (සජ්ඣායනා කටයුතු ගාථා) වෙය්‍යාකරණ (සංග්‍රහ නොකළ බුද්ධ වචන) ගාථා (ධම්මපද, ථේර ථේරි ගාථා ආදිය) උදාන (පි‍්‍රති වාක්‍ය) ඉතිවුත්තක (මෙසේ යයි දක්වන ලද ධර්ම) ජාතක (ජාතක කතා) අබ්භූත ධර්ම (ආශ්චර්ය, අද්භූත ධර්මයන්ගේ එකතුව) වේදල්ල (නුවණින් සතුටින් විමසන ලද දේසනා) ඉගෙන ගනියි, පුහුණු කරයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අන් අයට දේශනා කරයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අන් අයට කියවයි. ඇසූ පරිදි ඉගෙන ගත් පරිදි විස්තර වශයෙන් අන් අයට සජ්ඣායනා කරයි. ඇසු පරිදි ඉගෙනගත් පරිදි ධර්මය සිතින් තර්කණය කරයි. ඒ අනුව විචාර කොට විමසා බලයි. සිතින් විමසා බලයි. යම් ආවාසයන්හි බහුශ්‍රැත වු, ධර්මය මැනවින් හැදෑරූ ධර්මධර වූ විනයධර වූ ප්‍රාතිමෝක්ෂධර වූ ථේර භික්ෂුවක් වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. කලික් කල ඔවුන් කරා එළඹ “වහන්ස මෙසේ කියා ඇත. මේ ප්‍රකාශයෙහි අර්ථය කුමක්ද යි ප්‍රශ්න කරයි.


නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]