[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

යාපනයටත් තරුණ බෞද්ධ සංගමයක්

යාපනයටත් තරුණ බෞද්ධ සංගමයක්

දමිළ තරුණ තරුණියන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධය ලබාදීම මූලික කර ගනිමින් වසර සියයකට පසු යාපනය තරුණ බෞද්ධ සංගමය පිහිටුවීම පසුගියදා යාපනය වීරසිංහම් ශාලාවේ දී සිදු කෙරිණි.

යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථ ඇතුළු යාපනයේ තරුණ පිරිසකගේ ආරාධනයෙන්, කොළඹ තරුණ බෞද්ධ සංගමය් මඟ පෙන්වීමෙන් පැවති මෙම උත්සව සභාවේ මුලසුන හෙබවූයේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ කූරගල රාජමහා විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන (නෙල්ලිගල හාමුදුරුවෝ) නායක ස්වාමීන් වහන්සේ ය.

ඉදිරියේ දී උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ දර්ශනය හා සමාජයීය යහ පැවැත්ම වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට තමන් ඇප කැපවන බව යාපනය තරුණ බෞද්ධ සංගමයේ ආරම්භක සභාපති අරුන් සිද්ධාර්ථ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ ය.

මෙම උත්සව අවස්ථාවට යාපනය නාගවිහාරයේ විහාරාධිපති මීගහජඳුරේ සිරිවිමල හිමි, බලංගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ ඉඹුල්පේ විජිතවංශ හිමි සහ බොරැල්ල තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා සහ එහි ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය ද කලා කරුවන් පිරිසක් ද සහභාගි වූහ.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]