[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ප්‍රශ්න මඟහරින්නට පුළුවන් අනුන් ගැන සිතන තරමටයි

ජීවිතයට ප්‍රශ්න ගැටලු උද්ගතවීම සාමාන්‍ය දෙයක්. එයින් මඟ හැර යන්නට කිසිවකු සමත් නැහැ. මෙසේ අප හමුවට එන ප්‍රශ්න හමුවේ දී කඳුළට ඉඩ නොදී මුවගට සිනා රැල්ලක් නගා ගැනීමට ඔබට ශක්තියක් තිබෙනවාද? සිතේ පවතින ආත්මාර්ථකාමී බව තුනී කොට ගන්නේ නම් එය එතරම් අපහසු නෑ. තමන් ගැන පමණක්ම සිතන අය සිතන්නේ ප්‍රශ්න ඇත්තේ අපට පමණයි කියලයි. ඒ නිසා සහනයක් සැනසිල්ලක් ලැබිය යුත්තේ අප පමණයි කියලයි. තවත් මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. ඒ නිතරම අපට ඇති ප්‍රශ්න ගැන පමණක් ම නොසිතා අපේ ජීවිතයේ සැනසීම ඇති කරුණු කාරණා ගැනත් සිහිපත් කළ යුතු බවයි. දෙපා නැති මනුෂ්‍යයෙක් දකින තුරුම ඔබ නිරතුරුවම පැමිණිලි කළේ පලඳින්න සපත්තු ජෝඩුවක් නැති බවටයි. මේ අදහස අප හොඳින් සිහියෙහි තබා ගත යුතුයි. මේ ආකාරයෙන් සිතන විට අපට පෙනෙන්නේ අපට වඩා අනන්ත අප්‍රමාණ දුක් කරදරවලට මුහුණපාන තවත් අය කොපමණ නම් සිටිනවා ද කියලයි. මේ අවබෝධයෙන් ම අපේ ප්‍රශ්න බොහෝ දුරට තුනීකර ගැනීමට හැකි වෙනවා.තම තමන්ගේ ප්‍රශ්න ගැන පමණක් ම නොසිතා සෙසු අයගේ ප්‍රශ්න, දුක් කරදර ආදිය ගැනත් මදක් හෝ සිතා බැලීම අපේ ජීවිතයට සැනසීමක් ලබා ගැනීමේ තවත් ක්‍රමයක් වන්නේ ය. යමෙක් අන්‍ය පුද්ගලයෙක් සතුටු කිරීම පිණිස තම කාලය, ශ්‍රමය, බොහෝ සෙයින් වැය කරයි නම් ඔහුට ඔහුගේ දුක් කරදර ගැන සිත සිතා සන්තාපයට පත්වීමෙන් වැළකිය හැකියි. මෙලෙස ඔබ කෙනකුට පිහිට වූ විට “මා කිසියම් වූ උපකාරයක් ඔහු හෝ ඇය වෙනුවෙන් සිදු කළා” යන සතුටු හැඟීමෙන් සිතට තෘප්තියක් ලැබීමට අවස්ථාව ලැබෙනවා. එවිට අපට අපේ ප්‍රශ්න අමතකව සිතේ කුසල චේතනාවක් වැඩෙනවා. එමඟින් අපේ සිතේ මෝහය සහ බිය වළක්වා ගත හැකියි.


අධි ඇසළ අමාවක

ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ.
17 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]