[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී සම්බෝධි - තාෆෝ විහාර මිත්‍රත්ව සත්වසක සැමරුමට පින්කම් රැසක්

ශ්‍රී සම්බෝධි - තාෆෝ විහාර මිත්‍රත්ව සත්වසක සැමරුමට පින්කම් රැසක්

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානය සහ ශ්‍රී ලංකාවේ ලුංහුවා ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාව සැප්තැම්බර් පළමුවැනි දා සිට 08 වැනි දා දක්වා පැවැත්වේ.

නව සේද මාවත ක්‍රියාත්මක වී දස වසක් සපිරීම හා ශ්‍රී සම්බෝධි විහාරය සමඟ චීනයේ ගුවං චෝ තාෆෝ විහාරය විසින් ඇති කර ගනු ලැබූ මිත්‍රත්ව ගිවිසුමට සත් වසක් සැපිරීම නිමිත්තෙන් කොළඹ, මහනුවර, අනුරාධපුර හා ගාල්ල නගර ප්‍රධාන කොට ගනිමින් මෙම සුවිශේෂී සද්කාර්යය සිදු කෙරෙන බව කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති බොරලන්දේ වජිරඥාන හිමියෝ පවසති.

ඒ අනුව සැප්තැම්බර් පළමු වැනි දා ඓතිහාසික කැලණිය රාජමහා විහාර වන්දනාවෙන් ඇරඹෙන මෙම සමාජ සත්කාරක සේවාවෙහි දෙවැනි දිනය දා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුතු රෝහල් උපකරණ පරිත්‍යාගය සිදු කෙරෙන අතර එදිනම වෙහෙරහේන රාජමහා විහාරස්ථානයේ දී ස්වයං රැකියා උපකරණ කට්ටල පරිත්‍යාග කිරීමේ උත්සවයක් ද පැවැත්වේ.

සැප්තැම්බර් 03 දා 21 වැනි සියවසේ මුහුදු සේද මාවතේ ශ්‍රී ලංකා චීන බෞද්ධ සම්බන්ධතා පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය. මහ නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන තෛ‍්‍ර නිකායික මහා සංඝරත්නය පන්සියය නමක් විෂයයෙහි සාංඝික දානමය පින්කමක් ද එදින සිදු කෙරේ.

ඉන්පසු අස්ගිරි මහා විහාරයේ දී විවිධ විෂයයන් අළලා භික්ෂූන් වහන්සේ වෙනුවෙන් සම්මාන පිරිනැමීමේ උත්සවය සැප්තැම්බර් 04 වැනි දා සිදු කෙරෙන අතර එදින ම මහනුවර මානගල විහාරයේ දී ස්වයං රැකියාවන් හි නිරත වූවන් දිරි ගැන්වීම සඳහා උපකරණ කට්ටල පරිත්‍යාගයක් ද සිදු කෙරේ.

සැප්තැම්බර් 03 වැනි දා චීනයේ විහාරස්ථාන සඳහා ශ්‍රී මහා බෝධි ශාඛා වහන්සේ වැඩම කරවීම සඳහා වන සමාරම්භක පින්කම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වේ.

එදිනම අනුරාධපුර අභයගිරි විහාරයේ දී ස්වයං රැකියා උපකරණ කට්ටල පරිත්‍යාග කිරීමේ උත්සවයක් පැවැත්වෙනු ඇත.

මෙම වෙසෙස් සද් කාර්යයන් හි මූල්‍යමය අනුග්‍රහය ගුවං චෝ නගරයේ බෞද්ධ සංගමයේ සභාපති සහ ගුවං චෝ තාෆෝ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යාඔ ජි හිමියන්ගේ උපදෙස් පරිදි ගුවං චෝ බෞද්ධ ප්‍රජාව විසින් දරනු ලබන බව ලුං හුවා ආයතනයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ මහාචාර්ය හව්වේමිං (ඩ්ධඹඥඪථඪද) මහතා පවසයි.

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ හිටපු විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ සමඟ පැවැති දීර්ඝ කාලීන කල්‍යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙසින් වත්මන් විහාරාධිපති බොරලන්දේ වජිරඥාන හිමිපාණන් වහන්සේ සමඟ එක්ව ලුංහුවා ආයතනය මඟින් ඉදිරියේ දී ආගමික සමාජයීය සේවාවන් සඳහා දායකත්වය දානය කරන්නට ඇප කැප වන බව ද හව්වේමිං මහතා පැවසීය.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]