[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සිත පෙළන අසහනය පීඩාව දුරලමු

සක් දෙවිඳුන් පෙර භවයෙහි මිනිස් ලොව වසන කාලයේ සත්තවත පදවලින් සමන්විත වූ බවත් එම ගුණාංග අන් අය වෙත ද සමාදන් කරවූ බවත් එහි ආනිසංස වශයෙන් සක්දෙව් පදවි ලද බවත් සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වෙහෙරෙහි වැඩ වසන සමයක දේශනා කරන ලද සූත්‍ර දේශනාවක් ලෙස සංයුක්ත නිකායේ සක්ක සංයුත්තයෙහි එන සත්තවත පද සූත්‍රය පෙන්වා දිය හැක. එම සත්තවත පද ලෝවාසී හැමදෙනාගේ ම ජීවිත සාරවත් ජීවිත බවට පත් කරයි. ජාති, කුල, ආගම් භේදයකින් තොරව ලොව වසන සෑම කෙනකුටම මෙම ධර්ම කරුණු ජීවිත සාරවත් කර ගැනීමට උපකාරි වේ. එම සත්තවත පද නම්. දිවිහිමියෙන් මවුපියන් පෝෂණය කිරීම, දිවිහිමියෙන් කුලදෙටුවන් පිදීම, දිවිහිමියෙන් මිහිරි වදන් කතා කිරීම, දිවිහිමියෙන් කේලාම් නොකීම, දුරු කළ මසුරු මල ඇත්තකු වී දන්දීමෙහි ඇලුණු අයකු වීම, දිවිහිමියෙන් සත්‍ය වචන කතා කිරීම හා දිවිහිමියෙන් ක්‍රෝධ නොකිරීම ය. තමන් හැදූ වැඩූ මව්පියන් පෝෂණය කිරීම නුවණැති සත්පුරුෂයන් විසින් අගයන ලද්දකි. තමා කොපමණ කළගුණ දන්නෙක් ද, කළගුණ සලකන්නෙක් ද යන්න අන් අය විසින් මැන බලන ප්‍රධාන සාධකයක් වන්නේ මව්පියන්ට සලකන ආකාරයෙනි. එපමණක් ද නොව උතුම් පින්කමක් වන අතර, පරලොව සුගති පරායන වීමට තරම් ආනිසංස ලැබෙන පින්කමක් වශයෙන් ද මවුපියන්ට සැලකීම දක්වා තිබේ. සමාජයෙහි මෙන්ම තම පවුල්වල සිටින වැඩිහිටියන් පිදීම සෑම වැදගත් සමාජයක් ම අගයන ගුණාංගයකි. එමඟින් අන් අයට පිනක් මෙන්ම එම වැඩිහිටියන් වෙතින් අවවාද අනුශාසනා ලැබීමට ද හේතු වන්නකි. බුදුරජාණන් වහන්සේ වැඩ වසන කාලයේ වජ්ජි රාජ්‍යයේ පැවති සප්ත අපරහානීය ධර්මවලින් එක් කරුණක් ලෙසද මෙය දක්වා තිබේ. නිතර වැඩිහිටියන් පිදීම ආයුෂ, වර්ණ, සැප, බල, ලැබීමට හේතුවක් ලෙස ද සඳහන් වේ.


අධි ඇසළ අමාවක

ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ.
17 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]