මතුගම බටමුල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ.
 ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

අධි ඇසළ අමාවක

ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ.
17 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

සිත පෙළන අසහනය පීඩාව දුරලමු

සක් දෙවිඳුන් පෙර භවයෙහි මිනිස් ලොව වසන කාලයේ සත්තවත පදවලින් සමන්විත වූ බවත් එම ගුණාංග අන් අය වෙත ද සමාදන් කරවූ බවත් එහි ආනිසංස වශයෙන් සක්දෙව් පදවි ලද බවත් සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වෙහෙරෙහි වැඩ වසන සමයක දේශනා කරන ලද සූත්‍ර දේශනාවක් ලෙස සංයුක්ත නිකායේ සක්ක සංයුත්තයෙහි එන සත්තවත පද සූත්‍රය පෙන්වා දිය හැක. එම සත්තවත පද ලෝවාසී හැමදෙනාගේ ම ජීවිත සාරවත් ජීවිත බවට පත් කරයි. ජාති, කුල, ආගම් භේදයකින් තොරව ලොව වසන සෑම කෙනකුටම මෙම ධර්ම කරුණු ජීවිත සාරවත් කර ගැනීමට උපකාරි වේ. එම සත්තවත පද නම්. දිවිහිමියෙන් මවුපියන් පෝෂණය කිරීම, දිවිහිමියෙන් කුලදෙටුවන් පිදීම, දිවිහිමියෙන් මිහිරි වදන් කතා කිරීම, දිවිහිමියෙන් කේලාම් නොකීම, දුරු කළ මසුරු මල ඇත්තකු වී දන්දීමෙහි ඇලුණු අයකු වීම, දිවිහිමියෙන් සත්‍ය වචන කතා කිරීම හා දිවිහිමියෙන් ක්‍රෝධ නොකිරීම ය. තමන් හැදූ වැඩූ මව්පියන් පෝෂණය කිරීම නුවණැති සත්පුරුෂයන් විසින් අගයන ලද්දකි. තමා කොපමණ කළගුණ දන්නෙක් ද, කළගුණ සලකන්නෙක් ද යන්න අන් අය විසින් මැන බලන ප්‍රධාන සාධකයක් වන්නේ මව්පියන්ට සලකන ආකාරයෙනි. එපමණක් ද නොව උතුම් පින්කමක් වන අතර, පරලොව සුගති පරායන වීමට තරම් ආනිසංස ලැබෙන පින්කමක් වශයෙන් ද මවුපියන්ට සැලකීම දක්වා තිබේ.

ප්‍රශ්න මඟහරින්නට පුළුවන් අනුන් ගැන සිතන තරමටයි

ජීවිතයට ප්‍රශ්න ගැටලු උද්ගතවීම සාමාන්‍ය දෙයක්. එයින් මඟ හැර යන්නට කිසිවකු සමත් නැහැ. මෙසේ අප හමුවට එන ප්‍රශ්න හමුවේ දී කඳුළට ඉඩ නොදී මුවගට සිනා රැල්ලක් නගා ගැනීමට ඔබට ශක්තියක් තිබෙනවාද? සිතේ පවතින ආත්මාර්ථකාමී බව තුනී කොට ගන්නේ නම් එය එතරම් අපහසු නෑ. තමන් ගැන පමණක්ම සිතන අය සිතන්නේ ප්‍රශ්න ඇත්තේ අපට පමණයි කියලයි. ඒ නිසා සහනයක් සැනසිල්ලක් ලැබිය යුත්තේ අප පමණයි කියලයි. තවත් මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. ඒ නිතරම අපට ඇති ප්‍රශ්න ගැන පමණක් ම නොසිතා අපේ ජීවිතයේ සැනසීම ඇති කරුණු කාරණා ගැනත් සිහිපත් කළ යුතු බවයි. දෙපා නැති මනුෂ්‍යයෙක් දකින තුරුම ඔබ නිරතුරුවම පැමිණිලි කළේ පලඳින්න සපත්තු ජෝඩුවක් නැති බවටයි. මේ අදහස අප හොඳින් සිහියෙහි තබා ගත යුතුයි. මේ ආකාරයෙන් සිතන විට අපට පෙනෙන්නේ අපට වඩා අනන්ත අප්‍රමාණ දුක් කරදරවලට මුහුණපාන තවත් අය කොපමණ නම් සිටිනවා ද කියලයි. මේ අවබෝධයෙන් ම අපේ ප්‍රශ්න බොහෝ දුරට තුනීකර ගැනීමට හැකි වෙනවා.තම තමන්ගේ ප්‍රශ්න ගැන පමණක් ම නොසිතා සෙසු අයගේ ප්‍රශ්න, දුක් කරදර ආදිය ගැනත් මදක් හෝ සිතා බැලීම අපේ ජීවිතයට සැනසීමක් ලබා ගැනීමේ තවත් ක්‍රමයක් වන්නේ ය.

 

ජීවිතයට සුව සදන්නේ සදාචාරාත්මකව ලබන සතුටයි

මනුස්ස ජීවිතයේ උසස් තත්ත්වයක් ළඟා කර ගැනීමෙහිලා සංධිස්ථානයක් ලෙස තරුණ කාලය හඳුන්වා දිය හැකියි. බුදුදහමේ දී යෞවනත්වයට උසස් ස්ථානයක් හිමිවී ඇත. යොවුන් ස්වභාවය දහමෙහි ප්‍රථම වයස ලෙස හඳුන්වනු ලබනවා. අංගුත්තර නිකායේ දුක නිපාතයේ සමචිත්ත වග්ගයේ මේ පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. ‘යුවා සුසුකාල කේසා යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා” තරුණකම ඇති, මනා කළු හිසකෙස් ඇති, සොඳුරු යොවුන් විය සමන්විත පළමුවන වයස පටමේන වයස ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. යොවුන් වියේ දී කායික ශක්තිය, දරා ගැනීමේ ශක්තිය ඉහළ මට්ටමක පවතින බැවින් එම කාල පරිච්ඡේදය තුළ ක්‍රියාශීලි බව, උද්‍යෝගිමත් බව උපරිමයෙන් ම දැකිය හැකියි. යොවුන් විය කායික ශක්තියෙන් මෙන්ම මානසික ශක්තියෙන් ද පරිපූර්ණව පවතින යුගයක් බැවින් එම කාලය තුළ තෘප්තිමත්ව ධාර්මිකව ජීවත්වීමට අවශ්‍ය පසුබිම ගොඩනඟා ගැනීමෙන් අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන්. තරුණ කාලයේ දී නිසි අයුරින් ජීවිතය සැලසුම් නොකළහොත් අනාගතයේ දී දුක උරුම වන බව බුදුදහම මැනවින් පෙන්වා දී තිබෙන කරුණකි.

 

සිත නිදහස් නම් මොන තරම් දුකක් වුව ද දරා ගැනීමේ හැකියාව ලැබෙනවා

අනුරාධපුර සමයේ ථූපාරාම විහාරය ලංකා ද්වීපයේ කීර්තිමත් විහාරයක්. ලංකාවේ සතර දිශාවෙන් ම පැමිණි අය මේ විහාරයේ පැවිදි වුණා. අනුරාධපුරයේ ජීවත් වුණ යහළුවන් දෙන්නකුටත් හිතුණා මේ විහාරයේ මහණ වෙන්න. ගිහි ජීවිතයේ සැප සම්පත්වල අඩුවක් මේ අයට තිබුණේ නෑ. ධර්මය ගැන අවබෝධයෙන් හා සසරින් මිදීමේ අදහසින් ම තමයි පැවිදි වුණේ. තරුණ දෙන්නෙක් නිසාත්, බණදහම් දන්න නිසාත් වැඩි කල් නො යා උපසම්පදාවත් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. උපසම්පදා වුණාට පස්සේ සංඝ ශාසනයේ විනය නීතියක් තිබෙනවා උපසම්පදා භික්ෂුව අවුරුදු පහක් යනතුරු තමන්ගේ ආචාර්ය - උපාධ්‍යයන් වහන්සේ යටතේ වැඩ සිටින්න ඕන කියලා. ඉතින් මේ තරුණ උපසම්පදා භික්ෂූන් වහන්සේ දෙනමත් තමන්ගේ ගුරුවරයා සමීපයේ වැඩ සිටියා. අවුරුදු පහ අවසන් වුණාට පස්සේ එක උපසම්පදා භික්ෂුවක් තමන්ගේ ගුරුවරයාගෙන් අවසර ගෙන පාචීනඛණ්ඩරාජිය කියන ගමට ගියා. මේ ගම ‘පැදුම්කඩදොර’ කියලාත් හැඳින්නුවා. අවුරුදු ගණනාවක් මේ භික්ෂුව නිදහසේ පැදුම්කඩදොර ගමේ වැඩ සිටියා. පිණ්ඩපාතයෙන් නම් අඩුවක් තිබුණේ නෑ. ඒ වගේම බොහොම නිදහස් තැනකයි වැඩ සිටියේ. උන්වහන්සේ භාවනා කරමින් නිදහසේ ජීවත් වුණා. වසර ගණනාවක් ම ථූපාරාමයට යන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. හැබැයි නිතර තමන්ගේ යහළුවා මතක් වුණා. දවසක් සිහි කළා, ‘ගිහි කාලයේ සිට මගෙත් එක්ක එකට හිටිය මගේ යාළුවාටත් මම විඳින නිදහස් පරිසරය විඳින්න අවස්ථාවක් හදල දෙන්න ඕන කියා.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]