[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි හිමි, අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, ඇතිමලේ සීලානන්ද හිමි, ශාස්ත්‍රපති මඩවල ධම්මික හිමි, ශ්‍රාස්ත්‍රපති බොරැල්ලේ කෝවිද හිමි, ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත යන හිමිවරු පෝදා දම් දෙසුම් පවත්වති.

****

මහරගම සිරි වජිරඥාන ධර්මායතනය - තරුණ සීල සමාදානය

ශාස්ත්‍රපති පණ්ඩිත බංගලාදේශයේ ධම්මපාල හිමි, වැලිමඩ පසන්නමානස හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත දෙහිපේ චන්දවිමල හිමි, ගල්කිස්සේ සෝමානන්ද හිමි, අකුරැස්සේ ධම්මරතන හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත තල්පාවිල කුසලඤාණ හිමි, ශාස්ත්‍රවේදී කැලණියේ සාසනවංස හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, දියතලාවේ පියදස්සි හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි යන නා හිමිවරු සහ ආචාර්ය රුවන් කෑරගල මහතා දම් දෙසුම් පවත්වති.

****

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමිගේ උපදෙස් මත අනුරාධපුර මානිංගමුවේ කුසලසිරි පොඩි හාමුදුරුවෝ, ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ පෝදා දම් දෙසුම් පවත්වති. සවස 03.30ට ධර්ම දේශනාව බැල්ලපිටිය ශ්‍රී විද්‍යාශේඛර පිරිවෙනේ පරිවේණාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත කොස්වානේ නන්දසාර හිමියන් විසිනි.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

සීල සමාදානය හා අනුශාසනාව, තෙරුවන් වන්දනාව, භාවනාව, ධර්ම දේශනාව ඇතුළු උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන් විසිනි.

නුගේගොඩ පුණ්ණ හිමි, හැඳල දමිත හිමි, තලගල ධම්මගවේශී හිමි පස්වරු ධර්ම දේශනා පවත්වනු ලබන අතර රාත්‍රී 7.00ට සම්බුද්ධ පූජාව, සූත්‍ර සජ්ඣායනාව සහ අනුශාසනය පැවැත්වේ.

****

තිඹිරිගස්කඩුව ශ්‍රී මහින්දාරාමය

අටසිල් සමාදන් කරවීම හා අනුශාසනාව ශ්‍රී මහින්දාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති දැවමොට්ටාවේ මහින්ද හිමියන් විසිනි. ඇස් දන් දීමේ පින්කම, බුදුසරණ පුවත්පත් බෙදා දීම, (රශ්මිය පදනමේ නිර්මාතෘ කැලුම් ද ෆොන්සේකා මහතා) කාව්‍යමය ධර්ම දේශනාව බෝධි පූජාව හා රාත්‍රී සල්පිල (විහාරස්ථානය ගොඩනැගීම සඳහා) මෙවර පෝදා පින්කම් අතර වේ.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙ.ව. 6.00 - 7.00 සිල් සමාදනය සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නා හිමි, ආචාර්ය කුකුල්පනේ සුදස්සි නාහිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, බුද්ධ පූජාව තලංගල්ලේ ධම්ම දස්සි හිමි, පමුණුවිල නන්දවිමල හිමි, පිරිත් හා තෙරුවන් ගුණ තලංගල්ලේ ධම්මරතන හිමි, බණ්ඩාරගම ධම්මවිජය හිමි, ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, ගල්කිස්සේ සෝමානන්ද හිමි, කොබෙයිගනේ ධම්මදස්සි හිමි, මහාචාර්ය මල්වානේ චන්දරතන නා හිමි, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වතුරගම ධම්මජීව හිමි ධර්ම දේශනා පවත්වති.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]