[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

චීනයේ ෆාෂියාන් පුණ්‍යභාරය චීන බෞද්ධ සංගමය, චීන බෞද්ධ විහාරස්ථාන, චීන බෞද්ධ ජනතාවගේ පරිත්‍යාගයෙන් ශ්‍රී ලාංකීය ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීමේ වැඩසටහන යටතේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 250කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම ඉකුත් (29) දා බුත්තල යුදඟනාව රාජමහා විහාරයේ දී සිදුකෙරිණි.

චීන බෞද්ධ ජනතාවගෙන් බුත්තලට වියළි ආහාර

චීනයේ ෆාෂියාන් පුණ්‍යභාරය චීන බෞද්ධ සංගමය, චීන බෞද්ධ විහාරස්ථාන, චීන බෞද්ධ ජනතාවගේ පරිත්‍යාගයෙන් ශ්‍රී ලාංකීය ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීමේ වැඩසටහන යටතේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 250කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම ඉකුත් (29) දා බුත්තල යුදඟනාව රාජමහා විහාරයේ දී සිදුකෙරිණි. මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්ග් හොන්ග් මහතා විසින් වියළි ආහාර ද්‍රව්‍ය තොගය ඔක්කම්පිටිය දෙමටමල් විහාරාධිපති මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද හිමියන්ට භාරදෙන ලදී. මෙම අවස්ථාවට ඓතිහාසික බුත්තල යුදඟනාව රාජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නා හිමියෝ ද වැඩමකර සිටියහ.


අධි ඇසළ අමාවක

ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ.
17 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]