[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උපසම්පදා ලබති

උපසම්පදා ලබති

අනුරාධපුර අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති, ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමි, ජේතවන චෛත්‍යාරාමාධිකාරී ඉහලහල්මිල්ලෑවේ රතනපාල හිමි, අභයගිරි චෛත්‍යාරාමාධිකරී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කල්ලංචියේ රතනසිරි හිමි, ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී, කහල්ලේ ඤාණින්ද හිමි, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී, වැලිහේනේ සෝභිත හිමි, ඉන්දීය මහාබෝධි සමාගමේ සමලේකම් කහටගොල්ලෑවේ මේධංකර හිමි යන නාහිමිවරුන්ගේ ශිෂ්‍ය වූ අස්ගිරි මහාවිහාර මහා පිරුවනේ අධ්‍යාපනය ලබන තිබ්බටුවැවේ වජිරඤාණ සාමණේරයන් වහන්සේ, වාරියපොල ශ්‍රී සුමංගල මහ පිරුවනේ අධ්‍යාපනය ලබන කුඹුක්කඳන ධම්මරක්ඛිත සාමණේරයන් වහන්සේ හා අනුරාධපුර මහාවිහාර මහ පිරුවනේ අධ්‍යාපනය ලබන රිටිගහවැවේ සංඝරක්ඛිත සාමණේරයන් වහන්සේ පසුගියදා මහනුවර මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

 

 

****

ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම මුදිත නාහිමි, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති අඹේවල මහානාම හිමි, ටැම්පිටියේ පුඤ්ඤානන්ද හිමි හා තණමල්විල රාහුල හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය වූ ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ අධ්‍යාපනය ලබන කහගොල්ලේ සෝභිත සාමණේරයන් වහන්සේ සහ අඹගස්දෝවේ අනුරුද්ධ යන සාමණේරයන් වහන්සේ පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

 

 

 

 

****

එම්.ජී. පි‍්‍රයංකර නිශාන්ත සහ එම්.එම්.සුදර්මා කාන්ති යන අයගේ කනිටු පුත්‍රයා වූ අඹේපුස්ස පිරිස්යාල සේනානායක මහ පිරිවෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර පල්ලේවෙල කුසලධම්ම සාමණේරයන් වහන්සේ පසුගිය දා මාතලේ සුදුනදී උදකුක්ඛේප සීමාමාලකයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ.

 

 

 

****

අනුරාධපුර නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ අධිපති, උතුරු මධ්‍යම දිසාවේ උපප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති ළිඳවැවේ අනුරුද්ධ නාහිමියන්ගේ සහ තත් විහාරාධිකාරී ඇටැන්වල උපනන්ද හිමියන්ගේ ශිෂ්‍ය වූ මහනුවර මල්වතු මහාවිහාරස්ථ ශ්‍රී සංඝරාජ මහ පිරිවෙනේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කරන කහටගස්දිගිලියේ ධීරානන්ද සාමණේරයන් වහන්සේ පසුගියදා මහනුවර මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

 

 

 

****

කර්මාචාර්ය අඹතලාවේ සරණංකර හිමියන්ගේ සහ කර්මාචාර්ය, ශාස්ත්‍රපති අලුත්ගම මේධානන්ද හිමියන්ගේ ශිෂ්‍ය වූ මහනුවර මල්වතු මහාවිහාරවාසී, ශ්‍රී සංඝරාජ මහ පිරිවෙනේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කරන කහත්තේවෙල පියනන්ද සාමණේරයන් වහන්සේ පසුගිය දා මහනුවර මල්වතු මහාවිහාරයීය රාජපූජිත මංගලෝපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]